තලවතුගොඩ ශ‍්‍රී ඥනාරාම භාවනා මධ්‍යස්ථානාධිපති මිරහවත්තේ පඤ්ඤසිරි හිමියෝ සිය උපන් ගම වන බණ්ඩාරවෙල මිරහවත්තේ විහාරස්ථාන දහ තුනකට , රෝහල් හතකට මිරහවත්තේ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයට හා එහි සිසුන්ට අවශ්‍ය භාණ්ඩ පසුගියදා බෙදා දුන්හ.
මිරහවත්තේ පඤ්ඤසිරි හිමියනට ධර්ම දේශනා පැවැත්වීමේ දී පිරිකර වශයෙන් පුජා කැරුණු භාණ්ඩ තලවතුගොඩ හා කොළඹ පරිත්‍යාගශිලින්ගෙන් ලැබුණු ඒවාය. භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නය.
මිරහවත්ත ශ‍්‍රී පුෂ්පාරාමයේදී මේ උත්සවය පැවැත්විණි. ප‍්‍රදේශයේ විහාරස්ථාන 13 කට ධර්මාසන, ත‍්‍රිපිටක ඇතුළු ධර්ම ග‍්‍රන්ථ, විදුලි පංකා, ගෑස් උදුන් ආදී අවශ්‍ය භාණ්ඩ ආදිය ද මිරිහවත්ත ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ පැවැති උත්සවයේ දී ප‍්‍රදේශයේ රෝහල් හතකට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කැරිණි.
ශ‍්‍රි දේවානන්ද විද්‍යාලයට අවශ්‍ය ක‍්‍රීඩා භාණ්ඩද තෝරාගත් පාසල් සිසුන් 250 දෙනකුට පාසල් උපකරණද තෝරාගත් අධ්‍යාපනික කුසලතා ඇති සිසුන් සඳහා දීර්ඝ කාලීන ශිෂ්‍යත්ව ද ,සෞඛ්‍යය අධ්‍යාපන ඒකකය හා පාසල් ප‍්‍රථමාධාර ඒකකය විවෘත කිරීම ද සිදුවිය. කොළඹ, හොරණ හා කුරුණෑගල ප‍්‍රදේශවලින් පැමිණි දායක දායිකාවෝ උත්සවයට ආහ.
කටයුතු මෙහෙයවනු ලැබුවේ ප‍්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය මහතා විසිනි.
කොළඹ සම්බුද්ධාලෝක විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියෝද ආචාර්ය රංග කලංසුරියද මේ උත්සවයට සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන දෙසන දේශපාලුවන්ට මතක් කර දෙමු අපිට මේවාගේ ගරු ස්වාමින්වහන්සේලා සිටිනා තුරු දේශපාලු බන ඕන නැති බව. (අ)
මේ වගේ උතුම් පින්කමක් සිදුකල මේ ස්වාමින්වහන්සේටත්, එයට අත හිත දී ධන පරිත්‍යාග කල සියලු පින්වතුන්ටත් ගොඩක් පිං.! හැමෝටම මෙවැනි දේ අදර්ශයක්ම වේවා.! (ර)
අපේම බුදධ පුත්‍රයෙක්, තමන් වහන්සේට ලැබුණ පිරිකර ටික නේද මේ දන් දීල තියෙන්නේ ? , හිමියනි ඔබ වහන්සේට නිදු නිරෝගී සුවය පතන අතරම උතුම් වූ නිර්වාණය අවබෝධ කොට ගැනීමට මේ උතුම් පිංකම හේතු වාසන වේවා (අ)
මේ කළා වූ උතුම් පිනෙන් අමාමහ නිවන් මාර්ගය ශාක්සාත් වේවා! (නි)
තණ්හාවත් ආශාවත් පළවාහරිමින් භවයෙන් භවයට පියවර නඟන ඔබවහන්සේ සුවපත් වේවා! නිවන් අවබෝධ වේවා! (නි)
මේ පුණ්‍යකර්මයට දායක වූ සියලු දෙනාටම පින්සිදු වේවා! (නි)
මෙන්න නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා ... (නි)