රුපියල් දෙකෝටි විසි එක් ලක්ෂ හයදාස් තුන්සිය තිස් එකක් වටිනා විදේශීය මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ වයස අවුරුදු 25,34 සහ 38 යන වයස් වල පසුවන මීගමුව, මාතලේ සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි රෙදිපිලි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.
මොවුන් තිදෙනා ලග තිබී අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යුරෝ එක් ලක්ෂ එක්දාස් පන්සීයක් සහ ස්විස් ෆ්‍රෑන්ක් තිස්හත් දහසක් තිබූ බව රේගුව කියයි.
මොවහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත. එහිදී තිදෙනාගේම ගුවන් ගමන් විස්තරය අනුව ඇති වු සැකයක් මත පරික්ෂා කිරීමේදී ශරීරයේ සගවා තිබු මෙම විදේශ මුදල් තොගය සොයාගෙන ඇත.
මෙම විදේශ මුදල් රෝස පැහැ කොළයක ඔතා එය කළු පැහැ ගම් ටේප් ගසා උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සගවා තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන පී.ඩබ්ලිව්.පී.කේ වෛද්‍යරත්න, එන්.වී චන්ද්‍රසිරි සහකාර රේගු අධිකාරීවරුන් වන සෙනාලි ලොකු බාලසුරිය, මනෝජ් සමරසේකර, මංජුල කුමාර හා චින්තක ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට යනකොට ඇත් දලත් හංගගෙන යායි.(හේ)
මෙහෙමත් අය ඉන්නවද? හිතන්නත් අමාරුයි. (හේ)
රේගුවේ මිතුරන්ට මගේ සුබ පැතුම්. මේ ව්‍යාපාරිකයෝ තුන්දෙනා කල දේ ඇහුවාම මතක් වෙන්නේ අර සත දෙකේ ලාබෙට කරදර වෙන්න බැහැ කියපු කිකිළිය කිව්වා වගේ මොන තරම් දුකක් මේ වෙනුවෙන් විඳින්න ඇත්ද කියලයි. (හේ)
ඒටීඑම් මොකටද කියලා හිතෙනවා.(හේ)
ලංකවෙන් හොයා ගත්ත අලුත්ම ඊසී කැෂ් ක්‍රමය මේකද?(හේ)
මෙන්න රේගුවේ දක්ෂ අවංක නිලදාරීන් , ඔබ සැමට මාගේ හද පතුලෙන් ස්තුතිය.(හේ)
මෙච්චර ප්‍රමාණයක් කොහොම හංගාගත්තද? (නි)
මේ දවස්වල ගුද මාර්ගය හොඳ ආදායම් මාර්ගයක් වෙලා (නි)
අනේ හැබෑටම! (නි)