IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙකෝටි විසි එක් ලක්ෂයක් රේගුවේදී එළියට

 රුපියල් දෙකෝටි විසි එක් ලක්ෂ හයදාස් තුන්සිය තිස් එකක් වටිනා විදේශීය මුදල් තොගයක් තම ගුද මාර්ගයේ  සගවාගෙන සිංගප්පූරුව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,   රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ වයස අවුරුදු 25,34 සහ 38 යන වයස් වල පසුවන  මීගමුව, මාතලේ සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි රෙදිපිලි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.

මොවුන් තිදෙනා ලග තිබී අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යුරෝ එක් ලක්ෂ එක්දාස්  පන්සීයක් සහ ස්විස් ෆ්‍රෑන්ක් තිස්හත් දහසක්  තිබූ බව රේගුව කියයි.

මොවහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත. එහිදී තිදෙනාගේම ගුවන් ගමන් විස්තරය අනුව ඇති වු සැකයක් මත පරික්ෂා කිරීමේදී ශරීරයේ සගවා තිබු මෙම විදේශ මුදල් තොගය සොයාගෙන ඇත.

මෙම විදේශ මුදල් රෝස පැහැ කොළයක ඔතා එය කළු පැහැ ගම් ටේප් ගසා උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සගවා තිබූ බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන  පී.ඩබ්ලිව්.පී.කේ වෛද්‍යරත්න, එන්.වී චන්ද්‍රසිරි සහකාර රේගු අධිකාරීවරුන් වන සෙනාලි ලොකු බාලසුරිය, මනෝජ්   සමරසේකර, මංජුල කුමාර හා චින්තක ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කරති.

 5  7



අදහස් (0)

දෙකෝටි විසි එක් ලක්ෂයක් රේගුවේදී එළියට

අසෝක Tuesday, 14 October 2014 05:15 AM

තව ඉස්සරහට යනකොට ඇත් දලත් හංගගෙන යායි.(හේ)

:       0       0

ලුම්බිණි Tuesday, 14 October 2014 05:44 AM

මෙහෙමත් අය ඉන්නවද? හිතන්නත් අමාරුයි. (හේ)

:       0       0

උපාලි Tuesday, 14 October 2014 06:29 AM

රේගුවේ මිතුරන්ට මගේ සුබ පැතුම්. මේ ව්‍යාපාරිකයෝ තුන්දෙනා කල දේ ඇහුවාම මතක් වෙන්නේ අර සත දෙකේ ලාබෙට කරදර වෙන්න බැහැ කියපු කිකිළිය කිව්වා වගේ මොන තරම් දුකක් මේ වෙනුවෙන් විඳින්න ඇත්ද කියලයි. (හේ)

:       0       0

සුජීව Tuesday, 14 October 2014 07:49 AM

ඒටීඑම් මොකටද කියලා හිතෙනවා.(හේ)

:       0       0

තිලක් Tuesday, 14 October 2014 08:01 AM

ලංකවෙන් හොයා ගත්ත අලුත්ම ඊසී කැෂ් ක්‍රමය මේකද?(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 14 October 2014 08:25 AM

මෙන්න රේගුවේ දක්ෂ අවංක නිලදාරීන් , ඔබ සැමට මාගේ හද පතුලෙන් ස්තුතිය.(හේ)

:       0       0

අසංග පිරිස් Tuesday, 14 October 2014 10:32 AM

මෙච්චර ප්‍රමාණයක් කොහොම හංගාගත්තද? (නි)

:       0       0

කාන්ති Tuesday, 14 October 2014 10:38 AM

මේ දවස්වල ගුද මාර්ගය හොඳ ආදායම් මාර්ගයක් වෙලා (නි)

:       0       0

මහින්ද Tuesday, 14 October 2014 11:51 AM

අනේ හැබෑටම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site