(ටී.කේ.ජී.කපිල )
දෙකෝටි අසූ ලක්ෂයක් ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 25 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු අද දහවල් 11.10 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු ගුවන් තොටුපොළ වෙත පිවිසීමේදී එහි ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණයේ දී ,මොහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම විදේශ මුදල් තොගය සගවා ගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු , මෙම පුද්ගලයා සමග ගමන් මල්ල ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
රේගු නිලධාරීන් විසින් මොහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන තිබූ යූරෝ , කටාර් රියාල් ,
ස්විස් ෆ්රෑන්ක් , ඩෙන්මාර්ක් ක්‍රෝනර් සහ සෞදි රියාල් තොගය සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකනේ රුපියල මෙතරම් බාල්දු වෙන්නේ...