වසන්ත දුක්ගන්නාරාලගේ විසිපස් වසරක කලාවේ ගමන්මග සනිටුහන් කරමින් " මං සිංහයාට බයයි නංගියේ " ගීත කෘතිය මෙන්ම "ඌ තමයි දුකා" කෘතිය එළිදක්වමින් පසුගියදා (02දා)පස්වරුවේ, කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී ප්‍රසංගයක් පැවැත්විණි. එහි සංගීතය සැපයුවේ මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ සංගීත කණ්ඩායමයි. එදින දුකාගේ පද රචනයෙන් ගීතවත් කළ ගීත සමුච්චය අතරින් රෝහණ බැද්දගේ, සේනානායක වේරලියද්ද, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, නිරෝෂා විරාජිනී, ඉරාජ් වීරරත්න, අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි, කුෂානි සඳරේඛා, අශාන්තිද අල්විස් , සුරනි ද මෙල්, සචිත් පීරිස්, ගයන්ත විජේරත්න, දුෂ්‍යන්ත් වීරමන්, චින්ති ප්‍රනාන්දු, රොමේෂ් සුගතපාල, අජිත් බණ්ඩාර, පේෂල විසුම්පෙරුම ගායනයෙන් රසගැන්වූසංගීතවාදී සන්ධ්‍යාවේ දසුන් කිහිපයක් මෙහි දැක්වේ.
සේයාරූ - චානුක කුලසේකර



































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd