කොළඹ දිසා අධිකරණයේ දික්කසාද හා ළමා භාරකාරත්වයේ නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණයක් අග විනිසුරු මොහාන් පිරිස් මහතා අද (24) විවෘත කළේය.
උත්සව සභාව අමතමින් අග විනිසුරු මොහාන් පිරීස් මහතා කියා සිටියේ පවුල් සංස්ථාව මිල කළ නොහැකි දෙයක් බවත් පවුල් සංස්ථාව බිඳ වැටීම ගැන කිසි කෙනකු සතුටු නොවන බවත්ය.
එවැනි අවාසනාවන්ත තත්ත්වයනට මුහුණ දී අධිකරණය වෙත පැමිණෙන්නන් හට ඉක්මනින් සහන සැලසීමට මේ විශේෂ අධිකරණ ශාලාව පිහිට වු බවත් අග විනිසුරු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රටවැසියන්ට එකම නීතියක් තිබිය යුතුය. (නි)
සමහර ගැහැනු හරි උද්දච්චයි. පවුල් හරියන්නෙම නැත්තේ ඒකයි. ඕවා දුරදිග ගිහින් ප්‍රශ්න උච්ච වෙලා, ගැහැනිය දානවා නඩත්තු නඩුවක්. ලොකුකමට උසාවි නියෝගයකින්ම ගන්නවා සල්ලි. ඔහොමත් අවුරුදු ගණන් ගෙවනවා. හැබැයි දික්කසාදය ගැන කතාවක් නැහැ. මම දෙන්නෙ නැහැ දික්කසාදෙ කියලා තමයි සමාජයට කියන්නේ. හරිම වෛරී අදහස් තියෙන්නේ. සමගියක් පේන තෙක් මානෙකවත් නැහැ. දෙයියනේ දැන්නම් විදෙව්වා ඇති කියලා පිරිමියා දික්කසාද වෙන්න ගියාම උසාවි වල අවුරුදු ගණන් ගන්නවා සමගි කරන්න කියලා. ඒක ඊට වඩා වදයක් නම් ඒ මනුස්සයට මොකද වෙන්නේ. මොන සමගිද වහ බොනවා ඇරෙන්න. අනික අපේ දික්කසාද නීතිය දරදඬු වැඩියි. ඒකට අනුව දික්කසාදයක් ගන්න හරි අමාරුයි. ඒ නීතිට අදට ප්‍රායෝගික මදි. (නි)
ලංකාවේ තිබෙන අධිකරණ පහසුකම් මදි එමනිසා තමඊ නඩු අවරුදු ගන්නන් ඇදෙන්නේ සහ මිනිස්සු බොරුවට රස්තියාදු වෙන්නේ , (අ)
වයස 18-20 දි යාලුවෙලා, පෙරොන්දු කඩකරන්න අකමැති නිසා කසාද බැඳපු නූගත් ගැහැනු බැඳපු උගත් පිරිමින්ට තමා මේ තත්වය බරපතල. ඒ මිනිස්සුන්ට ගැහැනියක් ඇත්තේත් නැහැ. දරුවො දෙන්නෙත් නැහැ. මාසයක් ගානේ සල්ලි ගෙවනවා විතරයි. දික්කසාදෙ ගන්නත් බැහැ. පෙරේරා කිව්වා වගේ අවුරුදු ගණන් නඩත්තු ගෙවනවා නම් දික්කසාදය ගන්න පුළුවන් විදියට නීති වෙනස් කරන්න ඕනෑ. (නි)
ගරු අගවිනිසුරු තුමාට මාගේ ප්‍රණාමය! දිගු කාලයක පටන් සමාජ ගතව පැවති ගැටලුවකට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට ක්‍රියා කිරීම අගය කල යුතුයි. "දික්කසාදය හා ළමා භාරකකරත්වය" යන්නෙන් "ළමාභාරකරත්වය" සම්බන්ධයෙන් විවිධ ගැටළු මතු වන බවද රහසක් නොවේ. මෙහිදී උසාවි නියෝග පවා නොතකමින් පිරිමි පාර්ශවය විසින් දරුවන්ගේ නඩත්තු මුදල්ද නිසි ලෙස නොගෙවීම වැනි කරුණු වලට නැවත නැවතත් කාන්තාවන්ට පොලිසි හා උසාවි වල රස්තියාදු වීමට සිදුවන අවස්ථා බොහෝයි. විවාහ වී අලුත තම සැමියන් ගේ කීම අසා, තමන් කරමින් සිටි රැකියාවන් වලින් පවා ඉවත් වූ බිරින්දන්ට මේ අවස්ථාවේ ඇතිවන මුදල් අර්බුදය හා අනෙකුත් සමාජමය ගැටළු තනිව විසදා ගැනීමටත් සිදුවන නිසා ඒ සඳහා කෙටි වුත් ක්‍රමවත් වුත් නිසි වැඩපිළිවෙලක් යෙදීමත් මහත් සහනයක් වනු නොඅනුමානයි. (අ)
ඔන්න ඕක නිසා තමයි මම දික්කසාද නොවී ඉන්නේ. උසාවි ගානේ රස්තියාදු වෙන වෙලාවේ මගේ දරුවෝ වෙනුවෙන් කියක් හරි හොයා ගන්නවානේ. උන්ගේ ඉදිරි අනාගතේ හදන්න එකෙන් මට පුළුවන් උනා මන් ජිවිතේ ජය අරන් මගේ දරුවොත් දිනෙව්වා..!!! දැන් මට කව්රු හරි කියන්න.., මන්'' හරිද '' ''වැරදිද'' කියල ..!!!! අද මට කසාදෙත් තියෙනවා,, ගෙවල් දොරවලුත් තියෙනවා,, දරුවොත් හොදට ඉන්නවා,, මමත් හොදට ඉන්නවා !!! මගේ මහත්තයත් හොදින් ඉන්නවානේ ......????(නදී)
කිසියම් සාධාරණ කාලසීමාවක් නඩත්තු ගෙවමින් පවතිනවා නම් හා සාධාරණ කාලසීමාවක් වෙන්ව ජීවත් වේ නම එකී නඩත්තු ගෙවන පාර්ශවයට දික්කසාද ලබාගැනීමට හැකි විය යුතුය යන්න ඉතා සාධාරණය යන්න මාගේද අදහසයි. (නි)
මේ ප්‍රතිචාර වලින්ම පේනවා මිනිස්සු කොච්චර පීඩනයකින් ඉන්නවද කියලා. දරුවන්ගේ පැත්තෙන් බැලුවද, වඩා හොඳ තත්වයෙන් සිටින්නේ වෛරයෙන් පෙලෙමින් අම්මා, තාත්තා විසඳුමක් නැතිව කැකෑරෙමින් සිටින පවුලක දරුවන්ද, නැතහොත් වන්දියක් හො නඩත්තුවක් ගෙවා ගැටළු නිරාකරණය කරගෙන සිටින පවුලක දරුවන්ද යන්න විමසා බැලිය යුතුව ඇත. (ස)
මෙතරම් දික්කසාද නඩු එන්නේ,සිංහල අයගෙන් පමණි,කාරණය එමිනිහ බේබද්දවගේ බීල ගෙදර එවිත් ගෙහෙනිට ගහනවා,මෙහෙම මිනිහෙක් එක්ක කොයි ගෑනිද ඉන්න කැමති ?
අද තියෙන නීතියෙන් කියන්නේ නඩත්තු ගෙවනවා නම්, දික්කසාද නඩුවක් දාලා දික්කසාදය ගන්න කියලනේ. ඒකෙ කරුනු ඔප්පු කරලා දික්කසාද වෙන එක අදට ප්‍රායෝගික මදි. සාධාරණ කාලසීමාවක් නඩත්තු ගෙවමින් පවතිනවා නම් එකී නඩත්තු ගෙවන පාර්ශවයට දික්කසාද ලබාගැනීමට හැකි ලෙස නීතිය වෙනස් වියයුතුයි. ඒක හරිම සාධාරණයි. මිනිස් ජීවිත විනාශ කරමින්, නාමික කසාද පවත්වා ගෙනයාම තේරුමක් නැත. (නි)
මේකෙන් පෙනෙන දේ තමා ලංකාවේ දික්කසාද වැඩි වීම.මමත් දිලාන් කියන එකත් එක්ක යම්තාක් දුරට එකගයි.ඒත් මේ දික්කසාදය රෝම ලන්දේසි නීතිය විදහා දක්වන්නේ නැහැ.ළමයි ඉන්නවා නම් දික්කසාදය වෙනුවට බහු විවාහයට අවසර දීම හොදයි. කරුණාකරලා හොද සංවාදයක් ගොඩනගමු මේක ගැන (නි)
හොදයි (නි)
මෙම වැඩ පිළිවෙළ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන්න (නි)
දික්කසාදය, නීති අතුරෙන් හොදම නීතියක්.හේතුව තමන්ට එක වහලක් යට ජිවත් වෙන්න බැරිනම් ඉක්මනට ඉවත් වෙන්න.ජීවිතය ඉතාම කෙටිය.කෙතරම් නම් කාන්තාවෝ හා පිරිම්යෝ ඉන්නවද, දික්කසාදයට සත්‍ය හේතුන් උසාවිය ඉදරියේ කියා ගන්න ලැජ්ජාවේ.(අ)
බහු විවාහ මහ මෝඩ කතාවක්. ප්‍රායෝගික නැහැ. දික්කසාදෙ ඉල්ලන්නෙ හැමෝම නැවත බඳින්න නෙමෙයි. සැනසීමෙ නිදහසේ ජීවත් වෙන්න. (ස)
ඉක්මනට ඉවත් වෙන්න බැරි එකනෙ මිනිපෙ වැඩේ. ඉක්මන් කෙසේ වෙතත් අවුරුදු ගණන් නඩත්තු ගෙව ගෙවා හිටියත් අයින් වෙන්න නීතියෙන් ඉඩක් නැති එකයි ප්‍රශ්නේ. (ස)
රට යන අත.මම අද දැක්ක ලංකාවේ නාලිකාවක යන වැඩසටහනක් එකේ තව නළුවෙක්ව කතා බහට ගන්නවා. අපි අර වඩයක් කනගමන් ඉස්සර කතා කරපු කිසිම හසරක් නැති දේවල් තමයි එයාලත් කතා කරන්නේ. ඔයාට ගැහැණු ළමයෙක් ඉන්නවා නේද නැහැ මල්ලි,තවම මම තනිකඩය එතකොට අර පරණ එක්කනා.... බොරු කියන්න එපා,අපි දැක්කා.. කිසිම හිරිකිතක් නැතිව තමන්ගේ ගෙවල් වල දේවල් රටටම කියනවා. ඉතින් පවුල් කැඩෙන්නේ නැති වෙයිද. හෙම නලින්,ප්‍රේමකීර්ති වගේ අයට මල් තියන්න ඕනේ එකයි උන් අපේ සමාජයට වැදගත් යමක් එකතු කලා අපේ පොඩි උන් පවු .....(නදී)
පෙරේරා, ඔබේ මතය සියයට සීයක්ම නිවැරදියි. ඔබ මේ ගැන අධ්‍යයනය කළ හෝ මේ පරිප්පුව කාපු කෙනෙක් වගෙයි පේන්නෙ. ලංකාවේ දික්කසාදය වෙත යොමුවන පිරිමින් හරිම අසරණයි. (නි)
මේ ප්‍රශ්නය අගවිනිසුරුතුමා තේරුම් ගැනීම ලොකුම දෙයක්. (නි)
අනේ චන්දි, කොහොමහරි ගැටගහගෙන ලෝකෙට පේන්නහරි ඉන්න පුළුවන් නම් දික්කසාද වෙන්න කියනන්නෙ නැහැ කාටවත්. ඔයාවගේ ලෝකෙට පේන්නහරි ඉන්න කියනවා. අපි මේ කතාකරන්නේ ඉන්න බැරිම වුණාම කරන්න තියන දේවල් ගැනයි. අනික ඔයා නඩත්තු නඩු එහෙම දාලා නැතුව ඇතිනෙ මහත්තයට විරුද්ධච නේද? අපි කියන්නනේ ඊටත් පස්සෙ කතාවක්. (නි)
දික්කසාද විතරක් නෙමෙයි, ඕනෑම ප්‍රශ්නයක් ඉක්මනින් විසඳගන්න පුළුවන් නම් කොච්චර හොදද? කවුරුහරි කෙනෙක් ඒකට කැමති නැහැ කියන්නේ කුහකකම. පළිගැනිමේ චේතනාව.දුෂ්ඨකම, එහෙම නැත්තම් වැරැද්ද එයාගෙ. එහෙම නැත්තම් තමනුත් අමාරුවෙ වැටිලා හරි අනිත් මනුස්සයවත් නැතිනාස්ති කරන්න තිබෙන පහත් ආශාව. ඕක තමයි සරල සත්‍යය. ඔයවැනි චර්යාවන් තියෙන්නේ අපි වගේ ආසියාතික රටවලයි බොහෝවිට. (නි)
ලයනල්,ඔයත් දික්කසාද වෙලාද? නැත්නම් මොනවා හරි බල සේනාවකට සම්බන්ධද? කරුණු තේරුම් අරගෙන නැත්තේ ඔයා තමයි.නිවැරදිව ධර්මානුකුලව ජීවත් වෙන අය අතින් සමාජයේ වැරදියි කියන දේවල් වෙනවා ගොඩාක් අඩුයි.අද ඉදලවත් ඔයා හරියට ඉන්න බලන්න.අඩුම තරමේ උසාවියට තව වැරදි කරන එකෙක් අඩුවෙයි. (නි)
ඉඩම් නඩු වලටත් සාධාරණයක් කරනු මැනවි. මගේ ඉඩම් නඩුවට දැන් අවුරුදු 21 ක්. (නි)
මට පෙනෙන හැටියට මෙහි අදහස් දමන අයගේ පවුල් වලද යම් යම් විරසකවීම් ඇති හැඩයි (නි)
අපේ ගොඩක් උදවිය විවාහ වෙන කෙනාගේ ගතිගුණ තමන්ට ගැළපෙනවද බලන්නේ නැහැ. බලන්නේ වෙන වෙන මනස්ගාත.මොනවා තිබුනත් මොකටද අදහස් ගැළපෙන්නේ නැතුව.ඉතින් කසාද බඳිනවා. කෙළවරක් නැති අවුල්. හිතේ සතුට නැහැ. ඊළඟට දික්කසාදෙට යනවා.ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි.කවදා මිනිස්සු මේවා තේරුම් ගනීද දන්නේ නැහැ. අහන දකින මිනිස්සුන්ටත් ඇතිවෙන්නේ කම්පාවක්. (නි)
මොහාන්, ඉස්සර අපි අහලා තියෙනවා එක පාසලක් වැහුවොත් හිරගෙවල් දහයක් අරින්න වෙනවා කියලා කතාවක්. ඉතින් දැන් ලංකාවේ පාසල් වහන තරමට හිරගෙවල් ඇරෙන්නත් ඕනෑනේ. (නි)
මොහාන් පවුල් ප්‍රශ්න සංකීර්ණයි. ධර්මයෙන් ඉන්න අනේ කියලා විසඳන්න බැහැ. සමාජය ගැන මීට වඩා අවබෝධයෙන් සිටින්න. නීතිය කියන්නේ හැගිම්වත්, දහමක්වත් නෙමෙයි. එය නීතියයි. හැමෝටම එක විය යුතුයි. (ස)
මොහාන්ගෙ තියෙන්නෙ ඉඩම් නඩුවක් හින්දා එයාට ඒක ඉක්මනට විසඳගන්න ඔනෙ. හැබැයි දික්කසාද වෙන්න බැරුව දුක්විඳින අය ප්‍රශ්න ඉක්මනට විසඳ ගන්නවට හරි හිතට අමාරුයි. (ස)
ඔව් මාධවී, හැටමෝම එකම මට්ටමේ බුද්ධියක් නැහැ. විශ්ලේශනය කිරීමේ හැකියාවකුත් නැහැ. කරුමය කියන එකත් ඕකට එකතු වුණහම ගැළවෙන්නම බැරි වෙනවා. අනික බඳින්න කලින් රඟපානවා හුඟක් අය. බැඳලා ටික දවසකින් යථාතත්වයට ආවමයි තේරෙන්නෙ බැඳලා තියෙන්න යක්ෂණියක් කියලා (නි).
මොහාන් වගේම පටු හා ආත්මාරුථකාමී විධියට තමයි සමහර ගැහැනුත් හිතන්නේ. තමන්ට හරියට පවුල් කන්න බැරි නම් අනිත් මනුස්සයත් මැරෙනකම් නඩත්තු ගෙවපන් විඳවපන් දික්කසාදෙ නම් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද බයයි අනිත් මනුස්සයා හොඳින් ජීවත්වෙයි කරුමෙන් ගැලවුනාට පස්සෙ කියලා. (ස)
ඒ කියන්නේ එතරම් දික්කසාද පෝලිමක් ලංකාවේ තියෙනවා?මේවට අපේ නව රැල්ලේ ටෙලිනාට්‍ය කලාකරයොත් මෙගා ටෙලි හදන කට්ටියත් වගකියන්න ඕනෑ. මේවට ගොඩක් උදාහරණ සපයන්නේ මේගොල්ලන් තමයි (නි)
නිල මල්ලි ඔයා හරි ලෝකෙට පෙන්න තමා ඉන්නේ දරුවෝ දෙන්නගේ රාජකාරි කෙරෙන දවසක (ඉදිරියේදී)මව් පිය දෙපළම ඕන නිසාත් හැම ප්‍රස්නයක්ම අමතක කලා.., ඔයා ගැන දුකක් හිතුන ඔයා මෙවැනි දේකට මුහුණ දෙන කෙනෙක් බව දැනුන මල්ලියෝ මන් ලියපු දේට හිත රිදුනා නම් මට සමාවෙන්න මමත් ගොඩක් දුක් විදපු කෙනෙක් මගේ ජිවිත කතාව ඇහුවොත් ඔයාලට පුදුම හිතෙයි මන් මගේ දුක පන්නරය කරන් ඒක ශක්තියක් කරන් දහිරියෙන් ජිවිතේ ගොඩගත්තා (අ)
අග විනිසුරුතුමා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික අඩුපාඩුකම් ගැන නිතර හොයා බලා කටයුතු කරනවා වගෙයි. ඉතාම සතුටුයි. මේ වගේම ප්‍රමාදකාරී තත්වයක් තිබෙනවා මහේස්ත්‍රාත් උසාවිවල නඩත්තු නඩු ඇසීමේදීත්. නඩත්තු නඩුවල තීන්දුව දෙනකොට නඩත්තු ඉල්ලපු අම්මලා දරුවෝ කන්න නැතුව මැරී සිටි අවස්ථා වාර්තා වී තිබෙනවා. "යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටුනොවීමයි" කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. (නි)
ඔව් මාදව්..!! අපේ අදහස් ගැලපෙනවද කියා බැලුවේ නැති නිසා ගොඩක් දුක් වෙන්න වුනා ඔබ හරි (ජිවිතේ තියෙන්නේ විදින්න මිසක් -විදවන්න නොවේ ) කියෙන් කි දෙනාද .., ''මාදවී '' ජිවිතේ විදින්නේ (මන් දැන් ගොඩක් පින් කරනවා ලබන ආත්මේ වත් ජිවිතේ විදින්න ලැබෙන්න කියල (නිල් මල්ලි ඔබ හරි -යක්ෂයෝ වගේ මිනිස්සුත් ඉන්නවා) (අ)
එතකොට සමාදානෙන් දෙන්නගේ කැමැත්තෙන් වෙන් වෙනකොටත් මේ අලුත් උසාවියට යන්න ඕනේ ද?සමාදානයෙන් දෙන්නගේ කැමැත්තෙන් වෙන් වෙද්දී මොනවද අනුගමනය කල යුතු දේවල්, දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද? (ස)
බොහෝ ප්‍රශ්න වලට හේතුව අධික මානයයි.මානය මිනිසාට බොහෝ දේ අහිමි කරයි (නි)
නීල්..දහම මඟින් හැගීම් පාලනය වෙනවා..හැඟිම් පාලනය කරන්න පුලුවන්නම්, නීතියේ අවශ්‍යතාවය ගොඩාක් අඩු කරගන්න පුළුවන්..දැන් සමාජයේ ධර්ම සාකච්ඡා වල පොදු මාතෘකාව වෙලා තියෙන්නේ පවුල් සංයුතිය ගැන නේද? හේතුව දැන්වත් තේරෙනේවද? බොහෝ වේලාවට දෙන්නෙක් කසාද බඳින්නේ ගොඩාක් තේරුම් අරගෙන.ප්‍රශ්න සංකීර්ණ කරගන්නේ හරි අවබෝධය නැති නිසා.ධර්මයෙන් කියලා දෙන්නේ හරි අවබෝධය..දැන් බලන්න සමාජය ගැන අඩු අවබෝධය ඔයටද මටද කියලා? (ස)
මෙය මානව හිමිකම් ආරක්ෂා කිරීමකි. දැනට ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව දික්කසාදය ලබාගැනීම ඉතා දුෂ්කර මෙන්ම කල් ගතවනා යල්පිනූ ලොව දියුණූ රටවල මිනිසුන් මවිත කරවනා තරම් අපහසු කටයුත්තකි. පවුල කියන දෙය කුමන හෝ හේතුවක් මත අපායක් නම් ඉන් අත් මිදීමට හැකිවිය යුතුය. දික්සාදය ලබාදිම දුෂ්කර කරවූවා කියා හෝ එය ලබාදීම ප්‍රමාද කරවූවා කියා හෝ සමගි වී කිරියි පැණියි මෙන් සිටිනා පවුලක් මානම් දැක නැත. අප නීතියේ පවතින මෙම දැඩි ස්වභාවය නිසා මා නම් දැක ඇත්තේ, ජීවිතය කලකිරී මලානික මුහුනින් යුතුව නඩත්තු ගෙවන්න උසාවි යන, ක්ෂනික කෝපය නිසා ඇතිවන මිනි මැරුම්, වැනිදෑයි. (නදී)
උපාලි දන්නවද? ශ්‍රී ලංකාවේ පවතින නඩත්තු පනත අනුව දික්කසාද නොවී මහේස්ත්‍රාත් උසාවියක නඩත්තු නඩුවක් ගොනුකර නඩත්තු ලබාගත හැකියි. සාමාන්‍යයෙන් මෑතකාලීන ප්‍රවනතාවය ස්ත්‍රි පාර්ශවය කිසිදු රැකියාවක් නොකර, ඇයට අති සුඛෝපභෝගී ලෙස ජීවත්වීමට හැකිවන ලෙස විශාල නඩත්තුවක් ඉල්ලා නඩු පැවරීමයි. නැතහොත් දරුවන් සිටී නම් ඔවුන්ගේ වියදම් අතිශයෝක්තියෙන් පෙන්වා නඩත්තු ලෙස විශාල මුදලක් ලබා ගැනීමයි. සරල උදා. ගතහොත් ලංකාවේ උපාධිධාරියෙකුගේ වැටුප රු. 20,000 හෝ 30,000 විය හැකිය. නමුත් කිසිදු උගත්කමක් නැති කසාද බැඳපු ස්ත්‍රීන් රු. 20,000 - 30,000 නඩත්තුවක් කිසිදු කරදරයකින් තොරව ලබාගනී. (නි)
දැනට ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව දික්කසාදය ලබාගැනීම ඉතා දුෂ්කර මෙන්ම කල් ගතවන යල්පිනූ ලොව දියුණූ රටවල මිනිසුන් මවිත කරවනා තරම් අපහසු කටයුත්තකි. මේ නිසයි මා යෝජනා කරන්නේ කිසියම් වසරක් වැනි කාලසීමාවක් නඩත්තු ගෙවමින් පවතිනවා නම් හා වෙන්ව ජීවත් වේ නම් එකී නඩත්තු ගෙවන පාර්ශවයට දික්කසාද ලබාගැනීමට හැකි විය යුතුය යන්නයි. මෙය එතරම් කතිකාවකට බඳුන් නොවූ ප්‍රශ්නයක් වුවත් අද වනවිට අප රටේ බොහෝ පිරිසක් විදවමින් පවත්නා තත්වයකි. “ පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී” වාගේම දුක් විඳින පිරිමින් කෙරෙහිද මීට වඩා නිතිය සාධාරණ විය යුතුය යන්න මාගේ අදහසයි. (නි)
ස්තූතියි සර්. ඔබ කර ඇත්තේ ඉතා ප්‍රායෝගික දෙයකි (නි)
අග විනිසුරුතුමනි, ඔබතුමාට මේ කරගත්ත පිංකමම ඇති. (නි)
මා සදහන් කරන්නේ දික්කසාද වී නැවත විවාහවීමක් ගැන නොවේ. තමාට නිරවුල් මානසික නිදහසකින් නිවසේ ගතකළ නොහැකි නම්, දරුවන් ඉදිරියේ පවා නිරතුරු රණ්ඩු සරුවල් කරයි නම්, ඉන් නොනැවතී උසාවි ගොස් නඩු පවරා මුදල් ලබාගනී නම්, මෙවැනි තත්වයට ගිය පසු හෝ දික්කසාදය ලබාගෙන ගැටුම් වලින් අත්මිදී සිටීමට නීතියෙන් අවසර නැතිවුවහොත් එකී පුද්ගලයාට යන කලදසාව කුමක්ද? වටිනා උගත් රටට වැඩක් කළ හැකි බොහෝ ජීවිත මීවිතට යොමුවීම, මානසික ආතතියට ගොදුරුවීමෙන් අකාලයේ මියයාම සිදු නොවේද? මෙය මතුපිටින් පෙනෙනවාට වඩා අතිශය පීඩාකාරී තත්වයක් වන නිසා, වහ වහා විසදුමක් නීතිය මගින් ලබාදියයුතුව ඇත. පුළුල් මනසකින් යුතුව මෙම ප්‍රශ්නය දෙස බැලියයුතුය. (නි)
දියුණු රටවල මිනිස්සු දික්සාද වුණත් යාලුවෝ වගේ ඉන්නවා. නැවත ඒ අයවම බඳින අයත් ඉන්නවා. ඒකට අපේ. උසාවි යන්න ගත් දා ඉඳලා නයි පොළොන්ගු වගේ. පවුල් පිටින් ගම් පිටින් මරාගන්නේ. ඒකට හේතුවත් අනවශ්‍යයි. ප්‍රමාදවීම් හා බොරු රස්තියාදුව තමයි. බඳින්න වගේම එකට ඉන්න බැරිනම් ලෙහන්නත් පුළුවන් වෙනන ඕනෑ. (නි)
ධර්මය එපා කියලා නෙමෙයි පුන පුනා කියන්නේ. යාළුත්වෙලා, කසාදත් බැඳලා, තේරුම් ගන්න උත්සාහත් කරලා, කැපකිරීමුත් කරලා, ඒ ඔක්කොම වතුරේ ගියාට පස්සේ ගැහැනිට උසාවි ගිහින් නඩත්තු නඩුත් දාලා දෙන්නා දෙපැත්තට වෙලා ඉන්නත් ගත්තට පස්සෙවත් කල් මරන්නනෙ නැතුව දික්කසාද වෙන්න පුළුවන් විධියට නීති සම්පාදනය කරන්න කියලයි මේ කියන්න උත්සාහ ගන්නේ. මොහාන්ට නොතේරුනාට අගවිනිසුරුතුමාට මේක තේරෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
මෙල්වින් ඔබ හරි. නඩත්තු ගෙවන විට සැමියා හා බිරිඳ ස්ථාන දෙකක ජීවත්වීම ප්‍රායෝගිකව දැකිය හැක. එවිට සැමියකුට නාමිකව බිරිඳක් සිටියාට ඇගෙන් කිසිදු යුතුකමක් ඉටුනොවේ. බොහෝවිට දරුවන්ද මව ලඟ තබාගැනීම නිසා දරුවන්ගෙන් හෝ කිසිදු සහනයක් පියෙකුට හිමි නොවේ. නාමිකව කසාදය තිබීමත්, සල්ලි ගෙවීමත් පමණක් කර, කුලියට සිටිමින්, කඩවලින් කෑම ගනිමින් සිටිමට බොහෝ පිරිමින්ට සිදුවේ. මෙහි ඇති භයානකම තත්වයනම් සමහර ස්ත්‍රීන් දැඩි වෛරී ස්වභාවයක් පෙන්නුම් කරමින් වෙන්ව ජීවත් වෙමින්, මුදල් පමණක් කලට වේලාවට උසාවි නියෝග මාර්ගයෙන් ලබා ගත්තද, පුරුෂයාගේ ඉතිරි ජීවිත කාලයද විනාශකිරීමේ පරමාර්ථයෙන් දික්කසාදය නොදී සිටීමයි. (අ)
ඉක්මනින් සහනය කියන්නේ,ඉක්මනින් දික්කසාදේද ???? ධර්මානුකුලව ජීවත් වෙනවා නම් මේ වගේ තව උසාවි අරින්න ඕනෑ නැහැ.උසාවි වැඩියි කියන්නේ නඩු වැඩියි. නඩු වැඩියි කියන්නේ අපරාධ වැඩියි. ධර්මය පිරිහිලා.මිනිස්සු වල් වැදිලා.අතරමං වෙලා.කෝ මේ බල සේනාවන්? සියලුම බලසේනාවන් තේරුම් ගන්න ඕනෑ රටේ ඇතිවෙලා තියෙන තත්වය. (නි)
මොහාන් ඔයා හරි බොලඳයි. එහෙම කරලා පවුල් සමගි කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? තමන්ට යමක් ගැන හරි අවබෝධයක් නැත්නම් කටපියාගෙන ඉන්න එක තමයි වඩා හොඳ. (නි)
නීල්, ඔබට මං කියපු දේ තේරිලා නැහැ වගේ. මම කිව්වෙත් මහේස්ත්‍රාත් උසාවිවල නඩත්තු නඩු ගැන තමයි. දික්කසාද නඩු දැමිය හැක්කේ මහේස්ත්‍රාත් වෙත නොව දිසා අධිකරණයෙයි. නඩත්තු ඉල්ලන්න දික්කසාද වෙන්න ඕනෑ නැහැ නේන්නම්. නඩත්තු නඩුවල තීන්දුව දීම ප්‍රමාදවීම නිසා අසරණ ගැහැනුන්, දරුවන් මියගිය අවස්ථා ගැන වාර්තාවී තිබුණා. අගවිනිසුරුතුමා ඒ ප්‍රමාදයන් ගැනත් සොයා බලනවා නම් ඉතාම වටිනවා යන්නයි මා අදහස් කලේ. ඔබ කියන පරිදි ඉල්ලන ඉල්ලන ගණන් හම්බවෙන්නේ නැහැ ඒ ගැහැනුන්ට, දරුවන්ට. දෙපැත්තේම වාද විවාද අහලා මහේස්ත්‍රාත්තුමා තමයි සාධාරන මුදලක් තීරණය කරන්නේ. පෙරේරා, ඔබේ විග්‍රහය විශිෂ්ටයි. (නි)
අවර ගණයේ ටෙලිනාට්‍ය වලටද වරෙන්තු යැවිය යුතුය. (නි)
බොහෝ දික්කසාද වීමට ප්‍රධාන හේතුව අනවබෝධය කියලයි මට හිතෙන්නේ. නවීන පරපුර විවාහය ගැන වඩා දුර හිතන්නේ නැහැ.තීන්දු තීරණ ගන්නේ දුර දිග නොබලයි. පසුව පසුතැවිලි වෙනවා. කෙලවර වෙන්නේ දික්කසාදයෙන්. (ස)
සාමාන්‍යයෙන් ලංකාවේ ගැහැනියක් දිහානේ අනුකම්පාවෙන් බලන්නේ. මේ කතාකරන්නේ ඒකෙ අනිත් පැත්ත ගැන. මම කියන්නේ අනුකම්පාව ලැබිය යුතු පිරිමිත් ඉන්නවා කියන එක. නීතිය දෙපැත්තටම සාධාරණ වියයුතුයි. සමහර ගැහැණු හිතන්නේ පතිවත රැකගැනීම පමණක් විවාහය පවත්වා ගැනීමට ප්‍රමානවත් කියලා. මම හරි අහිංසකයි, 100% හරියි කියන්නේ එම පදනමේ ඉඳලා විතරයි. නමුත් ප්‍රායෝගිකව හරි අමාරුයි පවුල් ජීවිත ගත කරන්න. සමහරු යක්ෂණියො වගේ නපුරුයි. ඉවසිමක් ඇත්තෙම නැහැ. වයසට යන්න යන්න තත්වය දරුණුයි. මනුස්සයා මොන පොඩි රස්සාව කළත් තමන්ට උපරිම විදියට ඉන්න සල්ලි ඕනෑ. බැඳපු ගැහැනිය නූගත්නම්, සමාජය ගැන අවබෝධයක් නැත්නම් ඒකටත් බැටකන්න ඕනෑ පිරිමියා. (නි)