දඹුල්ල වෑවල පදිංචි අයි.ජි. මල්ලිකා (50) මහත්මිය සිය 25 හැවිරිදි දියණිය ජිවත් කරවන්නේ ඉතා අපහසුතා මැදය. උපන්දා සිට ආබාධිතව සිටින මේ දියණිය කුඩා කාමරයක දමා මේ අම්මා පලාවර්ග හා දොදොලයක් හැඳි ගා ගෙයින් ගෙට ගොස් විකුණා ඇය ජිවත් කරවන්නීය . මනස මනස සෙමෙන් වැඩීම නිසා ඇය දන්නේ ආහාර ගැනීම පමණකි. එකවේලකට ඇයට හාල් කිලෝවක බත් හෝ පාන් රාත්තල් 2 අවශ්‍ය බව ඇයගේ මව කියයි . ඇයට පිගානක ආහාර දුන්නද එය බිමට දමාගෙන ආහාරයට ගන්නා අතර සියලු දේ මේ කාමරයේ සිදුකරයි. පිරිසිදු කිරීම් මව කරයි.
මේ පවුලට උපකාර කිරීමට කැමති අයෙකු සිටීනම් නම් 0665611220 අංකයට අමතා ඔවුන් සම්බන්ධකර ගත හැකි අතර මුදලක් මුදලක් ලබා දීමට අවශ්‍ය නම් මහජනබැංකුවේ දඹුල්ල ශාකාවේ අයි .ජි .මල්ලිකා ජයලත් ගේ අංක 138-2-001-7-5427107 දරන ගිණුමට බැර කළ හැක.
(බොහෝ ඡායාරූප හා වීඩියෝ ඇතත් මාධ්‍ය ආචාරධර්ම නිසා එම ඡායාරූප හා වීඩියෝ පළ නොකරන බව කරුණාවෙන් සලකන්න)


COMMENTS
අපිට යම් නිරෝගී ජීවිතයක් සමග නිරෝගී දරුවන් මේ භාවයේ දායාද වුණේ ඒ අප පෙර ආත්ම වලදී කරගත් කුසල කර්මයන් අනුවයි..? මේ අසරණ කාන්තාවට එදා සිටම මේ රෝගී දියණියව මහා මග දමා නොගොස් ළමා නිවසට නොපන්නා. ඇගේ දහදිය මහන්සියෙන් දහදුක් විදිමින් ඒ රෝගී දියණියව අරාක්ෂා කරන්නේ ඇයත් අප වන් දරු සෙනෙහක් ඇති අම්මෙකු ඉනිසාවෙනි ..? මෙය කියවන ඔබ මා අපි හැමෝම මෙම දිරිය කාන්තාවට යම් මුදලක් යවා ඇයට ආදායම් මාර්ගයක් සදා ගැනීමට උපකාර කරමු ...?එක මේ ආත්මේ අපි කරගන්නා මහා පිනකි ..!!!!!!! (ම)