විධායක ජනාධිපති ධූරයේ බලතල සහ මැතිවරණ ක්‍රමය එකවර සංශෝධනය කිරීම ශ්‍රී ලංකා ජනතාවගේ ඉල්ලීම බවත්, තමාගේ මතයද එයම බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම මනාප ක්‍රමය ඉවත් කර ආසන මට්ටමින් මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව බවද කියන විපක්ෂ නායක විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අකමැත්තක් නොමැති බව කියයි.

එසේම අගමැති සිහිනය සියලු දෙනාගේ සිත්වලින් ඉවත්කොට පක්ෂය දෙකඩවීමට ඉඩ නොදිය යුතු යැයිද හෙතෙම සඳහන් කරයි.