කොළඹ නුවර පාරේ දංඕවිටදී අද අලුයම පෞද්ගලික බසයක්, ලංගම බසයක් හා කාරයත් ගැටී 63 දෙනෙකු රෝහල් ගත කරනු ලැබීය.
වාහන වලට දැඩි අලාභ සිදු විය.
අපේ මාවනැල්ල මාධ්‍යවේදී සමන් විජයබණ්ඩාර ද මේ අනතුරින් තුවාල ලබා සිටි.
තුවාල ලබා සිටියදී රෝහලට යන්නට පෙර ඔහු අනතුරේ ඡායාරූප හා වාර්තාව අපට ඉදිරිපත් කළේය.
මුලින්ම තුවාලවලට ප්‍රතිකාර ගන්නැයි ලංකාදීප කාර්යාලය ඔහුට උපදෙස් දුන්නත් ඔහු සිය රාජකාරිය මුලින්ම ඉටු කරන බව ඔහු අපට දැන්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ වැරද්ද වවුනියාව බස් එකේ පොලිසිය මෙවා හොඳට බලා ගෙන ලංගම බස් වල වැරදිත් දැන් අල්ලලා ලියන්න සමහර ඒවාගේ බෙක් ලයිට් වත් නැහැ. දුම දාන ඒවා ප‍්‍රමිතිය ගැනත් මිට පස්සේ සැලකිලිමත් වෙන්න(දිල්)
වව්නියා යන බස් ඔක්කොම පාරේ යන්නේ අහසේ යනවා වගේ. රියැදුරන් බස් තමන්ගේ නොවන නිසා හැපුනත් වෙන හානිය ගැන නොතකා ධාවනය කරනවා. රියදුරන් රක්ෂණය කර ඔවුන්ගේ රක්ෂණයෙන් මෙම පාඩු පියව ගැනීමේ වැඩ පිළිවෙලක් අරම්භ කිරීමට කාලය පැමිණ ඇත. එවිට ඊළඟ වාරිකය ඉහල යන නිසාවත් කපනාවෙන් සුපරීක්ෂාකාරීව ධාවනය කරයි. (ර)
මෙතරම් දෙයක් වේලා තියෙද්දීත් මෙ පුවතට ලැබුණේ අඩු සැලකිල්ලක් එකට ලංකාදීපයට කණගාටුව (බ)
හැප්පිලා තියෙන්නේ රතු පාට බස් දෙකක්. නමුත් එක පින්තුරයක රතු බස් එකයි සුදු පැහැති බස් එකකුයි තියෙනවා. අනතුරු දෙකක්ද? බස් තුනක්ම එකට හැප්පිලාද ? (ර)
අක්‍රමවත් අන්දමින් මාර්ග වලට බස් රථ යෙදවීමෙන් තරඟකාරීත්වය ඇතිවීමෙන් තව ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ඇත. (ර)
අප්පච්චියේ චප්ප වෙලා තියන හැටියට බස් දෙක කිස් කරලා වගේ පේන්නේ. (නදී)
හෙමින් ගියත් බැනුම්, හයියෙන් ගියත් බැනුම්.... (නි)
ඔය කොච්චර කෑ ගැහුවත් බස් එකක් හිමීට ගියොත් එහෙම මොන තරම් නම් දෙයක් ඒ රියදුරු මහත්තයාට කියනවද? බස් බඩ ගානවා කියනවා..... කොටනවා කියනවා........... ඔය බස් එක ඇතුලේ ඉදගෙන ඉක්මනට ගමනාන්තයට යන්න කී දෙනෙක් නම් බලාගෙන යනවද? එච්චර දෙයක් කරන රියදුරු මහත්තයාටනෙ මෙහෙම බනින්නෙ...............(අ)...
ලංගම බස් දෙක තියෙන විදියටනම් කෙලින්ම වැරැද්ද වවුනියාවේ සිට එන බස් රියදුරාගේ බලමු මොකද වෙන්නේ කියල අපරික්ෂාකාරී රිය පැදවීම අනික වංගුවෙන් ඉස්සර කිරීම නේද .(බ)
මේකට විසදුම පාර ඩබල් ලයින් කිරීම (නදී)
පෙනෙන විදියට නම් පුද්ගලික බසයයි ලංගම බසයයි රේස් එකක් ගිහිල්ලා වගෙයි. ලංගම බසය කාර් එකට ඉස්සර කරන්න නේද ලෑස්ති. (නදී)
මේ මාර්ගයේ බස් ධාවනය මෙහෙම තමයි. කාලයක් මට නුවර කොළඹ රාජකාරි වලට යන්න සිද්ධ වුණා. ඇගේ ලේ නැතිව තමයි ආවේ ගියේ . පුදුම වේගයකින් මේ පාරේ බස් පියාඹන්නේ .(දිල්)
අනතුරින් තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය පතමි,(බ)
වැසි සහිත දිනවල ඉතාමත් ප්‍රවේසමින් රිය පැදවීම සෑම රියදුරෙකුගේම වගකීම. නුවර-කොළඹ මාර්ගය කියන්නේ ලංකාවේ ප්‍රධාන නගර දෙකක් යා කරන A-1 මාර්ගයය්. මෙම මාර්ගය තවත් පුළුල් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ. පේරාදෙණිය, පිළිමතලාව, කඩුගන්නාව, හිඟුල, වැනි නගර පසුකර යනවිට සමහර ස්ථානවල මාර්ග ඉතාමත් පටුය්. එවැනි ස්ථානයක මාර්ග අනතුරක් සිදුවුවහොත් විශාල වාහන තදබදයක් ඇතිවීමට බොහෝ සේ ඉඩකඩ තිබේ. ඒ බැවින් හැකි ඉක්මනින් මහනුවර කොළඹ අධිවීගි මාර්ගයේ වැඩ කටයුතු අවසන් කලොත් අනවශ්‍ය මාර්ග තදබද හා අනතුරු වලක්වා ගත හැක. නුවර ඉඳල කොළඹ යන එන අපිත් මෙවැනි ගැටළු වලට බොහෝවිට මුහුණ පානවා.ඒ නිසා අප සැමගේ ගමන් බිමන් පහසුවට එයා වඩාත් ඉවහල් වනවාට කිසිම සැකයක් නැහැ. (බ)
ධම්මත් කියන කතා.ඒ කාර් එක අනතුර සිදු වුනාට පස්සේ එතනින් යන්න ආපු වාහනයක්.බලන්න කාර් එක පිටිපස්සෙන් එන, එවැනි වාහන පෝලිම දිහා. (බ)
මෙම අවස්ථාව සටහන් කරපු ලංකාදීප මාධ්‍ය වේදියා මම දැක්කා ඒයා ලේ පෙරාගෙන ලේ වැටි වැටි තෙමෙමින් මෙ පොටෝ ගත්තා. මම හිතන්නේ ඔහු වෙන්න ඇති මෙ සමන් කියන්නේ. තම පණටත් වඩා තම සේවය අකුරට ඉටු කරපු මහත්තයෙක් (බ)
හෙමින් යනකොට බැන්නට, වේගයෙන් යනකොට බනින අය නැතිතරම් .මධ්‍යස්ථ වේගයකින් යනකොට පුද්ගලික බස් සෙනඟ ටික අරගෙන ගිහිල්ලා. (නි)
තුවාල වූ අයට සහ මාධ්‍යවේදී මහතාට ඉක්මන් සුවය පතමි. මෙවැනි අවස්ථාවක වාර්තාකර මහත්වරුන් රක්ෂණ ආවරණයකින් වත් අගය කෙරෙනවා නම් ඉතා වැදගත්. ඔවුන් කරන්නේ හැමෝටම කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. (නදී)
බස් 3 ක් පෙනෙන්න තියෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් ඕනා. (නදී)
ලංකාවෙ වැඩිම අනතුරු වෙන්නෙ ඉස්සර කරන තැන්වලදී. රථවාහන පොලීසියේ මහත්වරු මිනිසුන්ගෙන් දඩ ගහගහම විතරක් ඉන්නෙ නැතුව මේ වගේ මාරක අනතුරු ගැන මිනිසුන් දැනුවත් කරන්න පියවර ගන්නවා නම් කොච්චර ප්‍රයෝජනවද්ද? (නි)
පුද්ගලික බස් ජනසතුකල යුකුය කිව්වට මේ හරක්ට ඇහෙන්නෙ නැතුව ඇති (බ)
අලුත්ම ලංගම බස්දෙකක් නේද මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ. පුද්ගලික බස් එකනම් පිටිපස්සෙන් ඇවිත් වද්දගෙන වගෙයි පේන්නෙ. රුපියල් ශත නිසයි මේ තරගය. මේ බස් තරගය නිසා බස් රියදුරන්ගෙ මානසික තත්වය එච්චර හොද නෑ.ඉතිං කොතනකදි හරි ඇන ගන්නවා.අන්තිමට විදවන්නෙ අහිංසක මගීන්.(හේ)
සැමට ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මේ වෙකොට තුන් දෙනෙක්ද කොහේදෝ මිය ගිහින් කියනවා. අනේ පව් අහිංසක මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න තව වාසනාව තියෙද්දි අකාලයේ මැරෙන්න වෙලා (නදී)
කොලඹ සිට වවුනියා යන බස් එක එස් අකුර හැඩය තියෙන වංගුවේදී ඉස්සර කරා. එතකොටම වරකාපොල පැත්තේ ඉදල අාපු ලංගම බස් එකේ මුනට මුණ වැදුනා. පුද්ගලික බස් එක ලංගම බස් එකේ පිටුපස වැදුනා. කාර් එකත් ඒ අස්සේ ඇවිත් වැදුනා. මුලික වැරැද්ද වවුනියා බස් එකේ. එයට හේතුව නුසුදුසුම තැනකදී ඉස්සර කිරීම. (නදී)
මේ සියල්ලටම මුල නොසැළකිළිමත්කම. (නි)
පැහැදිලි කිරීම දකුණු පසින් පැමිණි වව්නියා ලංගම බස් රථය වැරදි ලෙස ඉස්සසර කිරීම නිසා වම් පසින් පැමිණි ලංගම බස් රථයේමුහුණට මුහුණ ගැටී ඇත එම ගැටුම නිසා වම් පස ලංගම බසයට පිටි පසින් පැමිණි පුද්ගලික බස් රථය වම් පසින් පැමිණි ලංගම බසයේ පිටුපසින් ගැටී ඇත අනතුර වන්ගුවක සිදුවී ඇති බව පෙනේ මෙම අනතුරේ සියලු වගකීම දකුණුපසින් පැමිණි වව්නියා ලංගම බසයේ රියැදුරාගේ බව පෙනේ (නදී)
අනේ, අපේ අයට මෙච්චර පැහැදිලි පින්තුර තිබිලත් කාරණය තේරුම් ගන්න බැරි හැටි. ලංගම රියදුරු හා පෞද්ගලික බස් රියරුර මහා පාරේ කුලප්පුවට රේස් ගිහින්. දෙදෙනාම එකවර කාරෙකට ඉස්සර කරන්නයි ගිහින් තියෙන්නේ. ඒ සමගම ලංගම බස් රථ රියදුරා ඉදිරියෙන් ආපු ලංගම බස් රථය හා අනතුර සිදුකර ගත්තා. පසුපසින් කුලප්පු වෙලා පැමිණි පෞද්ගලික බසයේ රියදුරාත් ලංගම බස් රථයේ පිටුපසින් හප්පා ගත්තා. මි හරක් තමයි. වෙන මොනවා කියන්නද ඉතින්? (නදී)
මොකද මේ සමහරු පුද්ගලික බස්වලටම බනින්නේ. (නදී)
සඳුනි, නඩු වාර්තාව හරියට ලියල තියනවා ඒ නිසා වවුනියාව බස් රියදුරුව නිදහස් කරල සදුනිව අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න කියල මම කියනවා (නදී)
අනේ රූපවතී අක්ක දන්නා ඉටිගෙඩිය ඔන්න ඔහෙට වෙලා තියෙන වැඩක් පලක් කරන් ඉන්න (නදී)
මේවා රියදුරන්ගේ වැරදි (නදී)
මෙතන වෙන්නේ වැරැද්ද කරන රියදුරු බේරිලා අහිංසක මිනිස්සු මැරෙන එක. (ර)
බස් එකේ යන අය නිදා ගැනීම නිසා ගොඩක් තුවාල කාරයෝ වැඩි වෙන්නේ. (නදී)
හදිස්සිය වැඩී. ඒකයි මේ හැම දෙයක්ම.(අ)
කාරයටයි ප්‍රයිවෙට් බසයටයි පිටුපසින් ඇවිත් ඉස්සර කරන්න හදල තියන ලංගම බසයේ රියදුරාට තලන්න ඕනේ. මිනිස්සුන් කීදෙනෙකුගේ ජීවිතත් එක්කද මේ සෙල්ලම් කරන්නේ.? හැමට ඉක්මන් සුවය පතමි.! (ර)
සීට් බෙල්ට් නැතිකම මුලික හේතුව. (නදී)
ඔක්කොමලාගේ නහය කට නේද තුවාල වෙලා තියෙන්නේ. ඔයින් ගියා ඇති. සැමට ඉක්මන් සුවය පතමි. (නදී)
පුත්ගලික බස් මරුවා වැරදි විදියට ඉස්සර කරන්න ගිහින් වගෙයි පේන්නේ.(නදී)
දැන් බලනකොට රියදුරන්ගේ වරදක් නැහැ. මෙහෙමත් මෝඩ අදහස් (නදී)
සැමට ඉක්මන් සුවය පතමු. අනතුරු අවම කිරීමේ වැඩ පිළිවෙලකට යමු. රියදුරුගේ සේවා කාලය එක වරකට පැය 4කත සීමා කළ යුතුයි. දින දෙකකට වරක් 1 දිනක් නිවාඩු දෙමු. මෙවැනි ක්‍රම ජර්මනිය, ජපානය වගේ රටවල ක්‍රියාත්මක වෙනවා. ඉගෙන ගනිමු, අනතුරු වලක්වමු. (නදී)