ථේරවාද පනත නමින් ගෙන ආ පාර්ලිමේන්තු පනත මගින් මහා සංඝරත්නයට අනවශ්‍ය තහනමක් වැටෙන බව පෙනෙන බව චින්තන පර්ෂදයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
සිංහල බෞද්ධකම විනාශ කිරීමට කුමන්ත්‍රණ රැසක් සිදුවන බවත් ගැතිකම් කරන දේශපාලකයෝ බටහිර කුමන්ත්‍රණවලට හසුව මෙවැනි කටයුතු කරන බවත් නාලක හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් චීවර ධාරීන්ගේ නොමනා අශිලාචාර හැසිරීම කොතරම්ද කියනවා නම්, ඔය අලුතින් ගේන පනත් නෙමේ, රජකාලේ දඬුවම් තමයි දෙන්න ඕනා. ආගමික නායකයෝ ජනතාව සංවර කරන්න කලින් ඔවුන් සංවරව හැසිරෙන්න ඉගෙන ගන්න ඕනා. අද පඳුරකට ගැහුවොත් විසිවෙන්න ඉන්නේ දේශපාලක හාමුදුරුවරු. ලැජ්ජයි!! (බ)
එළුපොල උන්නැහේ පුදුම බෞද්ධයෙක්නේ! එතකොට හාමුදුරු වරුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවනි. මෛත්‍රී බුදුන් පහළ වෙනතුරු ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ!. මහත්තය, මහාවංශේ පොඩ්ඩක් පෙරලලා බලන්න. නිකාය සංග්‍රහය කියවන්න. පැරණි රජවරු සාසනේ සුද්ධ කොරපු හැටි දැන ගන්න. පරාක්‍රමබාහු කතිකාවත ගැන අහලා බලන්න. භික්ෂු ජීවිතයට නොගැලපෙන හාමුදුරුවරුන් සාසනයෙන් ඉවත් කල යුතුයි. අරක්කු බොන හාමුදුරුවරු, ලිංගික අපචාරවල යෙදෙන හාමුදුරුවරු, ගුටි කෙලගන්න හාමුදුරුවරු, පිහියෙන් අනින හාමුදුරුවරු, යන්තර මන්තර උන්නාන්සේලා, ගැන පත්තර වලින් මොන තරම් අහන්න ලැබෙනවද? ඒ වගේ උන්නැහේලා අයින් කරන්නත් මෛත්‍රී බුදුන් පහල වෙනතුරු බල ඉන්න ඕනද? (බ)
රොකී අතීතයේ පවා රජවරු කළේ සඟ සංශෝධනය සදහා උදව් දීම පමණයි. භික්ෂූන් වෙනුවෙන් නීති පනවන්න ගියේ නැහැ.බුදු පියාණන් වහන්සේ පැහැදිලි ලෙස දේශනා කරන ලද විනය නීති තිබෙනවා . මෙතන ගැටලුව නායක හිමිවරුන්ගේ අක්‍රිය බවයි. උන් වහන්සේලා කෙලින් සිටිනවානම් අද මේ රට මීට වඩා යහපත් තැනක් විය හැකිව තිබුණා (බ)
ඩබ් මහතා කියන ලෙස මේ පනත ගැන පැහැදිලි විස්තරයක් කළොත් අගෙයි. වැඩි දෙනෙක්(මාත්) වැඩි දෙයක් දන්නේ නැහැ ඒ ගැන. ස්තුතියි! (නි)
නිකමට වගේ අහන්නේ. මොනාද හොඳ එතකොට දැනට ? (බ)
මහා සංඝරත්නයට හානිවන කිසිවක් කරන්න හදන්න එපා . ආණ්ඩුවට සහ ඇමතිට අනාථ වෙන්ඩ වැඩ හදාගන්ඩ එපා. (බ)
කවුරු හරි පනත් ගෙනෙන්න කලින්.නායක හාමුදුරු වරු එකතු වෙලා ,සංගායනාවක් කරලා නීති ටික හදාගත්තනම් ඉවරයි නේ. එක නොවන නිසා ආණ්ඩුවෙන් ගෙනෙන්න යන්නේ.ඔබ වහන්සේලට අදහස් ඉදිරි පත් කරන්න පුළුවන් නේ (කෞ)
මේ හාමුදුරුවරු කියන්නේ අපේ හාමුදුරුවරු ගුරුකම්, බිස්නෙස් ටියුෂන් කළාට කමක් නෑ කියලද? අනේ මන්ද. මට තේරෙන විදිහටනම් මිනිස්සු පන්සලෙන් ඇත් වෙන්න හේතුව හමුදුරුවරුන්ගේ වැරදි කියල තමයි මට හිතෙන්නේ.. නීති මගින් හොද දෙයක් කරන එකේ කිසිම වරදක් නෑ (බ)
මේ පනත සංශෝධනය කරන්න.(හේ)
බුදුන් දවසේ මෙන් ධර්ම ප්‍රචාරයේ යෙදීම හොඳින් මෙකලත් කළ යුතු දෙයක්. පෝය දවසට විතරක් බණ කියන රටක් නොවිය යුතුයි. සංඝයා වහන්සේට අකැප දේවල් තහනම් කිරීම හොඳ දෙයක්. (හේ)
චින්තක ඒ ඔයා දන්න තරම. තව ටිකක් හිතන්න . නැති නම් දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න. (ර)
හාමුදුරුවන්ට අදාළ නීති බුදුහාමුදුරුවෝ විනය පිටකයේදී දේශනා කරලා තියෙනවා. හාමුදුරු කෙනෙක් උපැවිදි කරන්න ඕනි හේතු උන්වහන්සේ දේශනා කරලා තියෙද්දී උපැවිදි කරන්න තව අලුත් නීති ටිකක් මේ විවස්ථාවේ තියෙන බව තමයි මට තේරුනේ. බුදු හාමුදුරුවන්ගේ වචනේ තවත් අඩු වැඩි කරන්න දෙයක් නෑ. සර්ව අකාරයෙන් සම්පුර්ණයි. (ර)
මේ පනතින් බුදුදහමත් සංඝරත්නයත් ආරක්ෂා වෙනවා. කිසිම සිල්වත් බික්ෂුවකට බැහැ මේ පනතට විරුද්ධ වන්න විරුද්දවන ඇත්තෝ සාදාරන හේතු දැක්විය යුතුය. (ර)
චින්තක මේ පනතින් හොඳ දෙයක් කරනවා කියල ඔයා කොහොමද දන්නේ. (ර)
හාමුදුරුවරුන් මන්ත්‍ර ගුරුකම් බිස්නේස් ටියුෂන් වැනි ව්‍යාපාර නවීන කාලේ හැටියට කල යුතුයි. එහෙම කලේ නැත්නම් මිනිස්සු පන්සල් එන එකකුත් නැහැ. මේක දැන් වාණිජ ලෝකය නේ. (ර)
නිලන්ත, මේ පනතින් නරක දෙයක් කරනවා කියල කොහොමද කියන්නේ ? අනික දර්ම සංගායනාවක් කරන්න හොදටම කාලය ඇවිත්. දේශපාලකයන්ට පුජකවරුන්ට රජයේ සේවකයන්ට ආචාර ධර්ම පද්ධතියක් ඇති කල යුතු කාලය එළබි ඇත. (ර)
භික්ෂුන් වහන්සේට විනය නීති පැනවීම බුදු රදුන්ට හැර වෙන කෙනෙකුට කළ නොහැකිය. (ර)
මෙයට මා එකග වන්නේ නැත. (ර)
බුදු දහම කියන්නනේ අවබෝදයෙන් තමන් තුලට ලබාගන්න දෙයක්. (ර)
චින්තක වෙනත් ආගමක වෙන්නැති . එකයි බුද්ධ වචනයත් වෙනස් කරන්න හදන පනත හොඳයි කියන්නේ. ගම්වල දුප්පත් හාමුදුරුවරුන්ට කුසගින්නේ අපවත් වෙන්න තමයි වෙන්නේ. (ර)
මේක වක්‍රව භික්ෂුන්ව මර්ධනය කරන්න ගහපු ගැටයක් වෙන්න බැරිද ? සංඝයා වහන්සේලාගේ කට වහපු දාට රටම ඉවරයි. අන්‍යාගමිකයෝ වුනත් අප නම් මේවට කැමති නැහැ. (ර)