(අංජුල මහික වීරරත්න)

නිෂ්පාදන ද්‍රව්‍ය (තේ) තැරැව්කරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේ සංශෝධන නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026-06-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී අනුමැතිය ප්‍රකාරව, 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව් කරුවන්ට බලපත්‍ර දීමේ පනතේ විධි විධාන යටතේ සාදන ලද 1979 නිෂ්පාදන ද්‍රව්‍ය (තේ) තැරැව්කරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේ නියෝග සංශෝධනය කිරීම පිණිස අංක 2501/68 දරන 2026-08-12 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් සංශෝධන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී සංශෝධන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.