
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඛනිජතෙල් සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත ධාවනයේ යොදවා ඇති තෙල් බවුසරයකින් රුපියල් 50000 කට ආසන්න වටිනා ඉන්ධන සොරාගත් එම බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි.
එම සැකකාර රියදුරා සමග ඩීසල් ලිටර් 60 ක් , පෙට්‍රල් ලිටර් 42 ක් භූමි තෙල් ලිටර් 40 ක් හා ඉන්ධන බැහැර කිරීමට යොදා ගන්නා උපකරණ මෙන්ම තෙල් ප්‍රවාහනය කරමින් සිටි තෙල් බවුසරයද පොලිස් භාරයට ගෙන ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී දමින්ද පියදර්ශන කුමාර හේවා පතිරණ යන අය විසින් ඊයේ (06) පැමිණිල්ලක් කරමින් තෙල් සංස්ථාවේ සිට කලවාන ලංකා අයි ඕ සි ඉන්ධන හල වෙත රැගෙන යනු ලබන ඉන්ධන ප්‍රවාහන බවුසර් රථය කොන්දේසි කඩ කරමින් කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි රියදුරු ඉන්ධන බැහැර කරන බවට පැමිණිලි කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd