
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය නැවතත් ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත්, සෞදිය සහ ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද නැවත වරක් ඉහළ ගියේය.
එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 87.26 ක් ලෙස සටහන් වී තිබූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 3.77 ක මිල ඉහළ යාමක් වූවේය. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.19 ක් ලෙස සටහන් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 3.70 ක මිල ඉහළ යමක් විය.
ගෝලීය බලශක්ති මිල ඉහළ පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඕමානය ඉරානයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත් එම යෝජනාව බොහෝ දුරට ඉරානය ප්‍රතික්ෂේප කරනු ඇති බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd