
(අංජුල මහික වීරරත්න)
රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සහාය ලබාගත හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය කියයි.
076 000 1919 යන WhatsApp අංකය වෙත වාහන අංකය (Vehicle Number) ටයිප් කර යොමු කරන්න. (වාහන අංකය ඡායාරූපයක් ලෙස නොඑවිය යුතු බව සලකන්න).
පහත සඳහන් ලේඛන වල පැහැදිලි ඡායාරූප ද ඒ සමඟින් එම අංකයටම යොමු කරන්න.
*ජාතික හැඳුනුම්පත (NIC)/ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
*වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License).
*වාහන ලියාපදිංචි සහතිකය (CR).
ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණි. එහිදී ඉදිරිපත් කරන හැඳුනුම්පත් අංකය, වාහන ලියාපදිංචි සහතිකයේ (CR) සඳහන් හිමිකරුගේ අංකය සමඟ අනිවාර්යයෙන්ම සැසදිය යුතුය. ඔබ විසින් ලබාදෙන සියලුම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ආරක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කියයි.
මෙම දත්ත රැස් කරනුයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ (Validation) අරමුණින් පමණක් වන අතර, සත්‍යාපනය අවසන් වූ පසු වාහන අංකය හැර අනෙකුත් සියලුම පෞද්ගලික දත්ත පද්ධතියෙන් ආරක්ෂිතව ඉවත් කරන බවද අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd