(ඩී.ජී. සුගතපාල)

හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පියා සහ පුතා ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද සවස දුම්රියේ හැපිමෙන් බර පතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඔවුන් ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වන ළමයා හබරාදුව පෙර පාසලේ සිට කැදවාගෙ යමින් සිටියදි ගාල්ල සිට මාතර දෙසට ධාවනයවු මන්දගාමි දුම්රියේ හැපි ඇති බවය. 

ත්‍රි රෝද රථය දුම්රියේ වදිනවාත් සමග ළමයා පිටතට විසිවි ගොස් ඇත.

තුවාලකරුවන් කරාපිටිය රෝහලටද ඇතුලත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ළමයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවයි.