
(අමදෝරු අමරජීව)
වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අද (14) පැවති නඩු විභාගයේදී භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මහතා ත්‍රිකුණාමල වරාය පොලිසියට නියම කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස ,ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස ,වනවාසී බලන්ගොඩ කස්සප , ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව ) විහාරවාසි ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරුන් හා මේ සඳහා ආධාර අනුබල දුන් සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති ,හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි, ලියනගේ තිලක් පෙරේරා, එම්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අයයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd