
(බිමල් ශයාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)
" සුපුන් සර්පයා ඇතුළු වීම තහනම්" යනුවෙන් නිවස ඉදිරිපිට ලියා තිබූ රත්මලාන ගොනා කෝවිල නිවසේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී කඩු කිනිසි, කෙටේරි, අද්භූම්බයක් සහ මුදල් තොගයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුවන් සමග කඩු තුනක් , කිනිසි තුනක් , කෙටේරියක් , අද්භූම්බයක් හා රුපියල් ලක්ෂ තුනක මුදලක් මෙන්ම ජංගම දුරකථන අටක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විශේෂය යතුරුපැදි බලකායේ නිලධාරියකු විසින් රත්මලාන පෙදෙසේ දි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000 ක් සමඟ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය මිලදී ගත් ස්ථානය සම්බන්ධයෙන් අනාවරණය කළ තොරතුරු අනුව මෙම නිවස වැටලූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන නාවලපිටිය ඇහැලියගොඩ පදිංචි වයස අවුරුදු 22-51 අතර පසුවන්නන්ය.
සැකකරුවන් ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණපවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් බලන්න ආසයි ඔය "අද්භූම්බය"
මම පදිංචිව සිටි රත්මලානේ තිබී අවි ආයුධ සහ මුදල් තොගයක් ගල්කිස්ස පොලිස් භාරයට ගත් බව අපේ "ලංකාදීප" පුවත්පතෙන් දැනගන්නට ලැබුණා... අපරාධ මර්දනය සඳහා ගත් වැදගත් පියවරක් හැටියට එම පොලිස් නිලධාරීන්ට අපේ ප්‍රණාමය. එම පුවතේ අප කලින් නොදුටු "අවියක්" ගැන සඳහන්ව තිබුණා: "අද්භුම්බයක්" ගැන ලියා තිබුණා! එය කුමන වර්ගයේ අවියක්ද කියා දන්න කෙනෙක් ඉන්නවා නම් පහළින් කමෙන්ට් එකක් පළකරන්න පුළුවන්ද? ගොඩක් ස්තුතියි.