වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්තන ගීතාල් විදානගේ සිය තහනම් කාලය නිමාවීමෙන් පසු සහභාගි වූ පළමු තරගාවලියේදීම නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අද (16 වැනිදා) පැවති උතුරු මැද පළාත් කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට චින්තන සමත් විය.
අනුරාධපුර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති මෙම බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 85 බර පන්තිය යටතේ තරග කළ චින්තන, ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 128 ක් බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ ඊට පෙර රන්සිඑ ජයතිලක විසින් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 127 ක බරක් ඔසවමින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි.
(ඡයාරූප: අතුල බණ්ඩාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි පුතෝ යලිත් තහනම් වැඩ එපා හොඳේ.(නදී)
අපේ ගමේ කොල්ලට උණුසුම් සුබ පැතුම්.(නදී)
අපේ චින්තනට ජයවේව කොස් දෙල් අල බතල කපු අපට 128 ක් මහා කජ්ජක්ද පුතා (අ)
මල්ලි ඔබට ජය.(නදී)
මම ඔබට සුභ පතනවා. හරි මගට එන්න (අ)
අපේ රටේ පසුගිය අවුරුදු 5 තුල ක්‍රිකට් හැරුනම, අනෙකුත් ක්‍රීඩා වලින් උපරිම තලයට එන්න පුළුවන් ක්‍රීඩකයන් හිටියේ නැති තරම්. චින්තක ගීතාල් විදානගේ ඒ උපරිම තලයට යන්න පුළුවන්. එමෙන්ම පොදු රදු මඩුලු ක්‍රීඩා උළෙලේදී එය මැනවින් ප්‍රදර්ශනය කල ක්‍රීඩකයෙක්. 2012 ඔලීම්පික් වල කොච්චර ක්‍රීඩකයෝ හිටියාද ඒ වැනි දඩුවම් ලක් වී පස්සේ පදක්කම් ගත්ත අය. කළ වැරදි හෝ අතපසු වීම් වලින් පාඩම් උගෙන 2016 දී බ්‍රසීලයේදී පැවැත් වෙන ඔලීම්පික් ක්‍රිඩා උළලේදී අපේ රටට පදක්කමක් ගෙන ඒමට දිරි හා එඩිය ලැබේවා.(නදී)