බිත්තර සහිත කටු පොකිරිස්සන් 207 දෙනකු නීති විරොධී ලෙස අල්ලූ බව කියන හත් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් නියෝග කරනු ලැබූහ.
මැරී සිටි පොකිරිස්සන් විනාශ කරන ලෙස ද ඇය නියෝග කළාය.
සුමනදාස ප්‍රණාන්දු, බී එස් ඒ කුමාර, සුමේද සිල්වා, සුදත් පීරිස්, ලාල්සිරි සුවාරිස්, එච් පී නෙල්සන් හා එච් පී සරත් යන සිව්දෙනාට සඳුදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොකිරිස්සන් විතරක් නොවෙයි, ඉස්සන් හා කකුළුවන් ද බිත්තර දමන කාලයේදී ඇල්ලීම සම්පූර්ණයෙන් ම තහනම් කල යුතුයි. බොහෝ රටවල මෙවැනි නීති ක්‍රියාත්ත්මක වන නිසා ඔවුන්ගේ මත්ශ්‍ය සම්පත දියුනු වෙනවා. එකෙන් රටටත් දීවරයන්න් ටත් හොඳක් මයි වෙන්නේ.(නදී)
තරහ අවසර ,දන්නේ නැති නිසයි අහන්නේ ඔය පොකිරිස්සෙක් කීයක් විතර වටිනවද ආයුබෝවන් ? පොකිරිස්සගේ පොටෝ එකකුත් පල කලානම් වැඩේ ගොඩක් වටිනවා (නදී)
විනාශ කරන්න කිවුවේ කොහොමද දන්නේ නැහැ නේද? (නි)
පොකිරිස්සාගේ වටිනාකම උගේ ප්‍රමාණය සමග, ලංකාවේ නම් ලොකු පොකිරිස්සෙක් රුපියල් 2500 ක් වෙනවා අඩුම. බිත්තර පිටින් ඇල්ලුවා කියන්නේ තව ඉදිරියට ලබා ගන්න සිටින පොකිරිස්සන් විනාශ කිරීමයි. මෙය කොහොමත් තහනම්. මේවා මසුන් විනාශ කිරීමට සමානයි. මොවුන්ට ඉහළම දඩයක් ගැසිය යුතුය නැවත නොකිරීමට සහ දැනුවත් වීමට (නි)
සත්ව හිංසාව යටතේ නඩු දාන්න බැරිද දන්නේ නැහැ, නයි වගේ පොකිරිස්සෝ නැටෙව්වවයි කියලා. ආ, ඒත් මේ කට්ටිය පිරිමි නේ. (නි)
පොකිරිස්සෝ ටික විනාශ කරන්න ඇති. (නි)