කොටි සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට 2006 දී යුරෝපා සංගමය විසින් පැනැවුණූ තහනම් ඉවත් කර ගැනීමට සිදුවුයේ එම තීරණය ගත් අවස්තාවේදී කරුණු සලකා බැලීමට උසාවියට ඉදිරිපත්කළ සාක්කි වල විශ්වසනීයත්වය අවශ්‍ය අන්දමට නොතිබීම නිසා යැයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.
තහනම පැනවීමේදී සාක්කි වශයෙන් සලකා බලා ඇත්තේ කොටි සංවිධානයේ ඉතිහාසය සහ ක්‍රියාකාරකම් පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සහ වීඩියෝ පමණකි. එවැනි කරුණු මෙම තහනම ඇතිකිරීම සඳහා වැදගත් සාක්කි ලෙස සැලකීම නුසුදුසු බවට යුරෝපා සංගමයේ උසාවිය තීරණය කිරීම" තහනම ඉවත්කිරීමට හේතුවී ඇති බවද එම වාර්තා කියයි.
කොටි සංවිධානයට අයත් වත්කම් සඳහා පනවා ඇති තහනම එලෙසම පවත්වාගෙන යාමට එම උසාවි අණකර ඇත.
මෙම උසාවි නියෝගය කිසිසේත්ම දේශපාලන හේතුවක් හෝ බලපෑමක් මත සිදු නොවුවක් බවත් හුදෙක් සම්බාදක පැනවීම තීරණය කළ කාලයේ ඉදිරිපත්වූ සාක්කිවල දුර්වලකම් නිසා සිදුකළ වෙනසක් බවත් එම මාධ්‍ය වාර්තා අවධාරණය කරයි.
කිසියම් විධියකින් එම අවස්තාවේදී එල්ටීටීඊ සංවිධානය පිළිබඳව තොරතුරු අදාළ රටවල් වෙත ගොස් අපක්ෂපාතීව සහ සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් ලෙසට උසාවියට ඉදිරිපත් කෙරුනානම් මෙම තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් පැන නොනැඟීමට ඉඩ ප්‍රස්තා තිබුණු බව ද එම වාර්තාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි. (නදී)
දැන් එයාලට තරු පෙනෙන කාලය ඇවිත් තියෙන්නේ.ලගදීම ග්‍රහ ලෝකත් පෙනේවී. (ස)
ඉතින් ඕක කරේ රනිල් කියලා සිළුමිණ පාරම් බෑවේ බොරුවටද ? පව් ඒ මනුස්සයව බොරුවට කොටියෙක් කලේ? (නදී)
කෝ මහගෙදර රෙදි හෝදන විමල්ලා?ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන දැන් කතා නැහැ?සචින්වාස්ල,මර්වින්ලා, දුමින්දලා,,වගේ අය විදේශ අමාත්‍යංශයේ උපදේශක වරු විදියට දැන් වත් පත් කලොත් ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් වේවි?(අ)
ඉතින් ඔය තහනම ඉවත් කරනවාට විරුද්දව අපේ ආණ්ඩුවෙන් මොනවාම හරි දෙයක් කලාද? (නදී)
ආයේ තහනම දමන්න ලංකාවට ඇවිත් සාක්කි ගන්න ඕන කියයිද දන්නෙනෑ? (ර)
ත්‍රස්තවාදය හුරතල් කරන යුරෝපා ඇතුළු සියළුවම රටවලට කවදාහරි වැළපෙන්න වේවි ඒ රටවලුත් ත්‍රස්තවාදයෙන් බැට කද්දී. (අ)
නැවත නඩු දමමු තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් නම් සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරමු (නදී)
ලංකා රජය කරුණා අම්මාන්ට,පිල්ලෙයාන්ට , කේ පී ට සලකන විදිය පෙන්නුවා නම් වෙනත් සාක්කි මොකටද ? (නදී)