පැලෑටි ආරක්ෂන පනතට පටහැනිව බැංකොක් සිට මෙරටට ආනයනය කරන ලද ඇන්තූරියම් පඳුරු 158 ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මල් ආනයනය කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසුවේ පැලෑටි ආරක්ෂන පනතින් ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම තහනම් බවට නම් කර ඇති පැලෑටියක් බවයි.
මේ අයුරින් හොර රහසේ ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම නිසා මේ වන විට මෙරට ඇන්තුරියම් වගාවට මෙන්ම සෙසු වගාවන්ටද විවිධ රෝග වැළඳී ඇති බවත් ඔහු කීවේය.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 423 දරණ ගුවන්යානයෙන් බැංකොක් නුවර සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත. එහිදී ගමන් මලූ දෙකක් තුළ බහා රැගෙන විත් තිබු මෙම අැන්තූරියම් පඳුරු තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම ඇන්තූරියම් තොගය රාජසන්තක කර පේරාදෙණිය උද්භිද උද්‍යානයට බාර කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යන්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ සහ රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධීකාරීවරුන් වන සමන් බාලසුරිය, ජේ.කේ ආරියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, එස්. පෙරේරා සහ එස්. කුමාර යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පැළෑටි ආරක්ෂා කරගන්න නම් විදේශීය පැළෑටි රට තුලට රැගෙන එ්ම සිමා කල යුතුයි. එවැනි නීති විරෝදී ලෙස ගෙන එන පැළෑටි අනිත් භාණ්ඩ වගේම රාජසන්තක කලයුතුයි. ඒවා ආපසු භාර දුන්නොත් ඒ අය මේ ජාවාරම දිගටම කරගෙන යයි. (නදී)
ඉස්සර අපේ රජවරු මොනවා නැති වුනත් පිටරටින් තමන්ගේ අන්තංපුරයට ගැහැණු ගෙනාව.(ස)
ගාමිණී හරි ලෙඩ නැත්නම් පැලටික දෙන්න. ඒ ළමයා වසර කීපයකින් කෝටි ගණනක විදේශ විනිමය හොයා දේවි. දක්ෂ තරුණ ව්‍යාපාරිකයෝ ගොඩනගා ගැනීම අසීරු යුගයක ඔහු සැබෑ ලක් පුතෙක්. (නදී)
අපේ තේ වගාවත් මෙහෙම සරුසාර උනාට එ්කත් ලංකාවට හොරෙන් ගෙනත් පල කරපු දෙයක් නේද? ගාමිණී කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නදී)
ඒ විදිහට ගේන්නත් එපා නම් අවශ්‍ය ප්‍රමාණයට පැල බෝ කරගැනීමේ ක්‍රම ලංකාවේ තිබෙන්න ඕනෑ. (නි)
විවිධ රෝග මේවයෙන් එනවා නම් මේවා විනාශ කල යුතු නේද? මොකටද පේරාදෙණිය උද්භිද උද්‍යානයට දෙන්නේ. (නදී)
අපේ සාරවත් පොලවේ මල් ගහක් වවන්නේ නැතුව පිටරටින් හැම දේම ගේනන ලජ්ජා නැති කම. . කිරිපිටි පාන්පිටි ඇපල් මුද්දරප්පලම් දොඩම් ඔය මදිවට අැන්තුරියම් මල් ඔර්ච්කිඩ් මල් ආදී මෙකී නොකී හැම එකම පිටරටින් ආනයන කරන දීන ජාතියක් අපි. අතීතයේ අපේ හිටපු රජ දරුවන්ටත් ලජ්ජා කරන නිවට ජාතියක් අපි. (නදී)
තිස් හැවිරිදි ව්‍යාපාරිකයෙක් දේශීය මල් අපනයනකොට විදේශ විනිමයක් ලබාදෙන කොට,පේරාදෙණියෙන් පරීක්ෂණයක් කර බෝවෙන රෝග නැත්නම් ඔහුට දඩ ගැසීම නොවේ යුතුකම මල් පැල ටික ආපසු දීමයි. එන්.ජී.ඕ විසින් ලංකාවේ සිටවන ලද හෙරොයින් ගස්වල දැන් මලුත් පිපෙනවාලු. ඉතින් මේ ගස් පේරාදෙණිය අනුමත කරලාද ? (නදී)
මල් පැල ටිකක් ගේන්න බැහැ, කුඩු නම් ටොන් ගණන් ගේන්න පුළුවන්. අනේ අනිච්චන් මෙහෙව් රටක්. (නදී)