IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


තහනම් ඇන්තූරියම් පේරාදෙණියට

 පැලෑටි  ආරක්ෂන පනතට පටහැනිව   බැංකොක් සිට මෙරටට ආනයනය කරන ලද ඇන්තූරියම් පඳුරු 158 ක් සමග ශ්‍රී ලාංකිකයෙක්   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී  අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්ෂ  ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මල් ආනයනය කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.

රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසුවේ  පැලෑටි ආරක්ෂන පනතින් ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම  තහනම් බවට නම්  කර ඇති පැලෑටියක් බවයි.  

මේ අයුරින් හොර රහසේ ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම නිසා මේ වන  විට මෙරට ඇන්තුරියම් වගාවට මෙන්ම සෙසු වගාවන්ටද  විවිධ රෝග වැළඳී  ඇති බවත් ඔහු කීවේය.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 423 දරණ ගුවන්යානයෙන් බැංකොක් නුවර සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත. එහිදී ගමන් මලූ දෙකක් තුළ බහා රැගෙන විත් තිබු මෙම අැන්තූරියම් පඳුරු  තොගය සොයාගෙන ඇත.

මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම ඇන්තූරියම්  තොගය රාජසන්තක කර පේරාදෙණිය උද්භිද උද්‍යානයට බාර කිරීමට නියෝග  කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යන්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ   සහ  රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා  මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධීකාරීවරුන් වන සමන් බාලසුරිය, ජේ.කේ ආරියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, එස්. පෙරේරා සහ එස්. කුමාර යන  නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

තහනම් ඇන්තූරියම් පේරාදෙණියට

සත්‍යපාල Tuesday, 09 September 2014 09:08 AM

ලංකාවේ පැළෑටි ආරක්ෂා කරගන්න නම් විදේශීය පැළෑටි රට තුලට රැගෙන එ්ම සිමා කල යුතුයි. එවැනි නීති විරෝදී ලෙස ගෙන එන පැළෑටි අනිත් භාණ්ඩ වගේම රාජසන්තක කලයුතුයි. ඒවා ආපසු භාර දුන්නොත් ඒ අය මේ ජාවාරම දිගටම කරගෙන යයි. (නදී)

:       0       0

ගයාන් Tuesday, 09 September 2014 05:25 PM

ඉස්සර අපේ රජවරු මොනවා නැති වුනත් පිටරටින් තමන්ගේ අන්තංපුරයට ගැහැණු ගෙනාව.(ස)

:       0       0

සදුනි Tuesday, 09 September 2014 09:36 AM

ගාමිණී හරි ලෙඩ නැත්නම් පැලටික දෙන්න. ඒ ළමයා වසර කීපයකින් කෝටි ගණනක විදේශ විනිමය හොයා දේවි. දක්ෂ තරුණ ව්‍යාපාරිකයෝ ගොඩනගා ගැනීම අසීරු යුගයක ඔහු සැබෑ ලක් පුතෙක්. (නදී)

:       0       0

අසෝකා Tuesday, 09 September 2014 10:47 AM

අපේ තේ වගාවත් මෙහෙම සරුසාර උනාට එ්කත් ලංකාවට හොරෙන් ගෙනත් පල කරපු දෙයක් නේද? ගාමිණී කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නදී)

:       0       0

ධනුක Tuesday, 09 September 2014 12:17 PM

ඒ විදිහට ගේන්නත් එපා නම් අවශ්‍ය ප්‍රමාණයට පැල බෝ කරගැනීමේ ක්‍රම ලංකාවේ තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 09 September 2014 05:32 AM

විවිධ රෝග මේවයෙන් එනවා නම් මේවා විනාශ කල යුතු නේද? මොකටද පේරාදෙණිය උද්භිද උද්‍යානයට දෙන්නේ. (නදී)

:       0       0

නාලක Tuesday, 09 September 2014 05:31 AM

අපේ සාරවත් පොලවේ මල් ගහක් වවන්නේ නැතුව පිටරටින් හැම දේම ගේනන ලජ්ජා නැති කම. . කිරිපිටි පාන්පිටි ඇපල් මුද්දරප්පලම් දොඩම් ඔය මදිවට අැන්තුරියම් මල් ඔර්ච්කිඩ් මල් ආදී මෙකී නොකී හැම එකම පිටරටින් ආනයන කරන දීන ජාතියක් අපි. අතීතයේ අපේ හිටපු රජ දරුවන්ටත් ලජ්ජා කරන නිවට ජාතියක් අපි. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 09 September 2014 06:05 AM

තිස් හැවිරිදි ව්‍යාපාරිකයෙක් දේශීය මල් අපනයනකොට විදේශ විනිමයක් ලබාදෙන කොට,පේරාදෙණියෙන් පරීක්ෂණයක් කර බෝවෙන රෝග නැත්නම් ඔහුට දඩ ගැසීම නොවේ යුතුකම මල් පැල ටික ආපසු දීමයි. එන්.ජී.ඕ විසින් ලංකාවේ සිටවන ලද හෙරොයින් ගස්වල දැන් මලුත් පිපෙනවාලු. ඉතින් මේ ගස් පේරාදෙණිය අනුමත කරලාද ? (නදී)

:       0       0

ලාල් Tuesday, 09 September 2014 08:15 AM

මල් පැල ටිකක් ගේන්න බැහැ, කුඩු නම් ටොන් ගණන් ගේන්න පුළුවන්. අනේ අනිච්චන් මෙහෙව් රටක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 24 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 46 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 152 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 880 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 473 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 888 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1335 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1565 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site