විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ඉදිරිපිට නීති විරෝධී ආකාරයෙන් පසුගිය ජූලි 29 වැනිදා උද්ඝෝෂණයක නිරතවූ සරසවි සිසුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) නියෝග කළේය.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික, කැලණිය විශ්ව විද්‍යාලයේ ලහිරු සුරංග, රජරට විශ්ව විද්‍යාලයේ ආත්ම ප්‍රියදර්ශන සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ කේ.එම්.ප්‍රියදර්ශන යන අයට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප නියම විය.
අද අධිකරණයට නොපැමිණි අනෙක් සරසවි සිසුන් හත් දෙනාට ලබන නොවැම්බර් 30 වැනිදාට පෙර පෙනීසිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව රටේ නීතියට ගරු නොකරන නූගතුන් පාර්ලිමේන්තුවට යවා රට විනාශ කරන විට උගතුන්ට නීතිය අමතක වීම සාධාරණයි.(ම)
උගත් සිසුවෙක් කියන්නේ රටේ නීතියට ගරුකිරීමයි. නිතියට ගරු නොකරනවා නම් මොකටද ඔය උගත්කම? (නි)