‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවද්දි තවත් පැත්තකින් ගෝලීය ආර්ථිකය දිගින් දිගටම උග්‍ර අර්බුදයකට තල්ලු වෙමින් තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වූ අයකුට තවත් වරක් වයිරසය ආසාදනය විය නොහැකි බව තහවුරු කිරීමට නොහැකි බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට අනතුරු අඟවා ඇත. කොතරම් අනතුරු ඇඟවීම් තිබුණද ඇතැම් රටවල් මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය ද ඒ අතර වේ.
බෙල්ජියම, ග්‍රීසිය මෙන්ම ඉතාලිය සහ ස්පාඤ්ඤය ද වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ ඇතැම් සීමා ලිහිල් කරමින් සිටිති.
කෙසේ නමුත් කොරෝනා වයිරසය පාලනය කර ඇතැයි බොහෝ දෙනා අගයන ජර්මනිය තවමත් දැඩි සීමා පවත්වාගෙන යයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ සෞඛ්‍ය බලධාරීහු මෙන්ම සෞඛ්‍ය විශේෂඥයෝ ද අනතුරු අඟවා සිටිති.
අන් රටවලට සාපේක්ෂව ජර්මනිය දිනකදී කරනු ලබන ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පර්යේෂණ ගණන ඉහළය. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් දෙවැනි රැල්ලක් ගැන අනතුරු අඟවා ඇත. දැනට පනවා ඇති සීමා ඉවත් කරන්නේ දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඛණ්ඩව අඩු වුවහොත් පමණක් යැයි ද ජර්මනිය ප්‍රකාශ කරයි.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ඉරිදා වන විට 200,000 පසුකර ගියේය. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන විසි අට ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
කොරෝනා ආසාදනය වී සුව වූ අයකුට නැවත වයිරසය ආසාදනය නොවන බව තවම තහවුරු කර නැතැයි ප්‍රකාශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය, වයිරසය ආසාදනය වී සුව වූ බවට දෙන සහතිකය ලබාදීම සම්බන්ධයෙන් ද අනතුරු අඟවා ඇත.
ලොවපුරා කොරෝනා මරණ ගණන 100,000 ඉක්මවා ගියේ අප්‍රේල් 10 වැනිදාය . එය දෙගුණ වීමට ගත වූයේ සති දෙකක් පමණි. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන තිස් ලක්ෂයට ආසන්න වෙමින් තිබේ.
සමාජමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් දැඩි අලාභයක් සහ පාඩුවක් කර ඇති ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කරන්නැයි ලොවපුරා සෑම ආණ්ඩුවකට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ. අනෙක් අතට වයිරසය පාලනයට පැනවූ සීමා ඉවත් නොකරන්නැයි ලොවපුරා සෞඛ්‍ය බලධාරීහු සහ විශේෂඥයෝ ආණ්ඩුවලට බලකරති. කෙසේ නමුත් ලොව බොහෝ ආණ්ඩු තීන්දු තීරණ ගන්නේ සහ වයිරසයේ පාලනයට පනවා ඇති සීමා ලිහිල් කරන්නේ, වයිරසය පාලනය කර ඇතැයි ඔවුහු විශ්වාස කරන විටය.
ලොව රටවල් ගණනාවක්ම මේ වනවිට සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇත. ඊට අලුතෙන් එක්වූ රටවල් වන්නේ අසල්වැසි ඉන්දියාව, ග්‍රීසිය සහ බෙල්ජියමය. කෙසේ නමුත් ආසාදිතයන්ගේ ගණන නැවත ඉහළ ගියහොත් සීමා ලිහිල් කිරීමට ගන්නා තීරණ නැවත වෙනස් කිරීමට සිදු වේ. කෙසේ වෙතත් කිසිදු රටක් තවමත් සම්පූර්ණයෙන් සීමා ඉවත් කර නැත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති සීමා ලිහිල් කිරීමට යුරෝපය ඉක්මන් වී ඇතැයි හොං කොංහි ඉහළම වසංගත විද්‍යාඥයා අනතුරු ඇඟවීය. ඔහු උදාහරණ ගනිමින් යුරෝපය දැඩි සීමා ලිහිල් කිරීමට ඉක්මන් වී ඇතැයි පෙන්වා දුන්නේය. හොං කොංහි ඉහළම වසංගත විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ හොං කොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ගේබ්‍රියෙල් ලියෝන්ග් ය.
‘‘ලොක්ඩවුන් කියන්නේ කෙටි දුර ධාවන තරගයක් නෙමෙයි. ලොක්ඩවුන් කියන්නේ මැරතන් එකක්. ඒ වගේම කොරෝනා වයිරසය සමඟ ජීවත් වීමට ලෝකය ඉගෙන ගන්න ඕනෑ. වසංගතයක් නැතිනම් වයිරසයක් හෝ ඕනෑම රෝගයක් ව්‍යාප්ත වෙද්දි දැඩි සීමා පනවනවා. පනවන සීමා ලිහිල් කරනවා. මේ තත්ත්වයට අපි හුරුවෙන්න ඕනෑ. ලෝකය මෙයත් සමඟ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනෑ. වයිරසය පාලනය කිරීම හැම තැනකදීම අසාර්ථක වෙලා.
අපි මේ වයිරසය දමනය කරන්න ඕනෑ. එය මඬින්න ඕනෑ. එහෙම නැතිනම් දමනය කිරීමේ හෝ දැඩි ලෙස පාලනය කිරීමේ සහ ලිහිල් කිරීමේ චක්‍රයක් අවශ්‍යයි. මේ චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපි හැමදේම කරන්න වුවමනායි. ඒ වගේම ජාතික සෞඛ්‍ය පද්ධතිවලට දරාගැනීමට හැකි ධාරිතාව ද ඉහළ නැංවිය යුතුයි.
අපි මුලින්ම ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය අඩු කරගන්න ඕනෑ. ඒකට කුළු ගෙඩියකින් ගහනවා වගේ. අපි කුළු ගෙඩියකින් ගහලා යමක් විනාශ කරනවා වගේම වයිරසය පාලනය කරන්න ඕනෑ. ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය කරනවා’’ යැයි ගේබ්‍රියෙල් ලියෝන්ග් කීය.
- 055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තහංචි ලිහිල් කරන්න යුරෝපය ඉක්මන් වුණා වැඩියි
Lockdown Sunday, 26 April 2020 03:15 PM
අපරාදෙ කියන්න බෑ.. අපේ නම් ඇමතිතුමිය දින තියලම කිව්වා. මදි පාඩු හරිය ප්‍රස්තාරෙන් බලාගන්න පුලුවන්...
de silva Monday, 27 April 2020 01:58 AM
ජෙර්මනියේ චාන්සලර්වරියට වැඩිය අපේ ඇමතිනිය කොරෝන ගැන හොඳට දන්නවා. එයා ලංකාවේ දී හමුවුන ප්‍රථම චීන කොරෝන රෝගියා හොඳ කරලා, සිපවැළදගෙන මාධ්‍ය සාකච්චාව තියල ගුවන් යානයට නග්ගල චීනෙට යවල තිබෙනවා, එම වාර්තාව කඩන්න චාන්සලර් වරියට බැහැ . අවසානය දක්වා චීනෙන් පැමිණෙන සංචාරකයෝ කිසිම ප්‍රශ්නයක් නැතුව රට තුලට ගත්ත... චාන්සලර් වරිය එවැනි හපන්කමක් කලේ නැහැනේ ? ඔන්න බලන්න කොරෝන අස්සේ අපි චන්දෙකුත් තියල පෙන්වනවා . චන්දෙ හෝ වෙනයම් හේතුවක් නිසා ලංකාවේ කොරෝන රෝගියෝ වැඩි වුනොත් , අපි කරන්නේ කොරෝන අසාදිත මනුෂ්‍යයෝ ටිකට නිදහසේ එළියේ ඉන්න දීලා අසාධනය නොවුන ජනතාව කදවුරකට දමල ඔවුන් ආරක්ෂා කරනවා . එතකොට ඔවුන්ට ආධාර බෙදා දීම වැනි දේවල් කරන්න පහසු වෙනවා...