
(අංජුල මහික වීරරත්න)
තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකක් වන ගල්පියස්ස වැව හා පතහවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය කෙරෙයි.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. වැව් දෙක ප්‍රතිසංස්කරණය සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 50කි. එමගින් ගොවි පවුල් 100කට පමණ සෙත සැලසෙන අතර මෙම වැව් දෙක යටතේ අක්කර 30ක පමණ පුරාණ කුඹුරු වී වගාවට ඉඩ සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දීර්ඝකාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් නොවූ පතහවැව හා ගල්පියස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම වැව් ජලය උපයෝගී කර ගනිමින් වී වගාව මෙන්ම මිරිස් වගා කිරීම සඳහා ගොවීන්ට පහසුකම් සලසන බව ප්‍රතිසංස්කරණ ඇරඹීමෙි අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතන බැලුවත් මිරිස් කරල...!!! හොඳට ඇස් ඇරලා බලන්න. ඔය උදේ ඉඳන් රෑ වෙනකන් මිරිස් කන රටවල්වල මිනිස්සුන්ගේ හැටි. මිරිස් හැරෙන්න වෙන මුකුත් ලංකාවේ හැදෙන්නේ නැද්ද?
මේ රට බංකොළොත් වෙනකම්ම හිටියද? මේ කාලකණ්ණි දේශපාලුවෝ මේවා ප්‍රතිසංස්කරණය කරන්න..!
වැඩේ හොඳයි... පොඩි අවුලකට තියෙන්නේ පහුගිය කාලෙත් ඔය පැත්තේ වැව් හාරන්න චීන කට්ටියක් ලෑස්ති වුණා නේද? පිටිපස්සේ කොමිස් කාක්කෝ ටිකකුත් හිටියලු නේද? මේ වැඩේ කරන්නෙත් ඒ ගොල්ලන්මද? ඒ ගොල්ලො නේද අර පුත්තලම පැත්තේ වැව් ප්‍රතිසංස්කරණයට කොමිස් ඉල්ලුවාය කියලා පළාතේ කට්ටිය ප්‍රසිද්ධියේ කිව්වේ. කොහොම වුණත් ඔය කොමිස් කාක්කෙක් වැව්වලට සම්බන්ධ පුටුවකට පත්වෙලාලු නේද? හොඳටම වැඩේ බාරදෙන්න ඔය වැඩේ අපේ රටට රට දිවිහිමියෙන් රකින්න ඉන්න සහෝදරයින්ට... වැඩෙත් ශුවර් එකටම කරයි...