එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා‘එක්සත් පුරවැසි පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
පක්ෂයේ ලකුණ ලෙස පුන්කලස ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අත්තනායක මහතා ‘එසැණට‘ කීවේය.
එම නව දේශපාලන පක්ෂය එළි දැක්වීමේ මාධ්‍ය හමුවක් කොළඹ 03, එඩ්වර්ඩ් පටුමගෙහි පිහිටි ‘පර්ල් ග්‍රෑන්ඩ්‘ හෝටලයේ දී බදාදා (21) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතය.
තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් විය.
මෙවර සන්ධාන ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
අපිත් ඔබ සමඟයි (නි)
දුමින්ද, කටුස්සා ලකුණ ගැළපෙන කට්ටිය නම් ගොඩක් ඉන්නවා ඔය පක්ෂයේ නැතිවුණාට (නි)
නියමයි! (නි)
මමත් ඔබේ පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා (නදී)
එහෙම එකක්වත් හදාගෙන හරි දේශපාලනයක් කරන්න අනුන්ගේ ගොදුරු වෙන්නේ නැතිව. (නදී)
නායකයත් තිස්ස, සභාපතිත් තිස්ස, ලේකමුත් තිස්ස (නදී)
මෙතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ ඇති බෑණා සංගමයත් උදවු කරයි. (නදී)
පක්ෂයේ (නායක) සභාපති - තිස්ස අත්තනායක පක්‍ෂයේ ලේකම් - තිස්ස අත්තනායක පක්‍ෂයේ භාණ්ඩාගාරික - තිස්ස අත්තනායක පක්‍ෂයේ උප ලේකම් - තිස්ස අත්තනායක පක්‍ෂයේ උප සභාපති - තිස්ස අත්තනායක පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව - තිස්ස අත්තනායක(නදී)
ඒක හොඳයි එතකොට බලා ගතහැකියි තමා ඉන්න තැන (නදී)
අනේ අපොයි. මෙයාට වෙච්චි දේ. (නදී)
මොහුට ඕනවෙලා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ලබා ගැනීමටය. එක සමාන පක්ෂ නමක් යොදා තියෙන්නේ එනිසාය. (නදී)
පක්ෂයේ සියල්ලෝම බෑනවරුන් වෙති. (නදී)
නෑ ගෙම්බා ලකුණ තමා හොඳම ලකුණ (නදී)
මම වකුගඩු රෝගියෙක්. මමත් පක්ෂයක් හදන්න තීරණය කලා . " ජාතික වකුගඩු රෝගී පෙරමුණ " ලකුණ ලේ බින්දුව (නදී)
මේ තම දේශපාලන ලෝකයේ හොදම .... (ම)
ඔබට ජය (ම)
අපේ මනාපය තිස්ස මාමාගෙ දුවට (ම)
තාත්තයි දුවයි විතරයි දෑනට ඉන්නේ සාමාජිකයෝ හෑටියට.(ම)
ඡන්ද කඩාගන්න එක එක විහිළු කරනවා.(නදී)
මේකත් වාසුලගේ, දිනේස්ගේ වගේ කාරක මණ්ඩලය විතරක් ඉන්න පක්ෂයක් වේවි.(නදී)
රටට ගිය කලක් අනේ දෙවියනේ (ම)
තනතුරු සේරම තිස්ස අත්තනායකම දා ගන්න. (ර)
අනාගත්ත අනාත නායක ජන්ද ගණන 05 (ම)
දේශපාලනයෙන් නන්නත්තාර උනාම, හැමෝම ඔහොම පක්ෂ හදනවා, ඒවායින් හරි එල්ලිලා, ඉන්න මේ වාගේ අයට දේශපාලන අනාගතයක් නැහැ. (ර)
දේශපාලනයෙන් සමුගෙන ඉන්න ඕනේ කාලේ තවත් පිස්සු කෙලිනවා. (ම)
තිස්සගේ බැනවරුන්ගේ සංගමයත් ඔබ සමග. (ර)
පක්ෂය හදන්න කලින් තමන් කවුද කියා සොයා බැලුවද ? (ර)
ඔබ තුමා ගේ නරකම වෙලාව තමා වෙන මොන කියන්නද? (ර)
සියල්ලෝම පක්ෂ හදති කිසිදු ජන පදනමක් නැති අයට පදනමක් සදහා. මේ දේවල් පොදු මහජනයාගේ උවමනාවටද ? මේ අයගේ පැවැත්මටද ? (ර)
කටුස්ස ලකුණ හරියටම ගැලපෙනවා (නදී)
යන එන මන් නැති අනාතයෙක්ද ? (නදී)
නියමයි පාලිත! (නි)
සෝමවංශගේ, ගම්මන්පිලගේ වගේ බලගතු පක්ෂයක්. ජයවේවා.(නදී)
හොඳම ලකුණ 'පුන්කළස' නෙමේ 'පුන්නක්කු කළස'. (නදී)
රටෙන් බාගයක් ජනතාව බලාගෙන හිටියේ ඔබතුමා පක්ෂයක් හදනකම් සමජිකත්වය ගන්න (ම)
දැන් ඔබතුමාගේ ඔය පක්ෂේ ඔබ තුමයි තව ජන්දදායකයෝ කීයක් විතර ඉන්නවද?(නදී)
ඔබතුමාලගේ සන්දානේ ඉන්න සේරමලා වෙන වෙන පක්ෂ හදාගත්ත නම් කියන්න තිබුනා වැඩිම පක්ෂ ගානක් එකතුවෙච්ච සන්දානය කියලා. (නදී)
කී දෙනෙක් විතර ඉන්නවද පක්ෂෙට (නදී)
කටුස්සා ලකුණ හොඳද ? (නදී)
තමන්ගේ ආසනය වන කුණ්ඩසාලේවත් ඡන්දෙ දිනාගන්න බැරි තිස්ස මහත්තයා අලුත් පක්ෂයක් කොහොමද හදන්නේ. (නි)
දැන් තමයි ඔබතුමාගේ හොඳ කාලේ (නි)
සතුන්ගේ රූප බොහොමයක් දැන් පක්ෂ වලට දීලා නම් ඉවරයි (නි)