පසුගිය ජනාධිපතිවරණ සමයේ කුට ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතීපති පවරා ඇති නඩුව සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා අද (11) අභියාචානාධිකරණයට ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇති මෙම පෙත්සම නීතීඥ චමින්ද අතුකෝරාළ මහතා විසින් ගොනු කර ඇත.

පෙත්සම්කරුට ඇප නියම කරන ලෙස ඔක්තෝබර් 19  හා නොවැම්බර් 09 කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.