එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය.
යහපාලන බොරුව ගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ වෙනත් දේශපාලන මත දරන සියලු දෙනාටම එකට එකතුවෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන බවත් අත්තනායක මහතා එහිදී පැවසීය.
‘මෙම පක්ෂයේ මූලික පදනම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය පිළිගන්නවා, තව පැත්තකින් සුබ සාධන ආර්ථිකය යටපත් නොකර ඒ සමග මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා‘
ඡායාරූප - සනත් ඩෙස්මන්
ඡායාරූපය - ඉෂාන් සංජීව
විඩියෝ - ඉෂාන් සංජිව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවල තියෙන ජාතියේ තවත් එකක් වගේ. (ර)
කලකිරුණු අයට නවාතැනක් (බ)
මමත් එනවා. සියලුම බෑනා වරුනි නැගිටිව් (බ)
ඔබගේ ප්‍රධාන අරමුණ ඒ.ජා.ප ජන්ද කඩා මහින්ද මහතාට උදව් කිරීමද? ජන්ද 500යක් ගත්තොත් පුදුමයකි. (බ)
මං ගානේ ත්‍රී වීලර් 2ක්. (ර)
පුන්කලස කියන්නේ සෞභාග්‍ය සංකේතය. ඔබට සුදුසු වන්නේ නම්.... (ර)
දැනටමත් හය දෙනෙක් ඉන්නවා. ජයවේවා.! (ර)
මහාචාර්යවරු ,ආචාර්යවරු ,උපාධිධාරීන්,නීති විශාරදයන් ,පමණක් යොදාගත් නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂය මෙහෙයවන්න.නාමයෝජනා දීමේදී අධ්‍යාපන සුදුසුකම්,දේශපාලන දෙනුම ,සහ පුද්ගලයාගේ දේශයට දෙන සැලැස්ම බලන්න.අපෙෂකත්වය ඉල්ලනවානම් එම පුද්ගලයා ට සැලැස්මක් තිබිය යුතුවෙනවා අදාළ ආසනයට .අඩුම තරම ආසනයේ ඉන්න ජනගහනය,භෞතික සම්පත්,භූගෝලීය තත්වයන්,සංවර්ධන ප්‍රවේශ පිලිබඳ අවභෝධයක් තිබිය යුතුය.(අ)
ඔබ ගැන විශ්වාසයක් තබන්නේ කොහොමද? අන්තිම මොහොතේ අනික් පැත්තට යාවි. (ම)
කොහෙන් හරි කට්ටියක්නම් හොයාගෙන. අදමයි මේ අයව දැක්කේ. ගම්මන්පිල මහත්තයෙ වැඩේම මෙය පටන් අරන්. ඊට පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වගේ? (අ)
තවත් ට්‍රිවීල් පක්ෂයක්. (අ)
ඔබට ජය (අ)
බෑණා කර ගන්න වා නම් ඔන්න අපිත් සෙට් වෙන්නම්. (අ)
ඕකට පුරවැසි පෙරමුණට වඩා හොඳයි... (ර)
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම වත් තිස්ස අත්තනායක දන්නවද? (අ)
ඔයාගේ දුව මට දෙනවා නම් මම යු එන් පි කාරයෝ 100ක් ගේනවා ...(අ)
මෙතන ඉන්න සමහර අය කීප විටක්ම පක්ෂය මාරු කරපු අය (හේ)
මෙයාට වුන දේ ලොවෙත් නෑ.(හේ)
ජයවේවා! (නි)
දේශපාලන අනාථයෝ තම මේවගේ හැටහුටමාරක් පක්ෂමදිවට පක්ෂ ගහන්නේ.මෙයාගෙන් පස්සේ පක්ෂය බෑනාටයි. (අ)
ගම්මන්පිලට පුලුවන්නම් තිස්සට බැරි ඇයි . දීපල්ලකෝ උත්තර (අ)