තිස්සමහාරාමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැලියට පැමිණි තරුණයෙක් හංසයාත් මෛත්‍රී වැකියත් සටහන්වන ලෙස කොණ්ඩය කපා තිබිණි.
රැස්වීමට පැමිණි බොහෝ දෙනාගේ දෑස් ඔහු වෙත යොමුවිය.
තිස්සමහාරාමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැලියට පැමිණි තරුණයෙක් හංසයාත් මෛත්‍රී වැකියත් සටහන්වන ලෙස කොණ්ඩය කපා තිබිණි.
රැස්වීමට පැමිණි බොහෝ දෙනාගේ දෑස් ඔහු වෙත යොමුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකාවේ හිටගෙන අත් වනන හැමදෙනාමත් මෙහෙම කරගත්තොත් නරකද? අලුත්ම ප්‍රචාරක ක්‍රමයක්, සැලූන් වලට වැඩ තියේවි, ඡන්ද නීති රකින්න පොලිසියටත් ජංගම සැලූන් සේවාවක් කරන්න වේවි (බ)
ඒ වුනාට දැන් කවුරු හරි බුලත් කොලය ඔලුවේ ඇඳ ගත්ත නම් අල්විස් ල ඔහොම කියන එකක් නැහැ. කොහොම නමුත් මේවා අනවශ්‍ය දේවල් කියල මමත් පිළි ගන්නවා. (බ)
සරත්, අල්විස්, තමන්ගේ කොණ්ඩේ තමන්ට ඕන හැටියකට කපා ගන්න නිදහසක් නැද්ද මේ මනුස්සයට? (බ)
පොස්ටර්වලට වැය කරන කෝටි ගණන් ඉතිරි කරන්න හොදම ක්‍රමය. (බ)
සමහර ගුවන්විදුලි නාලිකා ඇතුලු හැම පැත්තෙන්ම අහන්න ලැබෙන්නේ මැතිවරණ නීතී උල්ලංඝනය වෙන සිදුවීම්.එහෙම බැලුවම මෙතුමාගේ වරදක් නැහැ.මෙතුමාගේ කැමැත්ත. (නි)
ඔලුව ඇතුලේ මොකුත්ම නැද්ද?(දිල්)
මේ ඉන්නේ හදවතින් රට ගැන හිතල එන මිනිසුන්. (ර)
හොදම ලකුණ ගෙම්බා නේද?(දිල්)
මේ මම දන්න කෙනෙක්නේ! (නි)
තමන් කැමති අපේක්ෂකයාට අහිංසක විදිහට සහයෝගය දක්වන එක්කෙනෙක්. ඉතා සන්තෝෂයි සහ ඉහළින්ම අගයකොට සළකමි. (නි)
මේ අයට තමා කකුල් දෙකේ බුරුවෝ කියන්නේ. (නදී)
මුන්ට පිස්සු (කෞ)
තරුණයෙක් කීවට රැවුලෙත් සුදු කෙස් තිබෙන නිසා මැදිවියට කිට්ටු කෙනෙක්. ඔහුගේ මොළය හරියේ මේ සලකුණු ගසා ඇති නිසා මොළයේ තරමද පෙනෙනවා. (නදී)
රටට හා ජනතාවට සෙතක් වෙනවා නම් (නදී)
රට ගැන නෙමේ බඩ ගැන (නදී)
මොලෙන්ම හිතලා ඡන්දෙ දෙන පුද්ගලයෙක් කියා හිතෙනවා (නදී)
මගේ පපුවෙත් හංසයෝ දෙන්නෙක් කොටලා ඉන්නවා(දිල්)
ඔලුව නරක් වෙලාද කොහෙද (බ)
මේ තරම් නුගත් බාල ජනතාව නිසා තමයි දේශපාලුවෝ මේ තරම් නිර්ලජ්ජව තකතීරු දේශපාලනයක් කරන්නේ. මේවා අපේම වැරදි. (බ)
හංසයා පැරදුනොත් තමා කොල්ලට යන එන මං නැති වෙන්නේ. (අ)