හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිස්ස අත්තනායක මහතාගේ සුව දුක් විමසීය.
දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් පසුගිය ජනපතිවරණ සමයේ අත්සන් කළැයි කියන සිද්ධියේ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කරනු ලැබ සිටී.
මැතිවරණ සමයේ එජාප මහ ලේකම් තනතුරින් ඉවත් වු ඔහු ගිය රජයට එක්වී සෞඛ්‍ය ඇමැතිවරයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියව නැතිකළ අපේ රටේ එකම නායකයාට කෝ ආරක්ෂාවක්? (නි)
බලන්න යන එක හොදයි. (ර)
ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීටවඩා හිතන්න.බහුතරයේ බහුතරය ඔබතුමා සමඟයි (නි)
මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා ඉහලින් සැලකිලිමත් උනොත් හොදියි. (ර)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකගන්න තව ගොඩක් ආරක්ෂාව දෙන්න.එතුමා ගැන නරක විදිහට කතාකරන අයට මේවා තේරුම් ගන්න තව ගොඩක් කල් යන්නේ නැහැ. (නි)
කොටින්ට සහ ඊළාම් කාරයන්ට වෛරය තියෙන්නේ ඔවුන්ගේ සිහිනය විනාස කල මහින්දට සහ ගෝඨාභයට. මේ ජාතික වීරයන් රැක ගත යුතුමය. පටු දේශපාලනය අනුව ඒ ගැන හිතන එක වැරදියි. (ර)
මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මෙතුමා නිසා තමයි අද අපි මෙහෙම නිදහසේ ඉන්නේ. (ර)
තණ්හාය ජායති සෝකෝ (නදී)
කේන්දරකාරයෝ, සාස්තරකාරයෝ විශ්වාස කළ නිසා මේ පුද්ගලයා වැටුන වැටිල්ලක්... ? (නි)
එතුමටත් අන්තිමට එතැනට යන්න වෙයිද ? (නදී)
චතුර, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ගැන දන්නේ නැත්නම් කට පියන් ඉන්න. හිටපු ජනාධිපති තුමෙක්ව නඩු දැමීම හෝ සිරගත කිරිම සිදුකල නොහැක. (ර)
මහින්ද කියන්නේ තෙම්පරාදු වූ මිනිසෙක්. මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ. (නි)
උමේෂ්, දහම්, ඔබගේ අදහසට මමත් එකගයි. අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.! (ර)
දැන් නම් පොලවේ පය ගහලා ඉන්න හැඩැයි (නදී)
ඔබතුමා ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරදුන් රටට ගිය කලක්. (නි)
තණ්හාය ජායති සෝකෝ (නදී)
තවත් ඉන්නවා. වැරදි කළොත් දඬුවම් ලැබීම සාධාරණයි.නැත්නම් වැඩක් නැහැ. (නි)
ඔහොම වෙන බව හිතන්න තිබුනා. (නදී)
බලන්න යන එක යුතුකමක්. (නි)
එතකොට අර කූට ඡායාරූප ශිල්පියා ගැනත් රහස් පොලිසියට පැමිණිලි කළා නේද? (නි)
කළගුණ මතක්කරදීමක් (නි)
පැරදිලා හරි මෙතුමා රටේ ඉන්න එක රටට ලොකු හයියක් මෙතුමා රටට නැති වුනොත් දැනෙන වේදනාව හිතා ගන්නවත් බෑ. (නදී)
වැරදි කලානම් දඩුවම් විදින්න එපායැ. කෑවා නම් වමාරින්න (නදී)
දහම්, යුද්ධය සටන්බිමේ සිට මෙහෙයවපු අයත් හිරේ යවපු නායකයෝ ඉන්න රටක් මේක (නදී)
ලණුව දුන්න අයගේ යුතුකම තමා ලණුව ගිල්ල අයගේ සැප දුක් බැලීම.(නදී)
තෙහාන් අනුන්ට බණ කියන්න ඉස්සර ආණ්ඩු ක්‍රමය දැනගෙන කතා කරන්න. චතුර ඔය හරි. (ස)
සරත් පොන්සේකා මහත්තයත් හිටියේ ඔතනම නේද ? (ස)
දැන් ඔය යන්නේ මොකක් කියන්නද? (නදී)
දහම් එතකොට ඒ දෙන්නා විතරද යුද්ධය සඳහා සක්‍රිය දායකත්වය දුන්නේ? අනිත් මිනිස්සුන්ට ආරක්ෂාව ඕන නැද්ද ? (නදී)
අපෝ දහම්, කරුණා පිල්ලෙයාන් කේ පි ල ඉන්නකන් මෙතුමාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. (නදී)
මේ මනුස්සය තමයි අපිට රටේ බය නැතුව සිංහලයන් විදියට ජීවත් වෙන්න අපේ දරුවන්ට රට ආරක්ෂා කරලා දුන්න වීරයා. ඒක නිසා අපහස කරන්න එපා.(හේ)
කොටින්ට සහ ඊළාම් කාරයන්ට වෛරය තියෙන්නේ ඔවුන්ගේ සිහිනය විනාස කල මහින්දට සහ ගෝඨාභයට (ස)
චතුර, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ තියෙන කතාවක් වත් කියවල නැති නිකමෙක් වගේ මට පෙනෙන්නේ (ස)
මහින්ද මහත්තයට මේ ආරක්ෂාව හොඳටම මදි.මේ හුටන්ලා මෙච්චර දගලන්නේ එතුමා උදාකරදුන් නිදහස නිසයි. (ස)
ඉස්සර තිස්ස බලන්න මහින්ද ගියේ මිහින්තලාවට (ස).
මිතුරු තුමෝ දුකසැප දෙකෙහිම පැවතී බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිතී (ස)
ඔබ තුමාට හිර ගෙදර අලුත් තැනක් නොවන බව අපි දන්නා කරුණකි . අම්ම ගේ මල ගෙදර දවසෙත් ඔබ තුමා හිර ගෙදර. ගුණමකු පුද්ගලයන් මොනවා කිවත් මෑත කාලයේ බිහිවුන වීරයෙක් ඔබ. ඔබ තුමාට දළදා සරණ පතමි .(ස)
මේක සම්පුර්ණ පළිගැනීමේ චේතනාවෙන් කරන්නේ. මේක ඇප දෙන්න පුළුවන් කේස් එකක්. මේකට, මේ විදියට ඇක්ෂන් ගන්නවා නම් පාටලී චම්පික ඇමතිතුමා මාධයට විකෘති කරලා පෙන්නපු ෆොටෝ එකටත් ඇක්ෂන් ගන්න ඕනේ නේ. (නදී)
ගිහිල්ල හිර ගෙදර බලාගන්න එක ඇගට ගුණයි අන්තිමට මෙයත් මෙතන ඉන්න පුළුවන් (ස)
මෙතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා ඉහලින් සැලකිලිමත් උනොත් හොඳයි. අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.! (නදී)
එතකොට යුද්දේ කරපු සරත් ෆොන්සේකාට හිරේට දාල දුන්න වගේ හොද ආරක්ෂාවක් දුන්නනම් හරිද ?(හේ)
දැන් ඉතින් හැම තැනම ආපහු ගේට්ටු ඇරලා නිසා රට වෙනුවෙන් වැඩ කළ කොයි කවුරුත් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සොයා ගත යුතු කාලය නැවත පැමිණ ඇත. (අ)
වරදක් කලානම් දඩුවම් අනිවාර්යෙන්ම දෙන්න ඕනා. නමුත් එක පැත්තකට පමණක් කටයුතු කිරීම කණගාටුදායකයි (නදී)
චතුර වගේ නොදත් අය හින්දා තමයි රටට හොඳ නායකයෙක් නැති උනේ. ඔබතුමාට චිරන් ජයතු. අපි ඔබතුමා සමගයි සැමදා. ඉදිරියටම එන්න උතුමානනී. (නදී)
තණ්හාය ජායතී ශෝකෝ... (නි)
ඔය හැමෝගෙම කයිවාරු කවුරු හින්දාද කියලා අපි දන්නවා (නි)
ගිහින් පිටට තට්ටුවක් එහෙම දාලා කතාකරලා එන්නකෝ (නි)
මෙතුමා නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. ජේ වී පී කාරයන්ගේ පච වලට රැවටිලා අපේ මිනිස්සු අපේ කම ඇති ශක්තිමත් ආණ්ඩුවක් පරාජය කළා. මේ රට ස්වාධීනව ගොඩ නැගීමට උත්සහ කල සැමවිටම එය කඩාකප්පල් කලේ ජවිපෙ බව මම දැඩිව විශ්වාස කරමි. පවතින දේශපාලනික තත්වය අවුල් , වියවුල් කර එමගින් ගොඩනැගෙන ජනපිඩනය තුළින් තමුන්ගේ හිස්ගොඩ වැඩිකරගැනීමේ කුරිරු ප්‍රයත්නය හැර වෙනයමක් කිරීමේ හෝ කළමනාකරණ හැකියාවන් ප්‍රගුන කලවූ කිසිවෙකු ඔවුන් සමග නොමැති බව අවබෝධ කරගැනීම සඳහා මිනිසුන්ට තවත් කාලයක් ගතවනු ඇත. අද දිනයේ ඔවුන් කරන්නේද අළුත් ආණ්ඩුව පෙරකී අරමුණ සඳහා දැක්වීම පමණි. ආණ්ඩුව පිරිහෙන විට , 89 මෙන්ම අරගල කරනු ඇත. විප්ලවය නාමයෙන් දේශීය සම්පත් විනාශ කර තරුණ ජිවිත බිලි දෙනු ඇත. ජවිපෙ තරුණ ජිවිත 60,000 බිලිගත් ඈයින්ට මුට්ටිය ඇල්ලු ජවිපෙ දේශපාලන මණ්ඩලයට හා මද්‍යම කාරක සභිකයන්ට මේ රටේ ජනතාව නිසි පිළිතුරු දෙනු ඇති බව මම විස්වාස කරමි (නදි)
මොකද මේ දේශපාලකයෝ පමණක් හිරගෙදර රෝහලේ රඳවන්නේ. මේ ගොල්ලන්ට ලෙඩද නැතිනම් නීතියට ලෙඩද? (නදී)
චතුර, මැට්ටෙක් උනාට ප්‍රදර්ශනය කරන්න එපා. එතුමාට ඔතන අලුත් තැනක් නොවේ. එදත් කොන්දත් කටත් නිසා කට්ටිය එතුමාව නිහඬ කරන්න හැදුවා ඔය වගේ විලංගු දාලා. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න (නදි)
අනිවාර්යෙන් වැලිකඩ තමයි (නදී)
හිටපු ජන නායක තුමාට රජයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් දී නොමැති බව මෙම රූප රාමු මගින් දැක ගත හැක. මෙතුමාගේ ජිවිතයට අනතුරක් සිදු උවහොත් පවතින රජය වග කිව යුතුයි. (නදී)
ලංකාවේ අයට අද ඔහොමයි (නදී)
මෙහෙම වෙන්න එපැයි (දිල්)
අර හැතැප්ම බාගයක් විතර දිග ආරක්ෂක සංදර්ශන නැත හෙලිකොප්ටර් නැත සියල්ල අනිත්‍යයයි . තණ්හාය ජායති සෝකෝ (දිල්)