‘‘ශ්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ කුමන්ත‍්‍රණය පරාජය කරමු‘‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
අවසාන දේශනයට සිදු කිරීමට නියමිතව සිටියේ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාය.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණට එම දේශනයට පෙර නැගිට පිටවී ගියේය.
ඔහු යද්දී ගුණදාස අමරසේකර මහතා මදක් නවතින්නැයි කීවද මහාචාර්යවරයා ඔහුට අත වනා යන්නට ගියේය.
නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම යනු ජනවාරි අට වැනිදා කුමන්ත‍්‍රණයේ දෙවැනි කොටස යැයි ද, ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රතිඵලයක් යැයි ද නොබියව පැවැසූ එකම පුද්ගලයා මහාචාර්ය තිස්ස විතාරණ මහතා බව අමරසේකර මහතා සම්මන්ත‍්‍රණයේ අවසාන දේශනය ආරම්භ කරමින් පැවැසීය.
‘‘තිස්සට නවතින්නැයි කීවේ මට ඔහුට කෘතඥ වීමට අවශ්‍ය වුණා. ජනවාරි අට වැනිදා වුණේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව නොබියව පැවැසූ පුද්ගලයා ඔහු පමණයි. ’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම දන්නවා බටහිර බලවේගවල බොරු ප්‍රචාර නිසා සමහර මිනිස්සු රැවටුණු බව. එයාලට ඕනේ ගැති ආණ්ඩුවක් දැන් පේනවනේ පාලකයන් නිවටයෝ වගේ ඉන්න හැටි. (බ)
මට දැනෙන තේරෙන හැටියටනම් හොදම දේ රට කරගෙන යන පාලකයන්ට නිදහසේ රට කරගෙන යන්න ඉඩ දෙන්න අවශ්‍යයි,වැඩි බහුතරයක් ඔවුන්ට ඡන්දය දුන්නේ ඒ නිසයි. වපරපු හැටියට ඵල නෙලා ගන්න ලැබෙයි කොහොමත්, ඒ බහුතරයටත් අඩු නැතුවම. (අ)
ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 10% - 20% අතර ප්‍රමාණයක් ඉන්නවා පක්ෂයක එල්ලිලා ඉන්නේ නැතුව පවතින වාතාවරණය සළකලා ඡන්දය දෙන බුද්ධිමත් කොට්ඨාශයක්. දැනට ඉන්න පාලකයනුත් මෙය හිතට ගන්න (නි)
ජනවාරි අට වැනිදා වුණේ කුමන්ත‍්‍රණයක් නම් මහජන ඡන්දයකට කියන නම මොකද්ද කියල පොඩ්ඩක් කියනවද මහත්තයෝ? (බ)
විමල් වීරවංශ තරහ වෙයි (බ)
මොකක්ද මේ වුනේ.(හේ)
පුළුවන් හොඳ වැඩ ටිකක් හෝ කරලා රජයට සහාය දීම වඩා හොඳ නැද්ද ?(හේ)
අනේ ඔයාලා රිටයර් වෙන්නකෝ (අ)
ලුම්බිණි මහත්මයාණනි, දැන්වත් ජනවාරි 8 දාගත්ත අං තට්ටුව ගලවල අවංකව බලන්ඩ වට පිට මොකද වෙන්නේ කියල්ල, ඔබතුමාට වගේම අපිටත් වැරදුන තැනක් ජනවාරි 8, (බ)
දැනට සිදුවෙන වැඩ කටයුතු දෙස බැලුවහම රට කවදත් වින කල විදෙශිකයන්ගේ සහය වර්තමාන පාලක පක්ෂයට ලැබී ඇති බව පෙනෙනවා. (අ)
රටට පුහු ආදරයක් කරනවා, තියෙනවා යයි කියන අය අතරේ වත් එකග තාවයක් නැති බව මේ සන්ධර්ශනයෙන් පේනවා. බොරු කතා පතුරුවා රටවැසියා ඇවිස්සීමට නොගොහින් කරන්න පුළුවන් හොඳ වැඩ ටිකක් හෝ කරලා රජයට සහාය දීම වඩා හොඳ නැද්ද ? (ර)
බැලුවාම ජනාධිපතිවරනයේදී ඡන්දෙ දීලා තියෙන්නේ ලංකාවේ ඡන්දදායකයෝ නොවෙයිනේ. උගත් කෙනෙක් හැටියට ඔය කතාව තැන් තැන්වල කියන්නේ නැතුව මැකෝට පැමිණිලි කරලා ප්‍රතිඵලයක් වුණේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් ඉවරයිනේ (නි)
එයාට ස්තූති කිරීම් අනවශ්‍ය නිසා යන්න ඇති (නි)
එදා මිහිදු හාමුදුරුවෝ කිවත් ඒ ටික තමයි (බ)
කල් ඉකුත්වුන දේ පරිභෝජනයට නුසුදුසුය!(අ)
ලංකාවේ ගොඩක් මහාචාර්යවරු, දේශපාලුවන් සහ විශේෂඥ වෛද්‍යවරු එයාලගේ දැනුම යාවත්කාලීන කරගන්නේ නෑ. හැමවෙලාවේම කථා කරන්නේ පරණ පදනමේ සිටයි. ඔවුන්ට ඇත්තේ කල් ඉකුත්වූ දැනුම සහ ශබ්දකෝෂයක් (බ)