එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ ආශ්චර්යය!! (නි)
නඩුව විභාග කරලත් ඉවරද?(දිල්)
තිස්ස . බිය නොවන්න. සියල්ල සිදුවන්නේ හොඳටයි.(දිල්)
එහෙනම් එක ඇත්ත ලේඛනයක් තියලද කියන්නේ ?(දිල්)
ඡන්ද දායකයින්ට තව ටික දවසකින් අපිත් නෑ (දිල්) ..?
එතකොට කුඨ ඡයරූප පෙන්නපු කෙනාට මොකද වෙන්නේ (දිල්)
අපි මුල ඉදලම ඕක තමා කිව්වේ, කෝ තියනවයි කිව්ව ලැම්බෝගිනි, සුදුඅස්වයා? කෝ තව හෙලිකොප්ටර් දෙක? මොකද හෙලිකොප්ටරයක් සාක්කුවේ දාගන යන්න බැහැනේ? මේ හොර ඇල්ලිල්ල මාධ්‍ය සංදර්ශනයක් විතරයි. අපරාදේ 1815 වගේම සිංහලයා 2015 දීත් රැවටුනා.(දිල්)
අහිංසක සහ අවාසනාවන්ත මහත්මයෙක් කියලයි මට නම් හිතෙන්නේ (දිල්)
ඔබ තුමා නිදහස ලැබීම නම් විශාල සතුටක් (අ)
දැන් එතකොට පෙන්නුවේ මොකක්ද ටිවී එකේ.(හේ)
දැන් ඉතින් එහෙමවත් කියමු.(හේ)
ගොයම් කොලයට මුව වෙලා වෙඩි තියන්නේ කොහොමද කියල අහපු උසාවියක් අපට තියෙන්නේ.(හේ)
අපි වගේ කෙනෙක් ඔය වගේ දෙයක් කරානම් අවුරුදු 7 වත් හිරේ යනවා.(හේ)
මෙම ලිපිය හොර අස්සන් යොදා සැකසු බවට තහවුරු නොවීමෙන් පැහැදිලි වන්නේ එවෙනි ලිපියක් වත්මන් රජය බලයට ඒමට පෙර අස්සන් කළ බව නේද? එසේ කිරීම සහ තිස්සට චෝදනා කිරීම සහ අපහස කිරීම කොතරම් වරදක්ද? ඒවාට දඩුවම් නැද්ද? (හේ)
අනිත් බොරුත් ඔහොම තමයි ..(හේ)
දැන් මොකක්ද මේ කතාවේ තේරුම.(හේ)
ඇප ලැබුනත් නොලැබුණත් ගෙදර වගේනේ හිටියේ.(හේ)
අනේ මන්දා දුෂිතයින්ට දඩුවම් දෙනවා කියලා නම් කිවුවා. තවම මොකද පරක්කු. අලුත් බෝතලයකට පරණ වයින්මද අපි පිරෙව්වේ.(දිල්)
එතකොට ගිවිසුම බොරු එකක් නෙවෙයිද ??(දිල්)
පව් මේ අහිංසකයාටනේ මෙච්චර කතා කිව්වේ මේ අය (දිල්)
යහපාලනය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙනවනම් .ඇයි අර බොරු පොටෝ හදපු එක්කෙනාට නඩු නැද්ද ?(දිල්)
දැන් හරිනේ, ඔක්කොම සුද්දයි, මෙයා කිසිදු වැරද්දක් කරලා නෑනේ. (හේ)
යහපාලනයේ ප්‍රෝඩාව දැන් පේනවද (බ)