එක්සත් ජාතික පක්ෂයේ සභාපතිත්වයට මලික් සමරවික්‍රම මහතා පත් කරනු ලැබ සිටී. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඔහු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවද පක්ෂ ආරංචි කියයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම මොහොතේ පක්ෂය පාවාදී , තම පක්ෂ නායකයට නිගාකළ අය එජාපයෙන් පන්නා දැමීම ලොකු දෙයක්. එජාපය අතීතයේත් අනාගතයේත් රටට අවංක සේවයක් කරන පක්ෂයක් (නි)
නවතින්න තිස්ස ඇයි මේ ? නොදුවන් මහින්ද පස්සේ බොරු කියමින් තම පක්ෂේ - වැනසුවේ ඇයි ඔබ සිත්සේ (නදී)
ඔහුත් සමග ගිය අනෙක් අය අනාථයි (නදී)
අනුෂා, තිස්ස මහත්තයා පක්ෂයෙන් ගිය එකට නොවෙයි පක්ෂයෙන් අස්කළේ. බොරු ලේඛන සකස්කොට ජනපතිතුමාගේ ජයග්‍රහණයට අනිසි ලෙස බලපෑම් කිරීම නිසා අධිකරණය ඉදිරියේ චෝදනා ලබා තිබෙන නිසයි. (නි)
අනුෂා, හොර අත්සනක් ගහනවා කියන්නේ විශාල වරදක්.මෙහෙම කෙනෙකුට කළනොහැකි දෙයක් තිබෙනවද? අනුෂා කියන්නේ මෙයාව නැවත පක්ෂයට ගන්න කියලද? (නි)
එ්ක හොදයි. කරදරකාරයෝ. (නදී)
පක්ෂයට සේවය කරන්න තමයි ගිහින් කටමැත දොඩවලා පක්ෂය දිනෙව්වේ (නදී)
අනේ දෙවියනේ! තිස්ස මහතාට සිදුවූ දෙයක හැටි? (නි)
තිස්සගේ රාජයෝගයේ බලපෑම (නදී)
හොද තීරණයක් ජයවේවා! (නදී)
හොඳම හොඳ තීරණයක්. ජය වේවා.! (ර)
හොද තීරණයක්. (ර)
ඉතාම හොඳ තීරණයක්. පක්ෂ මාරු කරල කට පියන් හිටිය නම් පුද්ගලික කැමැත්තනෙ කියල හිතන්න තිබ්බ. ඒත් මෙයා පැනල නිකන් හිටියෙ නෑනේ. (ර)
කලින් පැනපු අයත් ගිහිල්ලා කට වහගෙන හිටියේ නැහැනේ. එයාල ඔය තනතුරුත් අරගෙන හොදට ඉන්නේ. පක්ෂය නොකැඩි තිබුනේ එතුමා හින්දයි. පක්ෂයට කරපු සේවයට හොදට කළගුණ සලකලා තියෙන්නේ.(නදී)
එතකොට මන්ත්‍රී දුරය? එ්කත් අරගන්න ඕන මොකද මිනිස්සු ඡන්දෙ දුන්නේ පුද්ගලයට නොව පක්ෂයටයි. නවතින්න තිස්ස අැයි මේ නුදුවන මුවාගේ පස්සේ. අපි කියනදේ අහල හිටියනම් තැටියේ බත් කන්න වෙන්නෙත් නැහැ. පක්ෂයෙන් යන්න වෙන්නෙත් නැහැ (නදී)
හැමෝම පැන්න අය නේද ඉන්නේ (දිල්)
එක්සත් ජාතික පක්ෂයට විශාල කැපකිරීම් කළ අයෙක් හැටියට මම කියන්නේ ඉතාම හොඳ තීරණයක්. එයා පක්ෂයෙන් ගියාට අපිට කමක් නැහැ.හොර ගිවිසුමක් මඟින් අත්සන් හොරට ගහලා රටේ සමස්ත ජනතාවම මුලාකළා.ඡන්ද ප්‍රතිඵලයටත් එය බලපෑවා. (නි)
හොඳ තීරණයක් !!! (නි)
මදැයි කරගත්ත දේ! (නි)
එයා කළේ එසේ මෙසේ ද්‍රෝහීකමක් නොවේ. (නි)
දැන් අපිට කියන්න වෙන්නේ "අයියෝ තිස්ස" කියලා තමයි (නි)
සුමනදාස ඉන්න නිසා බයවෙන්න එපා. එයාට ගිහින් කියන්න (නි)
ඔය ගොඩටම දාන්න තව අය ඉන්නවා (නි)