ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි.
විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම කෝට්ටේ පාර්ලිමේන්තුවට ආසන්න ස්ථානයකයි.
”දැන් අපි මේ නිවසට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා.” තිසර කියන්නෙ එහෙමයි. හැබැයි අවුරුදු හයක් වුණත් කවුරුවත් දන්නෙ නැති තරම් කිව්වොත් හරි. ”අපට කාටවත් කියන්න ඕනෑ වුණොත් නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්.” තිසරගෙ ආදරණීය බිරිඳ ෂෙරමි කියන්නෙ එහෙමයි.
පදිංචියට මේ නිවස සහ මේ පළාත තෝරා ගත්තෙ ඇයි?
අද රටේ සිදුවන දේ දිහා බලද්දි අපි ආරක්ෂාව ගැන හිතුවා. ඇත්තටම මේ ගෙදර බලන්න කලින් අපි තව ගෙවල් 50ක් විතර බැලූවා. නමුත් අපට හිත ගියේ මේ නිවසටයි. මේක හැබැයි මගේ සැළසුමකට අනුව හදපු එකක් නෙවෙයි. එංගලන්ත ජාතික මහත්මයකුගේ නිවසක්. නමුත් එයා ආපසු එයාගේ එංගලන්තයේ ඇති නිවසට ගියාම මෙහේ එන්න අදහසක් තිබිලා නැහැ. එයාගෙන් පසුව මුල්ම පදිංචිකරුවා ලෙස මේ නිවසේ හිමිකාරිත්වය ලැබුණේ අපට. ගේ ගත්තට පසුව තමයි මෙය ක‍්‍රිකටර් කෙනෙක් ගත් බව එයා දැන ගත්තෙ.
මෙතැන පදිංචියට ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
නගරයට සමීප වුණාට ඇත්තටම මෙතැන හරිම නිස්කලංකයි. ගමේ වගේ පරිසරයක් තියෙන්නේ. කවුරුවත් කෑ කෝ ගහන සද්ද නැහැ. හොඳ නිවැසියන් පිරිසක් පදිංචිව සිටින බව කියන්න පුළුවනි. අපි දෙන්නා බලාපොරොත්තු වූ නිදහස මෙහි තිබෙන්නේ. ඉතිං නෝනායි මායි සතුටින් ජීවත් වෙන බව කියන්න පුළුවනි.
ෂෙරමි මේ නිවස ගැන ඔබ කොහොමද හිතන්නේ.
ඇත්තටම හරි නිදහසක් දැනෙන්නේ. කාමර වුණත් තරමක් විශාලයි. ඒ අවකාශයට අපි කැමතියි. තිසර ටී.වී. ගේම්ස් වලට හරි කැමතියි. නිදහසේ සිටින වෙලාවට ටී.වී. ගේම්ස් කරන්න එයාට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම චිත‍්‍රපට නැරඹීමට එයා හරිම ආසයි. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු පුංචි සිනමාශාලාවක් මෙන් වූ ස්ථානයක් වෙනම තනා තිබෙනවා. මහල් දෙකකින් සමන්විත මෙහි ඔක්කෝම කාමර ගණන පහක් විතර වෙනවා. අපේ යාළුවෝ, නෑදෑයින් විවේකය ලැබුණ විගස මෙහි පැමිණෙනවා. ඉතින් ඒකට අපි හරි කැමතියි. ඒ කවුරුත් නැති වෙලාවට ”ටැලී” තමයි අපි දෙන්නො පස්සෙන්ම එන්නෙ. එයාට අපි නැතුව බැහැ.
කවුද මේ ටැලී?
අපේ සුරතල් බල්ලා. එයාගේ නම ටැලී. ටැලී හමුවෙච්ච විදියත් හරි පුදුම දෙයක්. අපි දෙන්නා විවාහ වූ අලූත ගමනක් යද්දී බලූ පැටව් විකුණන තැනක් තිබුණා. තිසර ගිහින් ඒ බලූ පැටව් හිටපු කූඩුවට ඇඟිල්ල දිගු කලාම මේ පැටියා ඇවිත් ඇඟිල්ල හැපුවලූ. ඉතින් තිසර මිලදී ගෙන තිබෙන්නේ මෙයා.
පසුගිය කාලයේදී තිසර තරමක් දුරට අසාර්ථක වුණා. එයාගේ මානසිකත්වය හදන්න ඔබ මොනවද කළේ?
එක් එක් කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම එයාගේ හිත හදනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයකුට නිවසේ පරිසරය හරි වැදගත්. ඒ නිදහස් පරිසරය මම හදලා දෙනවා.
තිසරට රඟපෑමට ආරාධනා ලැබුණොත් ෂෙරමි ඊට අවසර දෙනවාද?
තිසර නම් ඊට කොහොත්ම කැමති නැහැ. ඒක ස්ථීරයි. නමුත් එයා ඒකට යන්න මගෙන් අවසර ඉල්ලූවොත් මම එක්වරම බැහැ, එපා කියලා තමයි කියන්නේ.
ක‍්‍රිකට් ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයේ බලාපොරොත්තු මොනවාද?
කෙසේ හෝ ලෝක කුසලාන ජයග‍්‍රහණයක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම එයාගේ ලොකුම අරමුණයි. ඒ වගේම මොන දේ කළත් එයාගේ ජීවිත දර්ශනය වන්නේ පවුලේ කටයුතුවලට මුල්තැන දීමයි. මොන තරම් ලෝකය දිනුවත් පවුලට ලැදි නැත්නම් වැඩක් නැති බව එයාගේ අදහසයි. ඒ නිසා ක‍්‍රීඩාව සහ පවුල් ජීවිතය දෙකම ගැන එයාට හොඳ අවබෝධයක් තිබෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මම කියලයි මට හිතෙන්නේ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේ නම් ලස්සනයි ඇතුලේ බිම හැමදාම මොප් කරන්න ඕන මට පෙනුනේ දුඹුරු පාට සුදු පාට වෙලා දූවිලි බිම හැමතැනම (බ)
තරඟ දිනවන තිසර, ඔබට ජයවේවා! ඕස්ට්‍රේලියාවේ එම් සී ජී එකේ මාලිංග එක්ව දිනවපු මැච් එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. (නි)
තිසරගේ පරණ ගේ මට මතක් උනා. (ස)
සුබ පැතුම්, තිසර මල්ලි. ඔබ වැනි තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්නන් සොයා ගැනීම අද අපහසුයි. ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම පන්දු යවන්නෙක් වශයෙන්.(ම)
අනේ මේ ඉන්න තැන කියන්න කැමති නෑ කියල ගෙදර පත්තරේට දැම්මේ සෝබනේටද ? (බ)
ඔබේ වටිනාකම තේරුම් ගන්න.කරුණාකර තවත් උපරිමයෙන් පුහුණුවීම් කරන්න (නි)
සීමිත ඕවර තරගයකදී ඔබ නැත්නම් එය හරියට පරිප්පු නැති හෝටලයක් වගෙයි. ඔයාගේ ෆොටෝ මහා ගොඩක් මගේ ළඟ තියෙනවා. ඒ අතරින් ඔයා සහ කුසල් එක තරගයක් ජය අරගෙන පිටියෙන් එන ෆොටෝ එකට මම හරි ආසයි. එතන කුසල් ලිලිපුට් කෙනෙක් වගේ. ඔබට සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
ගෙදර ලස්සනයි. දැන් හැමෝම ඔය වගේ ගෙවල් හදාගනීවි (නි)
තිසර ඉතා අහම්බෙන් බිහිවෙන අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු වැනි ක්‍රීඩකයින් තමයි ක්‍රීඩාව සමග රසිකයින් ඇද බැද තබාගන්නේ. එත් මට හිතෙනවා ඔහුගේ හැකියාවන් වැරදි තීරණ කීපයක් නිසා ඔහු බාල කරගත්තා කියලා. ක්‍රීඩකයෙක් ලැබෙන හැම අවස්ථාවම ගත යුතුයි තමන්ගේ හැකියාවන් පෙන්වන්න. චන්දිමාල් එලෙස කළා. නමුත් තිසර ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ ක්‍රීඩා කරනවා බලන්න අපි හරි ආසයි. කැපවීමෙන් පුහුණුවීම් කරන්න. නැවත ඔබේ ස්ථානය තහවුරු කරගන්න. ඔබට ජය.! (ර)
මම ආසම කරන ක්‍රීඩකයෙක්. සුභ පැතුමි. අපට නැවතත් වේගවත් ඉනිමක් බැලීමට අවස්ථාව උදාවේවා.. සඳුන් ගමගේ මහතාගේ ඡායාරූප ලස්සනයි..(ම)
ඔබ දෙපලට සුබ පැතුම්.(හේ)
අනේ තිසරයෝ අර කලින් වගේම හතර වටේට නෙලන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනවා ..(බ)