රුපියල් ලක්ෂ තිහක් වටිනා රන් කැබලි හයක් සපත්තු පතුලේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇති අතර ඔහු පැළඳ සිටි සපත්තු වල පතුල කපා රන් කැබලි 3 බැගින් රන් කැබලි හයක් සඟවා එය නොපෙනෙන ලෙස සපත්තු පතුල සූක්ෂම ලෙස මසා තිබූ බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග්‍රෑම් 600 කි.
COMMENTS
අනේ මෙහෙමත් මිනිස්සු (නි)
අහිංසකයෙක් වුගේ මුදල් වලින් ගත්තු රත්තරන් ගෙනියද්දි අල්ල ගත්තාම උපරිම දඩුවම් දෙනවා. නම ගම වාසගමේ ඉදලාම පල කරනවා. (ම)
රේගු නිලධාරීන්ට අපේ උපහාරය! (නි)