රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි වියේ පසුවන රෙදිපිලි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග‍්‍රෑම් හයසිය විසි එකකි.
පසුගිය සතියේද මේ උපක‍්‍රමයම භාවිතා කරමින් රන් කැබලි ඉන්දියාවට ගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගත් බවත් මෙරට රන් මිළ පහත වැටී ඇති නිසාත්, ඉන්දියාවට රන් ගෙනයාමට නොහැකි වන සේ යම් යම් නීති රීති සහ සීමා පනවා ඇති බැවින් මේ අයුරින් සගවාගෙන යාමේ ප‍්‍රවනතාවයක් ඇතිවී ඇති බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ඊයේ රාත‍්‍රී 11.45 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින ඇත.
එහිදී සැකකරු පිළිබඳ ඇතිවූ සැකයක් මත සහකාර රේගු අධිකාරී චන්දන රත්නායක මහතා විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් බිස්කට් සොයාගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය පැවත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කොට රන් බිස්කට් රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රංජිත් ද අල්විස්, සහකාර රේගු අදිකාරීවරුන් වන චන්දන රත්නායක, සී කොටැඹගේ, එස්.සී ලොකුගම, මාලක විජේසේකර, ටී.සී සමරවීර සහ එස්.ඞී දයානන්ද යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවංක රේගු මහත්තුරු ටිකක් අපිට ඉන්නේ. (නි)
පුදුම වැඩක්නේ. හොදම ආදායම් මාර්ගය කරගෙන. (නි)
දැන් නම් සම්පුර්ණ ශරීර පරික්ෂන ස්කෑන් යන්ත්‍රයක් කටුනායකට අවශ්‍යමයි. (නදී)
කොහොමද එතන තියෙනවා කියලා හොයාගන්නේ? (නි)
ගුද මාර්ගය වටිනා රන් වැනි දේවල් සඟවා තබන ගබඩාවක් වෙන්න යන්නේ. කෙසේ හෝ මෙම රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම සේවය අගයමි (නි)
අයියෝ පස්සට ගිය කලක් (නි)
හොදට හෙදුවද මෙසේ උඩ තියන්න කලින් (දී)
මේ ලජ්ජා නැති ජරා වැඩේ අපේ ලංකාවේ කීර්ති නාමයටත් කැළලක්. මේ අයට ඒකටත් දඬුවම් කරන්න ඕන, රත්තරන් ටික රජ සන්තක කරලා විතරක් මදි.රත්තරන් මිල වගේ දෙගුණයක් දඩ ගහන්නත් ඕන. (දී)
අම්මපා, මට බැරිද දන්නේ නැහැ මේ රන් ප්‍රවාහකයන්ට කුලියට හරි බද්දට හරි සේවය කරලා මේ සල්ලි අමාරු කාලේ මට කීයක් හරි හොයාගන්න? මේ ලෝකේ කිසිම කන්ටේනර් එකක් මෙච්චර ජනප්‍රිය නැහැනේ. (නි)
සුපිරි මාර්ගයට අමතරව රත්තරන් මාර්ගයක්... (නි)
ගුද මාර්ගයත් ආදායම් මාර්ගයක් කරගෙන. මෙහෙමත් තන්හාධික මිනිස්සු. තණ්හාය ජායතී සෝකෝ කිව්වලු. (දී)