පඩුවස් නුවර 47 දෙනකුගෙන් සමන්විත පිරිසක් රැගත් බස් රථයක් සෙනසුරාදා (24) රාත්‍රී කුරුණෑගල මහ නුවර ප්‍රධාන මාර්ගයේ මාවතගම ගලගෙදර 10 කණුව අසලදී පෙරැළී 23 හැවිරිදි තරුණයෙක් මිය ගියේය.
46 දෙනෙක් තුවාල ලබා ගලගෙදර, මාවතගම හා මහනුවර රෝහල් වලට ඇතුළු කරනු ලැබූහ.
රියැදුරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ගලගෙදර මැතිවරණ රැලියකට සහභාගී වීම සදහා යමින් සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි පැමිණ ඔහුගේ ආරක්ෂකයන් ගමන් කළ ඩිපෙන්ඩර් රථයෙන් තුවාල කරුවන් රෝහල් කරා ගෙන යන ලෙස උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් කරලා තියෙන්නේ ඕනෙම කෙනෙක් කල යුතු වැඩක්. ඒයා එහෙම කලේ නැත්නම් තමයි වැරදි. (නදී)
දැන් ප්‍රවෘත්තිය බස් එක පෙරලුන එකද? වෙන එකක්ද?(නදී)
මේක එතරම් සුභ දෙයක් නෙවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක් සතු යුතුකමක්. මම එතන හිටියා නම් මාත් කරන්නේ ඔය ටිකමයි.(නදී)
නාමල් ඔබටත් ඔබේ පියාටත් අල්ලා දෙවියන්ගේ පිහිටයි. ඉදිරියටම යන්න.(නදී)
දේශපාලනය මැදීහත් වුනු හැමදේ ම නිගමනයකට එන්න කලින් එකට දහා පාරක් සිතා බැලිය යුතුයි. කොහොම වුනත් මේ හැම දේටම මුහුණ දෙන්නේ අපි වගේ අහිංසක මෝඩ මිනිස්සු. (නදී)
හොද වැඩක්.....හොද වැඩක්.(නදී)
මෙවැනි අවස්ථාවල මමත් මගේ වාහනේ තුවාල කරුවන් අරගෙන ගිහින් තියෙනවා. එවැනි වේලාවකදී පපුවක් ඇති අයෙක්ට මග ඇර නම් යන්න බැහැ. අපි හැමෝම මෙතුමාගේ සත් ක්‍රියාව මෙතන්දීනම් බේදයකින් තොරව අගය කල යුතුයි.(නදී)
නාමල් මන්ත්‍රීතුමා ගැන කවුරු නැතත් හම්බන්තොට අපි දන්නවා.හොඳ අදහස් ගති ගුණ තියෙන හොඳ කොල්ලෙක් (ස)
ඇත්තටම ගොඩක් හොඳ වැඩක්. හැම දේශපාලනඥයෙක්ටම ආදර්ශයක්.. (ස)
ඔබ අපිට ආඩම්බරයක් (දී)
නාමල් කල හොද වැඩක්.(නදී)
තොප්පියක් දමා ගෙන අතක් උස්සන් ඉන්න කෙනාද නාමල් මහත්තයා. පැහැදිලි මදි උන්නැහේ මක්කටද පොලිසියට බැඳුනේ ඒක මහා මඩ ගොහුරුවක් දුෂකයෝ පිරිලා.(නදී)
ජාතියේ ප්‍රණාමය (දී)
නාමල් කියන්නේ රටේ ජනදිපතිගේ පුතා ඔය කියන එයාගේ වාහනේ මොනතරම් වටින ක්ලීන් එකක්ද? ඒත් කරදරේ වැටිලා ඉන්න මිනිස්සු ඉස්පිරිතාල වලට එක්ක යන්න දීල කලුපාට කන්නාඩියක් දාගෙන බැලුවම හැම දේකම පේන්නේ කළුවට හොද දේට හොදයි කියන්න කුහක වෙන්න එපා. මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
අපරාදේ නාමල්ට යන්න තිබුණේ නොදැක්කා වගේ, මේකේ ප්‍රතිචාර දාන සමහර කුහක මිනිස්සුන්ගේ ලේ පුච්චන්නේ නැතුව (නි)
රත්නමාලි, හිතේ තියන කුහකකම අදහස් වලින් පෙන්වන්න එපා. ඒ වගේම හරියටම දන්නේ නැති දේ ගැන මෝඩකතා කියලා තමුන්ගේ අමනකම ප්‍රදර්ශනය කරන්නත් එපා. (නි)
මේක මහා ලොකුදෙයක් නෙමෙයි එක යුතුකම්මක් පමණි
රටේ පිනට උපන් පුතෙක් තමයි නාමල්.ඔබට දෙවි පිහිට ලැබේවා! (නි)
උතුම් ක්‍රියාවක් .(දී)
ගාමිණී , ඔයා හරියටම හරි. (නි)
මේ කොමෙන්ට් දිහා බලපුහම ලංකාවේ මිනිස්සු මොනවගේ ජාතියක්ද කියල හිතනවා .හොදක් කරපුවම බනිනවා අහක බලාගෙන ගියොත් එත් බනිනවා .අර කවුද කියනවා වගේ සිංහල ජාතිය ලෝකේ විනාස වෙලා යන ගතියක් කියන එක බොරු නෙමේ පුද්ගලයෙකුගේ තරාතිරම දුකට පත් වෙන කෙනෙකුට උදව් කරන්න හේතුවක් නෙමේ කියන එක මිනිස්සුන්ට අමතක වෙලා .(දී)
2045 දී ලංකාවේ ජනාදිපති තුමා ඔබයි නාමල් ... ඔබ කරන ලද සත් ක්‍රියාව අගේ කොට සලකමු. පපුව හොඳ නැති කුහකයෝ මොනා කීවත් ... ඔබ ශ්‍රේෂ්ටයි (දී)
ඒ එක මනුස්සයෙක්ගේ අතක් නැහැ, නාමල් ඔබට පිං (දී)
අගයන්න අවශ්‍ය වැඩක් (දී)
සරත්ගේ අරවා මේවා තමා.(නදී)
දකුණේ අය කට්ට කෛරාටිකයි තමයි. එනමුත් නාමල් පුතාට මාත් කැමතියි. (නි)
මේ කට්ටිය චන්ද රැස්වීම්වලට ආපු අයද? (දී)
සමන් රොහාන් රණසිංහ මිනිසුන් මනුෂයන්ගේ හිත දිනාගෙන, ජන්දය දිනාගන්න සැලසුම් සහගත රහස් කුමන්ත්‍රන හරියට කරනවා.(අ)
නීයමයි.අපේ අනාගත නායකතුමා.ජයවේවා. (නි)
ඔබ ඉතා පින්වත් පුතෙකි (දී)
ඕව ලකුණු දා ගන්න කරන වැඩ ,,, (දී)
ඕවට කියන්නේ ලකුණු දාගන්න වැඩ කියලයි . (දී)
පක්ෂ බේධයකින් තොරව කියන්නේ හොද වැඩක්
ලකුණු දා ගන්න කරපු වැඩක්.(නදී)
එතුමාටත් හොද අවස්ථාව ලකුණු ටිකක් දමා ගන්න (දී)
හොද වැඩක් (දී)
කෝ ෆොටෝ වල නාමල් පෙනෙන්න නැහැනේ ?? (නි)
ඩිපෙන්ඩර් රථයේ වෙට්ටුවකටද ඔය බස් එක පෙරලුනේ. නිකන් යන බස් එකක් කොහමද රේසින්ග් කාරයක් වගේ පෙරලිලා තියෙන්නේ ? මොනවා වුනත් නාමල් පුතා කරපු වැඩේ නම් අගය කල යුතුයි.(නදී)
හොද වැඩක්.(නදී)
පිනට හිත ඇති දෙමාපියන්ගේ සුජාත පුත්‍රෙයකි.(නදී)
ලකුණු දාගන්නනම් යමක් සැලසුම් සහගතව කල යුතුයි .දැන් කට්ටිය කියන්නේ මෙය එලෙස සිදිවුන කියලද? එහෙමනම් මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගතයුතුයි .කවුරු හරි කරුණාකරලා පැමිණිල්ලක් දාන්න. එහෙම නැතිනම් පාට කන්නාඩි වලින් නොබලා කල දේ අගයන්න. එයයි හෙළ සිරිත. (දී)
දීල තියෙන අදහස් දිහා බැලුවහම එවෙලේ නාමල් මන්ත්‍රී තුමා කලයුතුව තිබුනේ කුමක්ද කියල හිතා ගන්න අමාරුයි (දී)
මේක දෙකල නොදෙක්ක වගේ ගියානම් මොකක්ද කියන්නේදෙන් උදුව් කලාම මොකක්ද කියන්නේ හරි හතරබීරි කතාවක් නේ හදිසියකදී උදුව් කිරීම ලාංකිකයන්ගේ ගතියක් ඒවා කරන්නේ මොකවත් දාගන්න නෙවි (දී)
විශිෂ්ටයි (දී)
කොච්චර හොදද? (දී)
මෙවැනි දේ පිළිබඳව අනුකම්පාවෙන් බැලිය නොහැක.(නදී)
කොච්චර හොද දෙයක් කලත් සමහරක් ඉන්නවා ඒකට මොනව හරි වැරැද්දක් කියන (අ)
මෙවැනි දේ ගැන අනුකම්පාවෙන් බැලිය නොහැක.(නදී)
තම බුද්ධියෙන් පවතින සමාජ දේශපාලන යතාර්ථය තේරුම් ගන්න බැරුව මේ වංචාකාරී,කපටි,දේශපාලුවන් නැවතත් බලයට පත්කරන්නට මොවුන් පසුපස යන බත් බලයන්ට දෙවියන් විසින් දෙනු ලබන දඬුවම් මේවා.මෙවැනි දේ පිළිබඳව අනුකම්පාවෙන් බැලිය නොහැක.(නදී)
අජීත් ඔබ හරියට හරි. (නදී)
හොඳ වැඩක්. කවුරු කළත් ක්‍රියාව යහපත් නම් මා නොපැකිළව අගයමි. හැබැයි, මම ඔහු නම් එදා මැතිවරණ රැලිය අමතක කොට මගේ වාහනයත් තුවාලකරුවන් රැගෙන යාම සඳහා යොදා ගනිමි. (නි)
ඉවසීම අඩුකම සහ පලපුරුදු කම අඩුවීම බොහෝ අනතුරුවලට ප්‍රදාන හේතුව. අපි කැලේට යන විට සතුන් නැහැ කියලා නොයනවා වගේ වාහනයක් එලවන විට හැම විටම අනතුරකට මුහුණ දෙන්න සුදානමක් තිබිය යුතුයි.(නදී)
මේක බලද්දී මට මතක් උනේ හරියට හින්දි සිනමාවක් වගේනේ.(නදී)
නාමල් ඔබ හොඳ නිහතමානී නායකයෙක්. ඔබට දලදා සමින්ඳු පිහිටයි !!! (ස)
ලංකාවේ ජීවත් වෙන කුහක අදහස් තිබෙන ඕල මොට්ටලයින්ට ගල් ගහලා මරන්න ඕනේ. මේ මිනිස්සු හොදක් කලත් වැරදියි රටක සවාරියක් ගියත් වැරදියි. වීර පුතුනි ඉදිරියට යන්න. ඔබට ජය!(නදී)
මේ අවස්ථාව පාට කන්නාඩි දාලා බලන්න එපා. පිනට හිත ඇති දෙමාපියන්ගේ සුජාත පුත්‍රෙයකි. මෙය කුහකත්වයෙන් බලන්න එපා. හොද වැඩක් කරන කෙනා දිහා ඔය විදියට බලන්න එපා.(නදී)
අද බොහෝ අය මෙවැනි අවස්ථාවල ලිස්සා යනවා. සමහරු සීට් වල ලේ ගෑවෙනවට බයයි. හොද හිතින් යමක් කළොත් ලකුනු ලබෙන එක කාටවත් නවත්වන්න බැහැ.ඒවට ඉරිසියා කළ යුතු නැහැ. මේක බුදුන් වහන්සේ දේශනා කළ දෙයක්.(නදී)
අහිංසක පිරිසක් ගමන් කල බසයක් නම් අනුකම්පා කල යුතුය. එසේ නොමැතිව බීමත්ව දේශපාලන බලය පෙන්වන්නට රටේ පවත්නා නීතියටද ගරු නොකොට පියඹා යන්නට ගිය බසයක් නම් දේශපාලන වුවමනාවන් මත පොදුවේ නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා මේවා මෙසේ සිදුවිය යුතුය. එයට අනුකම්පා කල නොහැක.(නදී)
කවුරු මොනවා කිව්වත් ඉතා අගනා ක්‍රියාවක්.(නදී)
අපි ඔය හැම පුතා ගැනම හොදට දන්නවා.(නදී)
මෙයත් ගාල්ල දහනායක වගේ.(නදී)
නාමල් මන්ත්‍රී තුමා කරලා තියෙන්නේ එවෙලේ කරන්න තියෙන හොඳම දේ. (නදී)
අදහස් දක්වන්න අනතුර ගැන විස්තර මදි.(නදී)
ආණ්ඩුවේ වාහන කියන්නේ ඉතින් කොහොමට් මිනිසුන්ගේ ධනය. ඕවා ඒ අයගේ වගේ වහේ පාවිච්චි කරාට අයිති මිනිසුන්ට.(නදී)
හොද දේට හොදයි කියන්න. වැරදි දේ වැරදි විදිහට දකින්න. (දී)
එයාගේ ජීප් එකට තුවාල කාරයෝ දාගත්තේ නැතෙයි ?(අ)
අනේ ජගත් නාමල්ට ලකුණු ගන්න ඕන නැහැ. එයාට ඕන තරම් ලකුණු තියෙනවා. කරපු හොද දේට හොද හිතින් ලියන්න හොද දෙයක්, නාමල් කරපුදෙට පින්සිද්ද වෙනවා.(නදී)
නියමයි නාමල්. (නදී)
හා හා අපි දන්නවා.(නදී)
අජිත් කරුණාරත්න, මෝඩ කතා කියන්ට එපා. පඩුවස්නුවර වයඹ පලාතේ. ගලගෙදර 10 කනුව තියෙන්නේ මධ්‍යම පලාතේ .නොදන්නා දේවල් නොකියා ඉන්නවා.(නදී)
නියමයි!(නදී)
පින් බිමේ මිනිසුන්ගේ හිත්වල පිරිලා තියෙන කුහකකම ගැන පුදුමයි කනගාටුයි . මේ ලියපු අය එවලේ එතනින් නොගිය එක ගැන සතුටු වෙමි. තුවාලලත් සැමට ඉක්මන් සුවය පතමි. නාමල් මහතාටත් ප්‍රණාමය පුදකරමි.(නදී)
ටෙනිසන් මහතාණෙනි විපතකදී කාහට කව්රුන්හෝ පිහිට වීම නොවැ හෙළ සිරිත. අහවලා විශේෂයක් කලායි පිම්බීම නොවෑ අරුම.(නදී)
මේ රටේ මිනිස්සු කවුරු මොන හොද වැඩක් කළත් බනිනවා (නි)
නාමල් තුවාලකරුවන් රැගෙන යාමට ඔහු ගිය රථය යෙදුවේද? (නි)
කාගේ කව්රු උනත් අපේ ප්‍රණාමය (දී)
අද සමහර දේශපාලන පක්ෂ කරන්නේ ඇත්තටම කදුළු වගුරුවන මිනිසුන් ලගට ඇවිත් ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන කිඹුල් කදුළු වගුරලා ලකුණු දාගන්නවා. නමුත් නාමල්ට/සජිත්ට අමුතුවෙන් ලකුණු දාගන්න අවශ්‍ය නැහැ මොකද එයාලගේ පරම්පරාවටම හරි යන්න ලකුණු ගෙන තියෙන්නේ ඒක නිසා මම හිතන්නේ නාමල් කරලා තියෙන්නේ අවස්ථාවට අනුව විය යුත්තක්. ටිරල් 2013-08-25 13:35:24 මෙයත් ගාල්ල දහනායක වගේ. මේ ප්‍රකාශය මට පැහැදිලි නැහැ ටිරල් එය යහපත් විදියට කලා නම් සන්තෝෂයි.(නදී)
අනේ දෙයියනේ! (නි)
චෝදනාවක් නොවේ. ලංකාවෙ මේ දක්වා සිදුවුනු පළමු රිය අනතුර මෙයමද ? නම් වශයෙන් අගය කලයුතු , බෝහෝ සැගවුනු චරිත නොතිබුනාද ? සහමූවික හා තනි පුද්ලික වශයෙන් මෙවන් අවස්ථාවන් හිදී කැපකිරීම් කල අය අනන්තවත් නොහිටියා නොවේද? (නදී)