කොළඹ ඩුප්ලිකේෂ්න් පාරේ දී ත්‍රිරෝද රථයක ගැටුණු පාපැදිකරුවකු (65) රෝහලට රැගෙන යන බව පවසා කොල්ලුපිටිය මුහුදු මාවතේ පාළු ඉඩමකට අතහැර දමා පලාගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරකු ඇතුළු දෙදෙනකු දින නවයකට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙම තුවාලකරු පැය දෙකකට අධික කාලයක් ලේ ගලන තුවාල සහිතව එහි සිටියදී පොලිසිය විසින් රෝහල් ගත කරනු ලැබීය.
අධික ලේ වහන වීම නිසා අසාධ්‍ය තත්වයෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මොහුගේ තත්වය බරපතල බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ත්‍රීවීල් තිරිසන්නු දෙන්නෙක් (නදී)
සි සි ටි වී කැමරා මාර්ගයෙන් සොයා ගන්නට බැරිද ? අපරාධකරු අල්ලා දඬුවම් දෙන්නට (බ)