නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමගේ විෂමාචාර ක්‍රියා යහපාලනයට හා නීතියේ ආධිපත්‍යයට නිග්‍රහයක් වන බවත් ඔහුගේ එම ක්‍රියා නොපැකිළිවම හෙළා දකින බවත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් මගින් දැනුම් දෙයි.
ඔහු දරන ඉහළ තනතුරට නොගැලපෙන අයුරින් ඔහුගේ විෂමාචාර ක්‍රියා මාලාව සියදිවි නසා ගැනීමට ගත් බව කියන සිද්ධිය ද උච්ඡස්ථානයට පත් වූ බවත් මොහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ඉල්ලා ඇත.
මෙවැනි දේශපාලනඥයන් හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් ජනපති හා රජයට එරෙහිව ජනතාවගේ විශ්වාසය පූර්ණ ලෙස බිඳවැටෙන බවත් නීතීඥ සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ජෝගිකාරයෝ තව එක්කෙනයි හිටියේ. එයාව මේ ළඟදිත් මම දැක්කා. (නි)
එතුමා ජෝගි නැටුවෙ අහිංසක දරුවන් 10 දෙනෙක් වෙනුවෙන්. නීතිඥයන්ටත් තිබුනා ඒ දරුවෝ වෙනුවෙන් පෙනී හිටින්න. එහෙම කලේ නැහැ. ඒතුමාට එහෙමෙ ජෝගි නටන්න උනේ ඇයි..? පුලුවන්නම් ඒකට උත්තර හොයලා දෙන්න. (ර)
ඒ නැටිල්ලෙන් අසරණ ළමයි 9 දෙනෙකුට ඉස්කෝලයක් හම්බ උනානේ.. ඒ අසරණයෝ ගැන කව්රුත් කතා කලේ නැනේ... (ර)
දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට සිය දිවි නසා ගැනීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි, විදුලි පංකාවක එල්ලී දිවි නසා ගැනීමට තැත් කිරීම රජයේ දේපල කඩා බිඳ දැමීමට තැත් කිරීමේ වරදක්. මොකද එල්ලුනා නම් අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා බරේ හැටියට. (ර)
යහපාලනයනේ මේ... (නි)
දණ්ඩ නීති සංග්‍රහයේ එම නීතිය 1995 වර්ෂයේ වෙනස් කර ඇති නිසා ඔහු වරදක් සිදුකර නැහැ නේද? එනිසා දඬුවම් කළ නොහැකියි නේද? ඔහු නිසා ළමයින් 10 දෙනෙකුට පාසලක් ලැබී ඇත. දඬුවම් කළයුත්තේ ළමයින් භාරනොගත් අයටයි (නි)
මාස 6 තිස්සෙ ළමයින්ව දැාගන්න බැරිවුණ කාලෙ කවුරුවත් සද්ද නැහැ. නීතීඥයො කල්පනා කළා නම් හොඳයි මෙහෙම වෙන්න හේතුව. අසරණ මිනිසුන්ගෙන් දේශපාලුවො පළිගත්ත වෙලාවෙ මේ ඇමතිතුමා නොහිටියා නම් ඒ ළමයි අදත් ගෙදර. කරන්න තියෙන්නෙ මේ වගේ දේවල් නොවෙන තැනට වැඩ කරන එක. නිවේදන නිකුත් කරන්න නම් කාටද බැරි. (නි)
ඉතාමත් නරක ආදර්ශයක් සිසුන් ඉදිරියේ දුන්නේ. (නි)
තෙවරප්පෙරුමට මගේ ආචාරය! ඔහුට විතරයි කොන්දක් තිබුනේ (නි)
සර්ජි, ඔබට ස්තුතියි. සිය දිවි නසා ගැනීමට අදාළ වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයෙන් දැන් ඉවත් කර ඇති බව මං දැක්කා. ඒ හින්ද විදුලි පංකාව කඩා දැම්මා නම් ඒකටයි අපේ නියෝජ්‍ය ඇමතිතුමා අහුවෙන්න තිබුනේ. (ර)
අපි තෙවරප්පෙරුම ඇමතිතුමා ගැන කතා නොකර ඉඳිමු. ඔහුව සියවරක් පෙරුවත් ඇතා නෑව්වා වගේ තමා. එ්ත් අර විනිසුරුතුමා ගැන මුනිවත රැක්කේ ඇයි? ඕක තමයි අපේ රටේ පිරිහීමට හේතුව. (නි)
නීතීඥ සංගමය මොකද්ද දන්නේ නැහැ කළේ අර ළමයි මාස 6ක් 7ක් ගෙදර තියා ගන්නකොට. සමහරු නම් පත්තරේ කියවලා හරි විස්තරේ දැන ගන්නවා. මේ අයට නම් ටීවී එකේම යන්න ඕනෑ ලංකාවේ මොනවද වෙන්නේ කියලා දැනගන්න (නි)
අපිට නම් මේ රජය ගැන කිසිම විශ්වාසයක් නැත. (නි)
නීතිඥයෝ හා සමහර විදුහල්පතිවරු නීතියේ ආධිපත්‍ය බලය අතට අරගෙන විෂමාචාර සිදුකරන බව තමයි අපි නම් දන්නේ. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා පවතින ක්‍රමවේදයට පටහැනිව යම් ක්‍රියාවක් කළා නම්, ඒ ක්‍රියාව සිදුකළේ දැනට ක්‍රියාත්මකවෙන ක්‍රමවේද තුළින් පීඩාවට පත්ව සිටින කුඩා ළමුන් හා රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා එතුමා ගත් ඒ ක්‍රියාමාර්ගය සාධාරණ සමාජයක් අපේක්ෂා කරන අපි, අනුමත කරමු!! (නි)
උපාලි. දැන් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට සියදිවි නසාගැනීමට තැත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවෙයි කියලයි මම නම් දන්නේ (නි)
දුප්පතා වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයෙක් (නි)
අර ගුරුවරියක් දණගස්සපු වෙලාවේ එම ක්‍රියාව නීතීඥ සංගමය හෙළාදැකපු එක මට මතක නැහැනේ. ඇමතිවරයාගේ ක්‍රියාව වැරදි වුණත් පරමාර්ථය වුයේ ළමුන් පිරිසකට පාසලක් ලබාදීමයි (නි)
මහජනතාවගේ ඡන්දෙන් පත්වූ එතුමා කරන්නේ ලොකු සේවයක්. (නි)
කොහොමහරි වැඩේ කෙරෙන්න නොවෙයි අපි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ, හරියට වැඩේ කෙරෙන්නයි. මෙහෙම වැඩ කරන්න නම් පරණ ආණ්ඩුව පෙරළන්න උවමනාවක් නැහැ ප්‍රියාන්. (නි)
කොහොමත් මෙයාට මේ උප ඇමතිකම නම් හරියන්නෙම නැහැ. මෙයාගේ හැටි මතුගම ජනතාව නම් හොඳට දන්නවා. (නි)
නීතිවේදී මහත්තුරු ළමා අයිතිවාසිකම් ගැන නම් දන්නෙම නැහැ වගේ. (නි)
මේ රටේ ආණ්ඩුත් තිබුනා. හැබැයි මෙහෙම අඳ, ගොළු, බිහිරි ආණ්ඩු නම් තිබුනේ නැහැ (නි)
මේ නිහතමානී මානව දයාවෙන් පිරි අවංක මිනිසාට කිසිම හිරිහැරයක් කරන්න එපා. ඔහු ඉතා කාරුණික හදවතක් තිබෙන නියම සිංහලයෙක්. විරල ගණයේ මිනිහෙක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ඒ කාලේ මර්වින් සිල්වා හැසිරුණු හැටි අපිට මතක්වෙනවා (නි)
අරමුණ හොඳ වුණත් මේ හැසිරීම තනතුරට ගැළපෙන්නේ නැත. රටේ සිදුවෙන දේවල් දිහා බැලූවිට මුළු මහජනතාවටම බෙල්ලේ වැල දා ගැනීමට තත්වය උදාවී තිබුනත් එය ශිෂ්ටාචාරයට ගැළපෙන්නේ නැත. (නි)