නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමගේ විෂමාචාර ක්‍රියා යහපාලනයට හා නීතියේ ආධිපත්‍යයට නිග්‍රහයක් වන බවත් ඔහුගේ එම ක්‍රියා නොපැකිළිවම හෙළා දකින බවත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් මගින් දැනුම් දෙයි.
ඔහු දරන ඉහළ තනතුරට නොගැලපෙන අයුරින් ඔහුගේ විෂමාචාර ක්‍රියා මාලාව සියදිවි නසා ගැනීමට ගත් බව කියන සිද්ධිය ද උච්ඡස්ථානයට පත් වූ බවත් මොහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා ඉල්ලා ඇත.
මෙවැනි දේශපාලනඥයන් හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් ජනපති හා රජයට එරෙහිව ජනතාවගේ විශ්වාසය පූර්ණ ලෙස බිඳවැටෙන බවත් නීතීඥ සංගමය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.