පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැළිකසළ බැහැර කිරීම අවිධිමත් ලෙස සිදුවූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ කැළි කසළ ඉවත් කිරීමට පියවර ගත්තේය
පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැළිකසළ බැහැර කිරීම අවිධිමත් ලෙස සිදුවූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ කැළි කසළ ඉවත් කිරීමට පියවර ගත්තේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සන්දර්ශනයකට කරනවා නෙමෙයි. ඔහු කොහොමත් මෙහෙමයි (නි)
මේ සිද්ධිය එදින මමද ඡායාරූපගත කළා. මේ පිළිබඳ තවත් බොහෝ දේ මට කීමට පුළුවන් (නි)
මතු දිනක ඉහළ තනතුරට වුව පත්කිරීමට සුදුසු මානවහිතවාදී ජන නායකයෙකි. (නි)
ඉතා හොඳ මිනිසෙක් (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
මගේ පැතුම ඔබ වගේ හිතන කෙනෙක් මට ලැබේවා කියායි (නි)
ඔයාට සුබ පැතුම්! හැමදාමත් මේ වගේම ඉන්න ඕනෑ මහත්තයා. ඔයාගේ වැඩ රටට ආදර්ශයක්. අනිත් මන්ත්‍රීවරුනුත් මේ වගේ රටට වැඩක් කරනවා නම් අපේ රට අද ලෝකේ හොඳ තැනක. ස්තුතියි! (නි)
ඔය වැඩේ හැමදාම කරන්න පුලුවන්ද? පාලකයා සහ පාලිතයා පද දෙකේ අරුත වටහා ගන්න. (නි)
මෙන්න නියම යහපාලන මන්ත්‍රී කෙනෙක්. (නි)
වැඩේ නම් හොඳයි. ඒ වුණත් ඔය මඩේ දඟලලා කොකු පණු වගේ රෝගයක් හැදුනොත් විනාශයි. (නි)
මන්ත්‍රීවරුන් වියයුත්තේ අදාල පුද්ගලයින් වැඩේ කරන්නේ නැත්නම් තමන් ගිහින් වැඩේ කරන්න යන කෙනෙක් නෙමෙයි. එම වැඩේ නියමිත පුද්ගලයා ලවා නිසි ලෙස කරවාගැනීමේ කළමනාකරණයේ හැකියාවක් ඇති කෙනෙකුයි. එම හැකියාව නැති කෙනෙක් තනතුරට පත් කළවිට වෙන්නේ නොකෙරෙන සෑම වැඩක්ම තමන් කරන්නට යාමයි. නමුත් දහස් ගණනක් වූ එක එක මහජන සේවාවන් තමන්ටම තනියම කළහැකි දෙයක්ද? එයින් වරද නිවැරදි වෙනවාද? (නි)
සුබ පැතුම්! (නි)
මෙන්න නියම මහජන නියෝජිතයෝ. නමුත් වර්තමාන පන්තියට ගැළපෙන්නේ නැහැ (නි)
අන්න හොඳයි මන්ත්‍රීතුමා. හැමදාමත් ඕක කරන්න (නි)
මම නම් මෙවැනි දේවල් කිසිලෙසක අනුමත කරන්නේ නැහැ. අනුන්ගේ වැඩ බලහත්කාරයෙන් කිරීමට යාම සහ මහපාරේ නීතිය විසඳීම මඟින් තවත් ගැටළු රාශියකට මුලපිරීමක් සිදුවේ. සිදුවියයුත්තේ දේශපාලකයන් විසින් කුණු නිසිලෙස බැහැර කරන ක්‍රමයක් නිර්මාණය කරන ලෙස නිලධාරීන්ට නොනවත්වා බල කිරීමයි. අවාසනාව අපේ රටේ බොහෝ නිලධාරීන් දේශපාලන හෙන්චයියන් නිසා සිදුවිය යුතු දේ සිදු නොවීමයි. (නි)
ඔබ නියම මිනිසෙක්! (නි)
මොනවා වුණත් මේ මනුස්සයා හිතට එකඟව යමක් කරන මානුෂිය ගති ලක්ෂණ තිබෙන මහජන නියෝජිතයෙක්. මෙහෙම අය අපට තව තවත් අවශ්‍යයි (නි)
නියම ජනතා වීරයෙක් (නි)
මෙතුමා ජනතාව අතර ඉන්න අවංක මනුස්සයෙක්. මොහු හැමදාම මේ වගේ වැඩ කරනවා ....... (නි)
මෙම ක්‍රියාව ගැන කොමිසමක් පත්කරමුද? (නි)
සමහර මන්ත්‍රීවරු නම් තමන් කවුද කියා හොඳහැටි අඳුනාගෙන වැඩ කරනවා (නි)
ඔන්න ඔහොම එන්නකෝ. මේක ලංකාවේ පාර්ලිමේන්තු යන හැම මන්ත්‍රී කෙනෙකුටම හොඳ ආදර්ශයක්! අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ ඕකට තමා. හැබැයි මන්ත්‍රීතුමාට හැමදාම මේ වැඩේ කරන්න වුණොත් තමා වැඩේ....? (නි)
වැඩ කරනවා සහ කරවගන්නවා කියන්නේ දක්ෂතා දෙකක්. කරවාගන්න දන්නේ නැත්නම් කරන්න වෙනවා දන්නා හැටියකට... (නි)
වැඩේ හොඳයි. හැබැයි හරියට වැඩ නොකරන අයට වැඩ දෙන්න හොඳ නැහැ (නි)
මොනවා වුණත් ..මේවා ආදර්ශමත් වැඩ, මිට කලිනුත් වරක් ..ලිඳකට වැටී මිය ගිය කෙනෙකුගේ සිරුර ගොඩගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුන මොහොතක මෙතුමා ලිඳට බැස ඒ සිරුර ගොඩට අරගන්න සහයෝගය දුන්න.මහජන නියෝජිතයෙකුගෙන් මිනිසුන් බලාපොරොත්තුවෙන්නේ නැහැ පාරේ තියන කුණු අදින්න. නමුත් " මේ මාව ඉහලට ඔසවා තැබූ අහිංසක ඡන්ද දයකයන් නේද.."කියන හැගීම...තියෙන "මනුස්සයෙකුට "මෙවැනි වැඩත් කරන්න නිරායාසයෙන්ම සිත් දෙනවා. ගරු මන්ත්‍රීතුමනි හොඳ වැඩක්.(අ)
ඔබ සියලු දෙනාටම හොඳ ආදර්ශයක් (නි)
මන්ත්‍රීව මිනිස්සු පාර්ලිමේන්තු යැව්වේ කුණු අදින්න නෙමෙයි, පාරේ කුණු නිසි වෙලාවට ඉවත් කරලා සුන්දර පරිසරයක් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේ කරන්න. දැන්වත් අපි එකිනෙකාගේ රස්සාව සහ වගකීම තේරුම් නොගත්තොත් රට හැමදාම කුණු ගොඩේ තමා. රටේ මිනිසුන්ගෙන් 80%ක් රස්සාව කරන්නේ හොරට. හැබැයි අයිතිවාසිකම් නම් 100% ම ඕනෑ. සියල්ලට කලින් මේ දුප්පත් මානසිකත්වය හදමු. මන්ත්‍රීතුමා එය ඉහළ මට්ටමෙන් කළා නම් පහළ මට්ටමට තමුන්ගේ රාජකාරිය මඟහරින්න බැහැ නේද? (නි)
ඔහු නම් නියම මහජන නියෝජිතයෙක් (නි)
නායකයා සැමටිටම සේවකයා වියයුතුයි කියන දේ තහවුරු වෙනවා මේ දෙයින්. ඇත්තටම ජනතාවක් විදිහට අපි පත්කරන දේශපාලනඥයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට දැනෙන ප්‍රශ්න විසඳා ගැනීම. ඉතින් තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාගේ මේ ක්‍රියාකලාපය දිහා බැලුවාම එතුමා ඒක ගොඩක් හොඳින් ඉටු කරනවා කියලා පේනවා. පහුගිය සිද්ධිත් එක්ක බැලුවාම එතුමා රටට ණය නැති අපේ කාලයේ නියම දේශපාලන නායකයෙක් (නි)
ලබන මැතිවරණයට පෝස්ටරයටත් මෙතැනින්ම ෆොටෝ එකක් ගනීද දන්නෙ නැහැ. එහෙමනම් ඔක්කොම මේ අයටම දීලා දාමු. ප්‍රතිපති හදලා ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න නොවෙයිද මේ අය ඉන්නේ? (නි)
ඔබතුමාව අපි පාර්ලිමේන්තුවට පත්කර ගත්තේ ඕවා කරන්න නෙමෙයි. ඕවා කරන්න මිනිස්සු ඉන්නවා. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ මේ මහත්තයා මහජන නියෝජිතයෙක් ලෙස තමන් කළයුතු මොනවද කියලා දන්නේ නැහැ කියලද? නැහැ, මෙහෙම කළාම අනිත් දවසේදී අදාළ සේවකයෝ මෙහෙම වෙන්න ඉඩතියන්නේ නැහැ. තමන්ගේ රාජකාරිය හරියට කරනවා. (නි)
තෙවරප්පෙරුම නියම ජනතා සේවකයෙක් (නි)
මෙන්න නියම මිනිස්සු (නි)
මතුගම අපි නම් ඕවා දන්නවා. (නි)
මෙන්න නියම මිනිස්සු. ජාතිවාදයෙන් තොර නියම මනුස්සයෙක්. නියම බෞද්ධයෙක්. නියම රාජ්‍ය සේවකයෙක්. ඔබට ජය! (නි)
මේවා මෙහෙම නෙමෙයි සිදුවෙන්න ඕනෑ (නි)
අජිත් කරුණාරත්න, ඔබතුමා හරියට හරි. මමත් බලාගෙන හිටියෙ ඒක කියන්න. අවවාදයට වඩා ආදර්ශය උතුම්. මෙතුමා මේක හැමදාම කරන්න නෙමෙයි කරන්නෙ, එතකොට ඊළඟ දවසෙ ඉඳලාවත් අනිත් අය හරියට කරයිනෙ... (නි)
පොඩි මිනිහා සමඟ නිතරම ගැවසෙන " අපේ පොඩි මන්ත්‍රීතුමා" ට ජයවේවා! (නි)
මෙතුමා නායකත්වය යනු කුමක්දැයි තව දැනුවත් වියයුතුය (නි)
මුළු ලෝකයටම පෙනෙන්නත් එක්ක ඔබ නියම ආදර්ශවත් මන්ත්‍රී කෙනෙක් කියලා, ඔය වැඩේ දිගටම කළොත් මොකද? (නි)
දැන් හැමදාම කුණු අදියිද? බලාගෙන ඉන්න. (නි)
නුවන්, මෙයා මානව හිතවාදියෙක් තමයි. ඒත් අගලවත්ත නගරයේදි සිදුවුණ සිද්ධිය මතක නැද්ද? (නි)
විජිත් මහත්තයෝ, කතාව ඇත්ත! (නි)
දේශපාලනය අතින් මම මෙතුමාගේ ප්‍රතිපත්ති වලට එකග නොවුණාට ක්‍රියාවෙන් කර ඔප්පු කරන වැඩ අනුව අපිට ඉන්න බහුතර දේශපාලුවන්ට වඩා වැදගත් තත්වයක් තිබෙනවා. (නි)
තනතුරු වලට අයත් වගකීම් සහ විධිවිධාන අනුව ක්‍රියාකර ගැටළු විසඳීම වෙනුවට, ගැලරිය පිනවන අන්දමේ විහිළු සැපයීම මම නම් සිතනුයේ ප්‍රයෝගයක් ලෙසයි (නි)
මන්ත්‍රීතුමනි, ඔබ මුළු රටේම දේශපාලකයන්ට ආදර්ශයකි. (නි)
ඔබ දේශපාලනය නිසා බොහෝ දුක්ගැහැට විඳි කෙනෙක්. මේ යන ගමන ආදර්ශවත්. නමුත් කිසිමදාක කිරි කළයට ගොම නොදාගන්න මතක තියාගන්න. ඔබට ජය! (නි)