කළුතර පාසලකට සිසුවකු ඇතුළත් කිර ගන්නා ලෙස නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා විදුහල්පතිවරයකුට බලපෑම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.
පාසලේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු නොගැනීම නිසා අපහසුතාවට පත්වූ බව කියන මවක හා එම දරුවා සමග පසුගිය මැයි මස නව වැනි දා ඇමැතිවරයා එම පාසලට ගොස් විදුහල්පතිට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු දරුවා පාසලට ඇතුළු කර ගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමග පැමිණිල්ලකින් තොරව විමර්ශන ඇරැඹූ බව කොමිසම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මොන මානව හිමිකමක්ද? දරුවෙකුව පාසලකට දාගන්න විදුහල්පතිවරු ළඟ දණගහන්න වෙන රටක් ලෝකේ තවත් තියනවද කියලා අපි නම් දන්නේ නැහැ. පාලිත තෙවරප්පෙරුම කළ දේ අපිට වැදගත් නැහැ. (නි)
මිලේච්ඡත්වයට එරෙහිවෙන්නන්ට ලංකාවේ අත්වෙන ඉරණම තමයි මේ. පාසලක් අහිමි දරුවා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. (නි)
මම නම් කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ හැටියට තෙවරප්පෙරුම මහත්තයා හොඳයි. අර අසාධාරණය වුණ ළමයා ගැන කතාකරන්න ඔය ලොකු ලොක්කෝ කවුරුවත් නැහැ. (නි)