කළුතර පාසලකට සිසුවකු ඇතුළත් කිර ගන්නා ලෙස නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා විදුහල්පතිවරයකුට බලපෑම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.
පාසලේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු නොගැනීම නිසා අපහසුතාවට පත්වූ බව කියන මවක හා එම දරුවා සමග පසුගිය මැයි මස නව වැනි දා ඇමැතිවරයා එම පාසලට ගොස් විදුහල්පතිට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු දරුවා පාසලට ඇතුළු කර ගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමග පැමිණිල්ලකින් තොරව විමර්ශන ඇරැඹූ බව කොමිසම සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තෙවරප්පෙරුම ගැන මානව හිමිකම් විමර්ශනයක්
රොෂාන් Wednesday, 29 June 2016 03:36 PM
ඒක මොන මානව හිමිකමක්ද? දරුවෙකුව පාසලකට දාගන්න විදුහල්පතිවරු ළඟ දණගහන්න වෙන රටක් ලෝකේ තවත් තියනවද කියලා අපි නම් දන්නේ නැහැ. පාලිත තෙවරප්පෙරුම කළ දේ අපිට වැදගත් නැහැ. (නි)
ප්‍රීති Wednesday, 29 June 2016 03:48 PM
මිලේච්ඡත්වයට එරෙහිවෙන්නන්ට ලංකාවේ අත්වෙන ඉරණම තමයි මේ. පාසලක් අහිමි දරුවා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. (නි)
තරුෂි Wednesday, 29 June 2016 08:50 PM
මම නම් කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ හැටියට තෙවරප්පෙරුම මහත්තයා හොඳයි. අර අසාධාරණය වුණ ළමයා ගැන කතාකරන්න ඔය ලොකු ලොක්කෝ කවුරුවත් නැහැ. (නි)