නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම පැන ගිය බව පොලිසිය පවසයි.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මීගහතැන්න පොලිසියට නොගොස් කෙලින්ම උසාවියට ගිය බව දැනගන්නට ඇත. නමුත් උසාවිය අසලදී ඔහු පොලිසියේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටි බවද වාර්තාවේ.
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම පැන ගිය බව පොලිසිය පවසයි.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මීගහතැන්න පොලිසියට නොගොස් කෙලින්ම උසාවියට ගිය බව දැනගන්නට ඇත. නමුත් උසාවිය අසලදී ඔහු පොලිසියේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටි බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙනෙක්ම මේ යහපාලන ක්‍රියාව අනුගමනය කරත්වා! (නි)
මහින්ද මහත්තයට වෙච්ච දේ දැක දැක අපේ වත්මන් ජනාධිපතිතුමාත් මේ වගේ හතරබීරි නාටක නටන්න ගෝලබාලයින්ට ඉඩදෙනවනේ. මට මේ වගේ වෙලාවට මතක්වෙන්නේ 'අනේ කූඹියනේ තොපිටත් රජෙක් ඉන්නේ' කියන කවිය (නි)
අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරියනේ, ළමයි පාසල් වලට ඇතුළත් කිරීමේ කාර්ය විදුහපතිවරුන්ගෙන් ඉවත්කොට අධ්‍යාපන කාර්යාල මඟින් කෙරෙන්න සළස්වන්න. විදුහල්පතිවරුන්ගේ ගෞරවය රකිමු. ළමයින්ට ඉගැන්වීමත් හා හැඩගැස්සීම විදුහල්පතිවරුන්ට බාරදෙන්න (නි)
කොයි අම්මා තාත්තත් කැමති තමන්ගේ දරුවා හොඳ පාසලකට දාගන්න. කොළඹ මිනිස්සු රෝයල් ආනන්ද නාලන්ද හොයනවා වගේ තමා ගමේ මිනිහත්. තෙවරප්පෙරුමගේ මොන තරම් අඩුපාඩු හා වැරදි තිබුනත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් තේරෙන මිනිහෙක්. (නි)
පසුගිය රජයෙත් හිටියා මිනිස්සු ගස් බදින මේ වගේ හාදයෙක්. රටේ නීතිය හැමෝටම එකයි කියලා ඔප්පු කරලා පෙන්වන්න යහපාලනේට වගකීමක් තියෙනවා.(ම)
මේ රටේ නීතියවත්, නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැනවත් ලැජ්ජාවක් නැතුව කතා කරන්න පුළුවන්ද? ඒ දේවල් හරි විදියට වෙනවනම් මේ මනුස්සයට මෙහෙම දෙයක් කරන්න ඕන වෙයිද? අනිත් හාදයො කරන කරන්න ඕන නැති ජඩ වැඩයි, කරන්නේ නැති කරන්න ඕන හොඳ වැඩයි බැලුවම තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කරන ගොඩක් දේවල් කළ යුතු දේවල්. (බ)
මේ නිදහස් අධ්‍යාපනයද ? (ම)
හොද නරකට හැරන රටක් යහපාලනයක් මේක. (ම)
මේ ප්‍රස්නේ හොදට අනාගෙන තියෙන්නේ කවුරුහරි මේකේ හේතුව සොයන්නේ නැතිව එකට පිළියම් කරන්නේ නැතිව මොකටද වටේ යන්නේ තෙවරප්පෙරුම කල්දේ කලේ ඇයි, මේ පුංචි ළමුන්ට වෙන්නේ මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් අධ්‍යාපනය, මේවා හිස් වචන විතරද ? (ර)
රටක් පාලනය විය යුත්තේ පුද්ගලයන්ගේ හිතළු අනුවද නීතියකට අනුවද කියන ප්‍රශ්නය නේ මේ තියෙන්නේ. ළමයි බලෙන් පාසලකට දාල දීපු එක යුක්තිය ඉටු කිරීමක් හැටියට සමහරු දකිනවා. ඒ තර්කය හරිනම් හැම අවුරුද්දකම මන්ත්‍රීවරු විදුහල්පතිවරුන්ට තර්ජනය කරලා ළමයි ඇතුලත් කරන්න පටන් ගැනීමේ වරදක් නැහැනේ. නීති රීති චක්‍ර ලේඛ ඕනත් නැහැනේ. (ර)
මේ රට වල්වැදිලා ඉවරයි. අනේ මගේ රට! (නි)
දරුවන් වෙනුවෙන් ඉදිරිපත්වුණ එතුමා නිවැරදි බව මහජනතාව දන්නවා (නි)
එක එක්කෙනා ඕනෑ විදියට රට පාලනය කළොත් හොඳට තියෙයි .සමහරු තමන්ගේ බලය පෙන්වන්න හදනවා .පසුගිය ආණ්ඩුව ගෙදර යන්න එක හේතුවක් මේවා පාලනය නොකිරීම .තනතුරු නොබලා දඬුවම් දිය යුතුයි (බ)
යහපාලනය දෝරේ ගලයි (නි)
පාර්ලිමේන්තුවට එක නළුවෙක් හිටියහම ඇතිනේ (නි)
අපේ අසරණ දරුවන්ට කාගේ පිහිටක්ද? (නි)
මේ චක්‍රලේඛන නිකුත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මතවෙන නීති පනත් වලට අනුකූලවනේ. මේගොල්ලෝ පාර්ලිමේන්තුවේදී කට වහගෙන සිට ජනතාව ඉදිරියේදී නිලධාරින්ට තර්ජනය කර වීරයන් වෙන්න හදන එකයි විහිලුව. හරිනම් මෙයා එල්ලෙන්න හදන්න තිබුනේ පාර්ලිමේන්තුවේ හෝ අධ්‍යාපන ඇමති කාර්යාලයේදී. (නි)
ඔය කට්ටිය හතරබීරි කතා කියන්න පටන්ගත්තේ අද ඊයේ ඉඳලා නෙමෙයිනේ? අපි නොදන්නා පොලිසිය. (නි)
මේක මේ අද ඊයෙක තියෙන ගැටලුවක් නොවේ. පාසල් වැහුනේ තරඟකාරි අධ්‍යාපනයත් සමඟ දෙමව්පියෝ දරුවන්ව නගරයටම ගේන්න ගත් උත්සාහය නිසයි. එදා ඒ දුෂ්කර පාසල් වල පහසුකම් වැඩිනොකර මීගහතැන්න නගරයේ තිබෙන ප්‍රධානම පාසලේ පන්ති අඩුකරලා ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම අතීසාරයට අමුඩ ගැසීමක් වගෙයි. මේ වනවිට මිගහතැන්න නගරයට පිටතින් ස්ථීර පදිංචිය සදහා සංක්‍රමණය වන පිරිස වැඩියි. ඒ නිසා මිගහතැන්න ප්‍රාථමිකයේතවත් සමාන්තර පන්තියක් වැඩි කිරීම සාධාරණයි (නි)
මෙසේ නිතිය අතට ගෙන කටයතු කිරීම, නිලධාරීන්ට (හොඳ හෝ නරක) පවතින නීති, රෙගුලාසි වලට ක්‍රියා කිරීමට බාධා කිරීම හා ඔවුන් අපහසුතාවයට පත්කිරීම තරයේම අනුමත නොකලත්, දරුවන් රජයේ හා අනෙකුත් පාසල් වලට ඇතුලත් කිරීමේ ක්‍රමවේදයේ තදබල අඩුපාඩු තිබෙන බව අපි කවුරුත් පිළිගන්න වෙනවා නේද? (ම)
සල්ලි අරන් විදුහල්පතිවරු ළමයි ගන්නවට වඩා මේ ක්‍රමය හොඳයි. (නි)
තෙවරප්පෙරුමගේ මොන තරම් අඩුපාඩු හා වැරදි තිබුනත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් තේරෙන මිනිහෙක්. (බ)
ඇති හැකි එකා විදුහල්පතිලාට ගාන අතමිට මොළවලා වැඩේ කරගන්නවා. නැති බැරි එකා හූල්ලනවා. එහෙවු රටක, වැඩේ වැරදි වුණත් තෙවරප්පෙරුම පෙනීසිටියේ මෙන්න මේ අසාධාරනය වෙනුවෙන් කියන එක පාලකයෝ තේරුම් අරගෙන මේකට ජාතික පිළියමක් සෙවිය යුතුයි. නැතුව අතීසාරයට අමුඩ ගහනවා වගේ මේ මිනිස්සු හිර කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ (නි)
ලුම්බිණී, නීතිගරුක මහජන නියෝජිතයෝ ඔබේ ගමේ ඉන්නවද? මට එක්කෙනෙක්ගේ නම කියනවද? නිකන් හිතන්නේ නැතුව කියන්න එපා. ඒ මනුස්සයා ළමයින්ගේ පැත්තෙන් හොඳ වැඩක් කරලා තියෙන්නේ. හැමෝම නීතිය ගැන කතා කරනවා තමන්ගේ ළමයව ඉස්කෝලෙට දාගන්න විදුහල්පතිගේ පස්සේ යන්න ඕනෑද. ඒ ළමයා උසාවියේදී අම්මා ඉල්ලලා අඬන හැටි බලන්න (නි)
යහපාලනය ගැන ඔබට සතුටුයිද දැන්...? (නි)
හිරබත් කෑ යුතු රොත්තක් එළියේ. අසරණයන් වෙනුවෙන් කෑගැසු කෙනා ඇතුළේ (නි)
හරි හෝ වැරදියට හෝ මේ මනුස්සයා ළමුන්ට පාසලක් අරන් දෙන්නනේ මේවා කළේ. (නි)
ජනාධිපතිතුමා මන්ත්‍රීවරු කූඩුවට දමා ගේට්ටුව ලොක් කළා නම්, විදුලි පංකාවල එල්ලෙන්නත් ගුටි ගහගන්නත් එකේ ඇති වැරැද්ද මොකක්ද කියලා හිතන්න ඇති. (නි)
තෙවරප්පෙරුම නීතිගරුක මහජන නියෝජිතයෙක් විදියට හැසිරෙන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)