මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් නව දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි සැකපිට පොලිස් අත්අඩංගුවට පත් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනකු ලබන 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා අද (5) නියෝග කළේය.
වලල්ලාවිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයසේන මල්ලවාරච්චි, වලල්ලාවිට හිටපු විපක්ෂ නායක දිලිප් පිටිගල සහ තුෂාර ලියනාරච්චි එසේ රිමාන්ඩු කැරුණු සෙසු සැකකරුවෝය.
COMMENTS
අයියෝ! හත් වෙනිදා වෙනකම් මෙතුමාගෙ විහිළු බලන්න වෙන්නෙ නැහැ නේද? (නි)
මම අහලා තියෙනවා මෝඩකමත් නිර්භීතකමත් අතර ඇති පරතරය කෙස් ගහයි කියලා. බොහෝ වෙලාවට මෝඩයාත් වීරයාත් ලේසියෙන් වෙන්කරලා හඳුනාගන්න අමාරුයි. (නි)
පාසල් වලට ළමයින් බඳවාගැනීමට අනුමත පිළිවෙතක් තියෙනවා නම්, දේශපාලනඥයෙකු වූ හෝ නොවූ ඕනෑම කෙනෙකුට ඒ අනුමත පිළිවෙත කඩන්න අවසර දෙනවා නම් මොකටද නීතියක්? මොකටද පිළිවෙතක්? එහෙනම් අධිකරණය ඕනෑත් නැහැ. අසාධාරණයක් වුණා කියලා ඕනෑම ආයතනයකට කඩා පැනලා තමන් හරි කියලා හිතන දේ කරගන්න පුළුවන්. (නි)
ලංකාවේ තරම් මෝඩ දේශපාලකයන් කොහෙවත් නැත. ඔවුන්ට රටේ නීතියක් හෝ ප්‍රතිපත්තියක් වැදගත් නැත. ඕනෑ කාඩ්බෝඩ් වීරයන් වීමටය. මේ වගේ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන මිනිසුන් ඊටවඩා මෝඩය (නි)
මෙය රඟපෑමකි. සියළුදෙනා නළුවන්ය (නි)
මෙතුමා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටිය එක ගැන අගය කරන්නම ඕනේ..(ම)
කොළඹ සුපිරි පාසැල් අවට ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් හට බොහෝවිට සුදුසුකම් තිබුණත් එම පාසැල් වලට ඇතුලත් වීමේ හැකියාව නැහැ. (ම)
මර්වින් සිල්වාගේ ගෝලයෙක් වගේ (ම)
කැලණියේ අචාරියාට නොදෙවෙනි චරිතයක් (ම)
දරුවන්ට පාසලක් අනිවාර්යෙන් දියයුතුයි. නමුත් නීත්‍යානුකූලව (නි)
යල්පැන ගිය, මෝඩ අදහස් තියෙන අයත් චරිත ගැන කියලා තියෙන්නේ. (නි)
මහා පරිමානයේ හොරුන් නිදෙල්ලේ. අහිංසක දුප්පත් දරුවෙන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි මෙතුමා හිරේ. (බ)
රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. නමුත් රජය ඒවා ආදර්ශයට ගෙන කටයුතු නොකළොත් මෙවැනි දේවල් වෙන එක නතර කරන්න බැහැ (නි)
පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර අතර වගකීම් සහ පරතරය විශාලයි. මෙයාට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බව අමතක වෙලාද ? බුද්ධිමත් සහ උගත් බව නැති වුනාම මෙවැනි සංදර්ශන දාන්න යනවා. (බ)
යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අපිට අපි ගැනම දුකයි පුලවන් තරම් වැරදි කරපු කට්ටිය යහතින් එළියේ ඉන්නකොට සාධාරණය වෙනුවෙන් කතා කරපු මේ මනුස්සයා ඇතුලට දැමීම ගැන අපගේ බලවත් විරෝධය මෙතුමා අනුගමනය කළ ක්‍රමය වැරදි තමා නමුත් මීට වැඩිය වැරදි කාරයන්ට සමාව දෙනවා නේද. (බ)
හිරබත් කෑයුතු රොත්තක් එළියේ. අසරණයන් වෙනුවෙන් කෑගැසු එකා ඇතුලේ (බ)
දෙමව්පියෝ හැමෝගේම බලාපොරොත්තුව තමුන්ගේ දරුවන්ට උගන්වලා රටේ යහපත් පුද්ගලයෝ කරන්න. රටේ පාලකයින්ගේ වරදින් ළමයින්ට පාසල් නැහැ.කෙනෙකුගේ ජීවිතයේ සුන්දරතම මතකයක් තම මුල්ම පාසල් දිනය. අනිත් ළමයි පාසල් යනකොට තමුන්ගේ ළමයි ගෙදර ඉන්නවා කියන්නේ දෙමව්පියන්ට මොන ගින්දරක්ද ? (ම)
2002 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයේ පවතී ආදිශිෂ්‍ය ව්‍යාපාරිකයින්ගේ හමුවකදී එවකට අගමැති වරයා විසින් කරනලද ප්‍රකාශයකට අනුව තම දරුවන් රාජකීය විද්‍යාලයට ඇතුලත් කිරීම පිණිස එම ව්‍යාපාරිකයින්ගේ දායකත්වයෙන් රාජකීය ප්‍රාථමික පන්ති ප්‍රමාණය වැඩි කර ශිෂ්‍යත්ව විභාගයෙන් ගන්නා ළමුන් ප්‍රමාණය අඩු කරන ලදී. (ම)
ලංකාවේ පාසලකට ළමයින් අතුළු කරගන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට පරිබාහිරව එකේ එක්කෙනාගේ තරාතිරම් බලපුළුවන්කාරකම් මත ළමයින් පාසලකට ඇතුල් කිරීම නීති විරෝධියි. (ම)
පව් දරු පැටව් ටික.මොනවා හිතනවා ඇතිද ? (බ)
අධ්‍යාපනයට සේවයක් කළ අගමැතිතුමා ඉන්නකොට මේ මන්ත්‍රීතුමා ඇයි මේ වගේ බලහත්කාරකමක් කරන්නේ,එතුමාගේ චේතනාව හොදයි නමුත් රටේ අධ්‍යාපන අමාත්‍යංශයක් තිබෙන බව අමතක වුණාද ? (බ)
අනේ අපේ මැතිතුමාට මොනවා වෙයිද? (නි)
ත්රස්තවාදීන්ට සමාව දෙන්න පුලුවන් රටේ...??? (නි)
දහස් ගණන් අහිංසක මිනිසුන් සහ තමන් මරන්නට ආපු මිනීමරුවන්ට සමාව දෙනවා නම් අහිංසක දරුවන් වෙනුවෙන් සටන් කළ මිනිසෙකුට සමාවදීමට කාගෙන්වත් අවසර ගතයුතුද? (නි)
පාලිත තේවරප්පෙරුමට ක්‍රියාත්මක වූ නීතිය මහ බැංකු හොරුන්ටද ක්‍රියාත්මක වේවා (බ)
මෙයා උඩ පැන්නා වැඩියි. බොරු කාඩ්බෝඩ් වීරයෝ (නි)
මොහු ඇඟිලි නොගහපු තැනක් නැහැ. මට තිබෙන ගැටලුව මෙයයි. කොහොමද ළමයි බලෙන් පාසලකට ඇතුළත් කරන්නේ? ගුරුවරු කොහෙද හිටියේ? (නි)
අසරණයන් වෙනුවෙන් පෙරට ආ මෙවන් මිනිසුන් වෙනුවෙන් අපි පෙළගැසිය යුතුයි (නි)
මට පෙනෙන විදිහට කොන්දක් තිබෙන මිනිහෙක්. (නි)