මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවූ බව කියන ගැටලුවකට පිළිතුරු ඉල්ලා එම විදුහල අසල උපවාසයක නිරත නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ගැටලුවට අද දිනය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් තමා යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීය.
මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවූ බව කියන ගැටලුවකට පිළිතුරු ඉල්ලා එම විදුහල අසල උපවාසයක නිරත නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ගැටලුවට අද දිනය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් තමා යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලාවත් කරන්න බැරි දෙයක්. ඉක්මනින්ම යන්න (නි)
ඒකනම් හොඳ අදහසක් අපි වෙනකෙනකුට අවස්ථාව දෙමු. මොකද කරදරකාරයෝ තියාගත්තම යහපාලනයට ලෙඩක් වෙනවා (බ)
ජනතාව වෙනුවෙන් මෙහෙමවත් පියවරක් ගන්න වෙන දේශපාලකයෙක් නැති තරම්... (ර)
මොනවා වුනත් මෙතුමා ජනතා නියෝජිතයකුගේ ජනතාවගේ යහපත වෙනුවෙන් කලයුතු නියමිත කාර්යය කරන බවනම් පෙනෙනවා. කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක්. (ර)
ඒක හොඳයි . පිස්සෝ අඩු තරමට පාලනය ලෙහෙසි. චන්ඩි අඩුතරමට පාලනය ලෙහෙසි. (බ)
කොහොමත් මේ වගේ අය දේශපාලනයට සුදුසු අය නෙමේ .කාට හරි අසාධාරනයක් වුනාම මෙයාල වගේ අය එයාලගේ කරපිටින් ගිහින් ලකුණු දාගන්න බලනව.ජනතාව දැනගන්න ඕනේ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට ගන්න. (බ)
මෙතුමා ඉක්මනට පිම්බෙන්න හදන ඇමති කෙනෙක්.වෙලාවකට සමහර කතා අහද්දී හිතෙනවා මොනාද දන්නේ,මොනාද නොදන්නේ කියල. (බ)
ඔවු සකුන්තලා, අර දකුණු පළාතේ තේ කඩවල කුස්සි දෙකටම ගිහින් බලල තියනවා ඒවා හොඳට හෝදලද කියලා. ඇයි පත්තරේ තිබුන දැක්කේ නැද්ද? (බ)
ඡන්ද ලැබුනත් නැතත් මෙතුමා කෙලින් වැඩ කර ජනතාව වෙනුවෙන් ඕනෑම මොතක නිර්බයව පෙනී සිටින කෙනෙක් අපි අගය කරන්න ඕනේ පක්ෂ පාට නොබලා මේ කරන සේවයට. (ර)
මොනවා වුණත් හොද වැඩක්නේ ? (ම)
මෙතුමා ජනහිතකාමී සමාජ සේවකයෙන් මෙතුමාට අලුතෙන් ලකුණු ඹ්න නෑ. කලුතර මිනිස්සු ඒක දන්නවා. (ර)
මෙතුමාගේ හැසිරීමේ යම් කලබල ගතියක් තියෙන බවක් නම් පේනවා , හැබැයි මෙතුමා කවදත් ගත්තේ අසාධාරණය යුක්තිය වුන අයගේ පැත්ත, එ්කයි වැඩිපුර බැනුම් අහන්න වෙන්නෙත්, (බ),
තෙවරප්පෙරුම මහත්තයාගේ නමින්ම තේරෙන්නේ නැද්ද එයා හොඳ සැර කෙනෙක් බව. (ර)
ඔබේ නිර්භීතකම ගැන අපි ආඩම්බර වෙනවා. (ම)
මොනවා උනත් මෙතුමා ජනතා නියෝජිතයකුගේ ජනතාවගේ යහපත වෙනුවෙන් කලයුතු නියමිත කාර්යය කරන බවනම් පෙනෙනවා. කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක් ඡන්ද ලැබුනත් නැතත් මෙතුමා කෙලින් වැඩ කර ජනතාව වෙනුවෙන් ඕනෑම මොතක නිර්බයව පෙනී සිටින කෙනෙක් අපි අගය කරන්න ඕනේ පක්ෂ පාට නොබලා මේ කරන සේවයට. (ර)
පාසල් අධ්‍යාපනික සුදුසුකම් ලබා තිබීම දේශපාලනයට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. උසස් අධ්‍යාපනික සුදුසුකම් නැතිව උවත්, සමාජීය උගත්කමින් දේශපාලනික සේවයක් කරන්න මනුස්සයෙක්ට පුළුවන්. (ර)
මිනිස්සුන්ට කන්න නැති රටේ, රස්සා නැති රටේ වාහන පර්මිට් නොගන්නා හැම මන්ත්‍රී කෙනෙකුටම අපි පක්ෂ බේද නොසලකා ජන්දය දෙමු. (බ)
දැන් මෙතුමා ගියාම ඔය ලමයින්ට ඉස්කෝලයක් ලැබෙනවද. අධ්‍යාපන අධ්‍යක්ෂ ගන්න කියලා තියෙද්දි නේද දේශපාලන හයියට නොගෙන ඉන්නෙ. ඔය පලි ගන්නෙ අහිංසක ලමයිගෙන්. දැන් මාස 6 ගියා ඒ ළමයි වෙනුවෙන් ලොකු ලොකු ඇමතිලා කතා කරාද. පාලිත මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉන්නවා. මේ ඉල්ලන්නෙ ලොකු ඉස්කෝල නෙමෙයි. ගමේ ඉස්කෝලෙට යන්න දෙන්න කියලා. (ර)
සෝඩා බෝතලේ කැඩුව වගේ මේ දේශපාලකයෝ... (ර)
ගැලරිය පිනවන්න හදන වැඩක්. (ර)
මම හිතනවා මෙතුමාට යහපාලන රජයෙන් පමණක් නොව පාර්ලිමෙන්තුවෙන්ම ඉවත් වෙන්න ඉඩ ලබා දුන්නොත් හොඳයි .(ම)
පුළුවන් නම් අස්වෙලා පෙන්නන්න කියන්න. මීට වඩා හොඳ වැඩ කාරයෝ ඉන්නවා මතුගම ජගත් වගේ. මේ ඔබගේ අවසන් ජවනිකාවයි (බ)
රටේ නීතියක් හා ක්‍රමවේදයක් තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට දැනුමක් නොමැති උද්දච්ජ නිලධාරීන්ට හා පටු වාසි තකා නිසිලෙස නීතිය ක්‍රියාත්මක නොකරන ආත්මාර්ථකාමී රජයේ නිලධාරීන්ගේ අමන ක්‍රියාවලට එරෙහිව මෙතුමා නිර්භීතව කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. (ම)
හරි දේශපාලන දැක්මක් නැති, ගැලරිය පිනවන්න හදන කෙනෙක්. අයින් වෙන්න ඉඩ දෙන්න.(ම)
මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දුන්නනේ. මේ ළමයි 8 දෙනාට ළඟම තවත් පාසල් තියෙනවා. මොවුන් කඩඉම් ලකුණු අරගෙනද? මොවුන් ගන්නේ නැහැ කියලා පසුගිය ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීම මොනතරම් අශෝභන ක්‍රියාවක්ද? (නි)
කොහොමත් කෙළින් වැඩකරන අයට සමහරු අකමැතිනේ (නි)