නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනකු අද (5) සවස අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි.
මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් සිසුන් 9 දෙනකු ඇතුළු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති හා ගුරුවරු කළ පැමිණිල්ලක් මත මව්වරුන් 9ක් අද පෙරවරුවේ අත්අඩංගුවට පත්වූහ. තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ටිකට් කපාගෙන පොලිසියට බාරවීමට මීගහතැන්නට පැමිණියේය. ඔහු පළමුව උසාවියට ගියද ඒ වනවිට උසාවි රාජකාරි අවසන්ව තිබූ බැවින් පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදු වෙන්න එපායැ (නි)
පොලිසියේ මහත්වරු මෙයාලටත් සාමාන්‍ය මිනිසුන්ට සළකන විදියටම සළකන්න ඇතුළෙදි. (නි)
යහපාලනයට බැන්න ගමන් අත්අඩංගුවට ගන්නවද? (නි)
මම නම් හිතුවා හැම ගහකටම කොටකොටා යනකොට කෙසෙල් ගහ වැඩි ඈතක නැතිබව (නි)