මීගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයයේ විදුහල්පතිට තර්ජනය කරමින් පාසලේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද පොලිස්පතිට ලිඛිතව පැමිණිල්ලක් කළේය.
තෙවරප්පෙරුම මහතා මීට පෙර කළුතර විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළ බවට හා දින ගණනාවක් කලාප කාර්යාලයය ළඟ කළහකාරීව හැසිරුණු බවට මාධ්‍ය වාර්තා පළ වදේදී ඔහු නියෝජනය කරන පක්ෂය මේ වන තෙක් පියවරක් නොගැනීම ගැටළු සහගත බව ද එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.