මීගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයයේ විදුහල්පතිට තර්ජනය කරමින් පාසලේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද පොලිස්පතිට ලිඛිතව පැමිණිල්ලක් කළේය.
තෙවරප්පෙරුම මහතා මීට පෙර කළුතර විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළ බවට හා දින ගණනාවක් කලාප කාර්යාලයය ළඟ කළහකාරීව හැසිරුණු බවට මාධ්‍ය වාර්තා පළ වදේදී ඔහු නියෝජනය කරන පක්ෂය මේ වන තෙක් පියවරක් නොගැනීම ගැටළු සහගත බව ද එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා පමණයි අවංකව තනතුරු නොබලා අහිංසක ජනතාව වෙනුවෙන් යමක් කරන්නේ. ඔය කෑ ගහන අය උස්තැන් දැක හැකිළෙන, මිටිතැන් දැක දැක පුප්පන අය තමයි. හිතාගෙන නම් ඉන්නේ මහලොකු කෙරුමෝ කියලා. (නි)
නුවරඑළියේ වසන්ත, මෙහෙම දෙයක් තිබෙනවා. ප්‍රතිඵලය හොඳ නම් එය ලබාගත් විදිය මොකක් වුණත් කමක් නැහැ කීම, ලබාගත් ක්‍රමය හොඳ නැත්නම් ප්‍රතිඵලය හොඳ වුණත් වැඩක් නැහැ කීම. මේ දෙකෙන් ඔබ මොන ක්‍රමයටද කැමති? මෙතුමාගේ ක්‍රමය ශිස්ට සමාජය අනුමත කරන්නේ නැත (නි)
විකුම් රංගන, ඔය ප්‍රශ්නය විදුහල්පතිගෙන් අහන්න එපා. ළමයි ඇතුළත් කරගැනීමේ නීති සැදු අයගෙන් අහන්න. (නි)
දසවරක්වත් පෙරළා ගන්න බැරිවුණොත් කෝවක දාලා මකලා හූරලා ගන්න වේවි (නි)
රටට පක්ෂය වැදගත් වෙන්න වැදගත් අයට කතිරය ගහන්න ජනතාව දැනගන්න ඕන. (ර)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
බයවෙන්න එපා, කිසිදෙයක් වෙන්නේ නැහැ (නි)
හැමෝම කතා කරන්නේ එතුමාගේ හැසිරීම ගැන. එතුමාගේ අරමුණ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතුමාට ඒ විදිහට හැසිරෙන්න සිදු උනේ ඇයි කියන එක කවුරුත් හිතල බලන්නේ නැහැ. (ර)
බොරු සංදර්ශන විතරක් දාන අය ඉන්නවා. අපි ඒක දන්නවා. (නි)
උදාර උතුම් වැඩක් කරලා තියෙන්නේ, ඔය කොයි කව්රුත් දැගලුවත් ක්‍රියාව උතුම්, සුබපැතුම්.! (ර)
මෙතුමා දුප්පතා වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. කොන්ද කෙලින් තියාගෙන ඕනෑම මොතක මුණ දෙන කෙනෙක් මෙතුමා, ඡන්ද බලාගෙන තනතුරු රැකගන්න වැඩ කරන කෙනෙක් නොවේ කියන එක මතක් කර දිය යූතුයි. (ර)
ඇත්ත. ඔහුගේ හැසිරීමෙන් ඔහු අයත් පක්ෂය මැනීමට ඉඩ තිබෙන නිසා ගුරු සංගමයේ ඉල්ලීම ඉටුකරනවා නම් පක්ෂයටත් හොඳයි. නිශ්ශබ්දවීම යනු නිහඬ අනුමැතිය හැටියටයි අපි හිතන්නේ. (නි)
අනිවාර්යෙන්ම කළයුතු වැදගත් වැඩක් (නි)
මම නම් එතුමා කළ වැඩේ වරදක් දකින්නෙ නැහැ (නි)
ජෝසප් ස්ටාලින් මහත්තයෝ, කියනවද ඒ ළමයින්ව ඉස්කෝලෙට ගත් එක හරිද වැරදිද කියලා. (නි)
ළමයින්ට යන්න බැරි නම් ඔය ඉස්කෝල තියෙන්නේ මහල්ලන්ට යන්නද? විදුහල්පතිලාට සල්ලි දෙනවා නම් ඉස්කෝලෙට ඕනෑ කෙනෙක් ඇතුළත් කරගනී. (නි)
හිරේ දැම්මත් මෙතුමා හිරගෙදර ඉස්පිරිතාලේ ඉන්න එකක් නැහැ. සාමාන්‍ය රැඳවියොත් එක්ක එකට ඉඳීවි. හිර ගෙදර අඩුපාඩුත් පෙන්වා දේවි. අනිත් අැමතිවරු වගේ නිකන් ඉන්නේ නැහැ. නිතරම ජනතා සේවයක් කරනවා. පක්ෂ පාට වෙනසක් නැහැ. අලුත්ගම මුස්ලිම් මිනිසුන්ට ගහපු වෙලාවේ මෙයා අසරණ මුස්ලිම් ජාතිකයන්ව ආරක්ෂා කරන්න කටයුතු කළා. දමන්න හිරේ. එතකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් (නි)
පසුගිය කාලේ තමන්ගේ දරුවට ගුරුතුමිය දුන් දඬුවමක් හේතුකොටගෙන නවගත්තේගම පාසලේ ගුරුවරියව දණ ගැස්සවූ මන්ත්‍රී මේ මෑතකදී එම පාසලේම උත්සවයේදී ප්‍රධාන අමුත්තා වුණා. කට්ටිය ඒවා ගැන කතා කරන්නේ නැද්ද? තෙවරප්පෙරුම මහතා මේ දේ කළේ රටේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙනුයි. ලොකු ලොක්කෝ විවෘත කිරීම් වලට පමණක් පෙරහරෙන් ගිහින් පාසල් වලට ගොඩබහිද්දී, එතුමා පාසල් වල දරුවෝ පාවිච්චි කරන වැසිකිළි වල තත්වය පෙන්වලා දුන්නා. කෑගහන ලොක්කෝ ඒවා දැක්කද? දැක්කා නම් මොකක්ද ඒ වෙනුවෙන් ගත් පියවර? (නි)
මෙතුමාට මනාප දීලා මන්ත්‍රී ලෙස පත්කළ මිනිස්සු මෙතුමා මේ ජාතියේ කෙනෙක් කියලා දන්නවා නම් දෙන්නේ මනාපේ නොවෙයි කොහු මිටෙන්. (නි)
අනේ මේවට මොනව කියන්නද? (නි)
මේ අය තෙවරක් නොව දසවරක්වත් පෙරලා ගන්න වෙයි (නි)
ප්‍රියාන් මහත්මයා කිවුවා වගේ මේ ළමයින්ට ඉස්කෝලයක් ගන්න කවුරුවත් කතා කළාද? අධ්‍යාපන ඇමතිලා නන් දොඩවනවා. ලැජ්ජයි මහත්තයෝ (නි)
හොඳින් හෝ නරකින් එතුමා විශාල සමාජ මෙහෙවරක් කරනවා. අපි එතුමා සමඟයි! මෙතන කෑ ගහන අයගේ දරුවන්ව පාසලට දා ගන්න ප්‍රශ්න නැති වුණාට සාමාන්‍ය ජනතාවට ඒ ප්‍රශ්නේ තියනවා. (නි)
"හැම ගහකටම කොට කොටා ගිහින් කෙසෙල් ගහට කොටපු කොට්ටෝරුවට"වෙච්ච වැඩේ තමයි මෙයාට වෙන්නෙත් (නි)
පොලිසිය නඩු දමන්නේ නැත්නම් අපිවත් කරමු (නි)
කපුවාට දේවාලේ පැහැරුවට ප්‍රශ්නයක් නැහැ. කීයක් නම් ඔය වගේ දේවල් වුණාද? හැබැයි විරුද්ධකාරයෙක් ඕවා කළොත් සැණෙකින් ක්‍රියාත්මකයි. (නි)
මොනවා වුණත් මේ මනුස්සය සටන් කරන්නේ පක්ෂ පාට වලට නොවේ. මනුස්සකම වෙනුවෙන්. ඔය දොස් කියන එක් කෙනෙක්වත් අසරණ වෙන අය ගැන බලන්නේ නැහැ. මේවා ප්‍රශ්න ඇති වෙන්න කලින් සාමකාමීව කිවුවහම කරන්න ඕනෑ. ඔහුට දුප්පත් මිනිස්සු ගැන උණුවෙන කාරුණික හදවතක් තියෙනවා. මේ වගේ මිනිස්සු තමා රට කරන්න ඕනෑ. ඔය බොරු හිනාව දාගෙන මල්වට්ටි අරන් යන කපටි නොවේ. මේ උතුම් මිනිසා සැමදා ජනතාව අතරේ ඉන්න ඕනෑ (නි)
වැඩේ හරි වුණත් වැරදි වුණත් මෙහෙම හැසිරෙන්න බැහැ. නීතිය කාටත් එක වෙන්න ඕනෑ. දැන් කලින් ආණ්ඩුව එළෙව්වේ එහෙම කියලනේ. දැන් ඉතින් හරිගිහින් තියෙන්න ඕනෑනේ. (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා දෙයක් තිබෙන බව එතුමා දැනගත්තොත් හොඳයි (නි)
අහිංසක දරුවන් පාසලට ඇතුළත් කරගන්න කරපු සටන නිසාද අත්අඩංගුවට ගන්න කියන්නේ (නි)
මොහු හැසිරෙන විදිහට උප ඇමතිකමක් නොවෙයි, අනේ මන්දා මොනවටද මෙයා සුදුසු කියලා (නි)
මේ අය මුලින් පාසල් යවන්න ඕනෑ අාපසු පාර්ලිමේන්තුවට එන්න කලින් (නි)
වගකිවයුත්තන්ට මේවා බලන්න වෙලාවක් නැහැ. එ්ත් කරන දෙයකුත් නැහැ. රට අරාජිකයි (නි)
ප්‍රභා, මට හරිම හිනා. ඔයාගේ කීම තමයි දවසේ කියමන. (නි)