(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස පලාලි හි ඉදිකෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙරවරු 9.00 ට විවෘත කෙරේ.
රුපියල් මිලියන 2250 ක වියදමකින් මෙහි ඉදිකිරීම් කෙරෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300ක් වශයෙන් මුදල් යොදවනු ලැබ තිබේ.
මෙය විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙරෙන අතර එහි ප්‍රථම ගුවන් ගමන අරඹමින් ඉන්දියාවේ එලායන්ස් එයාර් 1 සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් ද සමඟ හෙට (17) පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
එහි තිස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පැමිණීමට නියමිත බව ද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පැවසීය.
මෙහි දෛනික ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
මෙම ගුවන් තොටුපල අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිතය.
එහි පළමු අදියර යටතේ දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කළ ඇති අතර ඒ සමඟම ආසන 72 ට අඩු Bombardier - 100 වර්ගයේ ගුවන් යානා එහි හැසිරවීමේ අවස්ථාව උදා වන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර තිබේ.
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ද සුනිල් ගුණවර්ධන මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ආරක්ෂාව බල්ලට ගිය අවස්ථාවක ගනුලැබූ මෝඩ තීරණයක්...
ගුවන් තොටුපල ජනතා අයිතියට දුන්නම මිනිස්සු ඕකේ ගෙවල් හදාගනියි. ප්ලේන් බාන්න ලැබෙන එකක් නැහැ. පස්සේ කියයි අපේ ඉඩම් බලහත්කාරයෙන් ආණ්ඩුව ගන්න හදනවා කියලා. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් මොන කෙහෙල්මලකටද ජනතා අයිතියට දෙන්නේ. මුහුණ පුම්බලා ඡන්ද කඩාගන්න කරන වැඩ? අපේ ගුවන් සේවයක්වත් නම් කමක් නැහැ. දැනට ශ්‍රීලන්කන් ගුවන් යානා වලින් යන මිනිස්සු ඉන්දියානු ගුවන් සේවයෙන් යන්න පාරකපල ශ්‍රී ලන්කන් ගුවන්සේවය තවත් වලපල්ලට යවන ආණ්ඩුවක් මේක. ඔන්න යාපනෙන් නැගලා කටුනායක ට්‍රාන්සිට් අරන් කෙලින්ම රටයන්න අපෙනුත් කටුනායකට ගුවන් යානා දානවා නම් කමක් නැහැ...
දෙවෙනි වී ගබඩාව...
පලාලි කඳවුරු සංකීරණය ඉවත් කිරීමේ පළමු සාර්ථක උත්සාහය... දැන් මේකේ චෙක් කරන්න ඉන්නේ දෙමළ නිලධාරිනේ... ඔවුන් හරියට වැඩේ කරාවිද?
ජනාධිපති විවෘත කලාට මේ සියලු ඉදිකිරීම් තාවකාලික ඒවා.... මීට වඩා හොඳ ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති වල තාවකාලික කාර්යාලවල තියෙනවා...
ඉතාමත් හොද වැඩක්.බත් මුල් බඳගෙන යාපනේ(උතුරේ) ජනතාව රටයන්න කටුනායක එන්න ඕනේ නැති එක ගැන මම ඉතාමත් සතුටුයි.රටක දියුනුවට ගුවන් තොටුපළවල් ඉතා වැදගත්.අපට බාන්ඩ ප්‍රවාහන ගුවන් යනා තිබේ නම් උතුරේ ජනතාවට පුළුවන් ඔවුන්ගේ බාන්ඩ ලේසියෙන්ම කොලබට එවන්න, මුදල් උපයන්න .මෙය ඒ ජනතාවට සමාන අවස්තා ලැබීමක්.මෙරටේ හැම දිශාවකටම අදිවේගී මාර්ග ඉදිවුවහොත් අපේ රට ඉතා පහසුවෙන් දියුනුකල හැකියි.ඒ සමගම යටිතල පහසුකම් දියුණුවිය යුතුයි.රටක දියුණුවට රජයකට යම් අවස්ථාවල කළහැකි දේ සීමිතයි.නමුත් සියලු ජනතාවට සමාන අවස්ථා ඇති කිරීම රජයකට කල හැකිනම්,නව අවස්ථා වලින් ප්‍රයෝජන ගෙන රට දියුණු කිරීමට මහජනතාවට හැකියාව ලැබේ.
හි හි එතකොට මේ එයාර්පෝර්ට් එකේ මේ වෙනකම්ම ප්ලේන් බාලාම නැද්ද දැන් මේ කඩි මුඩියේ ජනතා අයතියට පත්කරන්නේ?
එකත් මරු, මහින්ද මහත්තය දකුණේ සිංහල මිනිසුන්ට යමක් දුන්නොත් UNP එකේ සෙට් එකත් ඒකම උතුරේ දෙමල, මුස්ලිම් අයටත් ඒ දීම දෙනවා,,,
කුහක කමේ උපරිම. ලොකු වෙලාවක් යාපනේ ඉඳලා හයර් වලට ලොකු ගානක් ගෙවලා කොළඹ ඇවිත් රට යනවට වඩා මේ විදියට යන අයට යන්න ලැබුනම කොච්චර හොඳද? අනික කොළඹ ඔක්කොම තියනවා කියලා එහෙන්ම යන්න ඕනේ කියලා නීතියක් තියනවද? හරිවිදියට වැඩේ කරනවා නං එච්චරයි. කොරහේ කිඹුල්ලු හොයන්න එපා
මිලියන් 1950ක් ජනතා මුදලින් වියදම්කරලා ශ්‍රීලන්කන් ගුවන්සේවෙන් ගිය ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියානු ගුවන්සේවෙන් යන්න පාරහදල අපේ ජනතා මුලින්ම වියදම් කරලා උත්සවයක් පවත්වන්නයි යන්නේ දෙන්න එකතුවෙලා. ළඟදීම ඉන්දියාවෙන්ම කනබොන බඩුත් ගෙන්නගනී. මටනම් හිතෙන්නේ එදා ලෝකයුද්දෙන්පස්සේ ජර්මනිය දෙකට කඩගත්ත වගේ උතුරේ යුද්දේ අවසන්කරලා ලංකාව දෙකට කඩගත්ත කියලයි. ප්රභාකරන් නිකම්ම නිකන් බිලිබෝයි කෙනෙක් වුන. හැබැයි හින්ගාකකා ඉන්නවට වඩා තායිවානයක් නැතිනම් සිංගප්පුරුවක් වෙනවනම් හොඳයි කියලත් හිතෙනවා. හොන්කොන් වලත් නොසන්සුන්තාවක් තියෙන එකේ අපට හොඳ අවස්ථාවකුත් තියෙනවා.
එතකොට රත්මලාන කීවෙනි එකද?
මට නං තේරෙන්නේ නැහැ ලංකාව වගේ පුංචි රටකට මෙච්චර ගුවන්තොටුපලවල් මොකටද කියලා... කොළඹ සිට ඕනෑම තැනකට පැය කීපයකින් යන්න පුලුවන් යානා දෙක තුනක් එන මේකයි, යානා එන්නෙම නැති මත්තලයි නඩත්තුවට කොච්චර මහජන මුදල් යට කරන්න වෙයිද?
ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකකුත් වැඩියි කිව්වා නේද?
තු විතරක් , ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හැටි , කුකුළු කොටු ඔයිට හොදට තියනවා
රටේ ආරක්ෂාව බල්ලට දාලා ඡන්ද ගන්න ආණ්ඩුව කරපු මගඩියක්. ඉස්සර ඔච්චර ආරක්ෂක විධිවිධාන තිබිලත් ආරක්ෂක අංශවල ඇස් වහලා කටුනායක ගුවන්තොටුපලින් ආපු ගියපු ත්රස්තවාදීන් දැන් අපිට චෙරියෝ, හායි, බායි කියලම යයි.
එතන නාම පුවරුවේ සිංහල බස දෙවැනි තැනට දැමීමෙන් ඡන්දයේ වාසිය ගන්න බලනවා වගේ...
බොහොම හොඳ දෙයක්... හරියට ක්‍රියාත්මක වුනොත් සිංගප්පූරුව - මැලේසියාව එක ළඟ වෙන්ව තිබීමෙන් ගන්නවා වගේ වාසියක් ගන්න පුළුවන් ක්‍රමයක්... දෙපැත්තේම දෙමල බස කතා කරන අය සිටීම වෙළෙඳාමට ප්‍රයෝජනයක්... නිසි නියාමනයක් අවශ්‍ය වෙන්නේ මේ හරහා සිදුවිය හැකි නරක ප්‍රතිඵල පාලනය කරන්න...
ජනතා අයිතියට? බුදු අම්මෝ.. ගුවන් තොටුපොළක්..? මට නම් එපා..!!
තවම මේකේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලක ලක්ෂණ නැහැ නේ. මොකද විවෘත කරන්න කලබලේ?
දැන් මේ ආරක්සාව බල්ලට දාලා ඉන්දියාවට රට දෙන්න යන මේ යාපන ගුවන් තොටුපල ඊලග ජනාධිපති තුමා ඇවිල්ලා ආරක්සාව තර කරලා වහලා දාවි නේද? අම්බෝ..ඒ වෙනකල් නැගිටලා රටින් එන කොටි ගැන අවධානයෙන් ඉන්න ඕනි. එතුමාලා ආවම නම් තවත් යාපන ගුවන්තොටුපලක් ඉතුරු වෙන් එකක් නැහැ.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එක් ගුවන් තොටුපලක් හොදටම ප්‍රමාණවත්. ජනතාවගේ මුදල් වියදම් කරමින් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් කරන ප්‍රොජෙක්ට්ස් තමා මේ
මේක ඉදිරි ජනාධිපතිවරණය ටාගට් කරගෙන දෙමළ ජනතාවගේ ඡන්ද ටිකට ගහපු ප්ලෑන් එකක් රනිල්ගේ කියන එක හොඳටම පැහැදිලියි...
මෝඩ බයිලට මේවා තේරෙන්නේ නෑ. මත්තල වගේ... කෝටි ගණන් රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි විනාස කරලා එක ගුවන් යානයක්වත් එන්නේ නැතිව තිබ්බනම් ගොඩාක් හොඳ ඇති නේද !!!
මුන් යනකොට කොරහත් බිදගෙන යන බව අමතක කරන්නෙපා. සුළු ජාතීන්ගේ කරපිටින් බලය ගන්න වලිකන වත්මන් යහපාළුවන් මේ රටම තව කාට කාට ලියලා දීල තිබේදැයි සොයා බැලිය යුතුය. මේ තත්වයේ දැවැන්ත වෙනසක් ගෝඨා වෙතින් ඉදිරියේදී දැකගත හැකිවනු ඇති අතර, එවිට අරාජික මේ දේශයේ බඩ පිනුම් ගසනා බෙදුම්වාදීන්ට සහ අන්තවාදීන්ට සුදුසුම පිළිතුර ලැබෙනු ඇත.
අච්චර හොද මත්තල ඓර්පොර්ට් එකේ වී ගබඩා කරන්න තරම් කුහක උන ආණ්ඩුවක් මෙතන උතුරේ චන්ද ටික කඩාගන්න මිනිස්සු අන්දනවා. මොකද මේ පර උතුරේ චන්ද ටික නැති උනොත් නාන්න වෙන බව දන්නා නිසා.
මැදපෙරදිග ඉන්න මුස්ලිම් දෙමළ අය මෙතැනින් යන්න එන්න පටන් ගත්තොත් ජාත්‍යන්තර ගුවන් සේවා ඔක්කොම කටුනායක අත් ඇරලා යාපනේ යාවි, එහෙම වුණාම සිංහල අපිට වෙන්නේ කොළඹ ඉඳන් කඩමලු බැඳන් දවස් දෙකකට කලින් යාපනේ ගිහින් ඉන්න තමයි. යහපාලනේ සිංහලයව පාගලම දාපු තවත් අවස්ථාවක්...
හෙළයින්ගේ රටේ සිංහල භාෂාවට තිබෙන තැන නාම පුවරුවෙන් පේනවා...
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් ඔක්කෝමගේම වගේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙනි. නමුත් මා දන්නා තරමට යාපනයේ මෙහෙයුම් කටයුතු ඔවුන් සිදු කරන්නේ නැහැ. මෙතන අයගේ අදහස් වල තියෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියන්නේ සුදු අලියෙක් කියලා. නැහැ, එ්ක බොරුවක්. ගුවන් සමාගම ණය කාරයෙක් කලේ හිටපු පාලකයන් සහ වත්මන් පාලකයන්. එහි සේවකයන් මේවට සම්බන්ධ නැහැ. අදටත් මෙම ගුවන් සමාගමේ ණය කපා හැරියොත් තනියෙම නැගී සිටින්න පුළුවන් ආයතනයක්... රටට ඉමහත් සේවයක් කරන්න පුළුවන් මේවගේ ආයතන දියුණු කරන්න රජයෙන් උපරිම සහාය දක්වන්න ඕනේ...