(ගයාන් සූරිය ආරච්චි)
මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන 'වැලිගම සහන්' නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත යේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පසුගිය අප්‍රේල් මාසේ දිනක හිරන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පොලීසිය හඳුනාගෙන ඇත.
එමෙන්ම මෙම සැකකරු ඉකුත් ජුනි මාසයේ මට්ටක්කුලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. ජුනි මස දිනක පානදුර දකුණ පොලිස් වසමේ යතුරුපැදි කොටස් අලෙවි සැලකට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වීී ඇත.
රන්මාල කොල්ලකෑම් 8 ට පමණ මෙම සැකකරු සම්බන්ධ බවටත් යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවක් ද සැකකරුට පවතින බවත් පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තවත් වෙඩික්කරුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට
maalaka Tuesday, 29 July 2025 11:30 AM
මෙයා අපරාධකරුවන්ට වැදගත් පණිවුඩයක් දැන් ඔවුන්ව රකින්න කවුරුත් නෑ
fairoos Tuesday, 29 July 2025 12:03 PM
ආයේ නම් එළියට යන්න දෙන්න එපා