රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ රොගීන් අශිර්වාද කිරීමේ මංගල්‍යය ලබන 25 දාට යෙදී ඇත.
ආන්ජලෝ කාදිනල් බැග්නස්කෝ පුජකතුමාද මැලක්ම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාද දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.
ලංකාවේ සෙසු රදගුරු තුමන්ලා ද මීට සහභාගි වීමට නියමිතය. ප්‍රධාන මෙහෙය මෙදින සවස 2.00 ට ආරම්භ කෙරේ.
පෙ.ව. 5, 6, 7. හා 8 ට සිංහල භාෂාවෙන්ද පෙ.ව. 9 ට ඉංග්‍රීසි භාෂාවෙන් ද 10 ට දෙමළ භාෂාවෙන් ද පෙ.ව. 11 ට හා ප.ව. 5 ට සිංහල භාෂාවෙන් ද දිව්‍ය පූජාව පැවැත්වේ.
විශේෂ දුම්රිය සේවාවන් ද යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (නි)
ඉහත විස්තර බලපුවහම හරිම කණගාටුයි සමහරුන්ගේ නොදන්නාකම ගැන. (නි)
පුවතවත් නොකියවා හිතේ තියෙන දේට අනුව ප්‍රතිචාර දක්වන්න එපා. රෝගීන්ට ආශීර්වාද කරනවා කියලා මිසක් සුව කරනවා කියලා නැහැනේ. අපිටත් ලෙඩ වුනාම හාමුදුරුවෝ ගෙදරටම වැඩලා පිරිත් නූලක් බැදලා ආශීර්වාද කරනවානේ! එහෙමයි කියලා බෙහෙත් නොබී ඉන්නේ නැහැනේ? අපි කාටත් අපි පිළිගන්න දහමේ ආශීර්වාදය අවශ්‍යයි හිතේ සතුට සැනසීම රැදෙන්න. (නි)
රෝගී අයකුගේ සිත ශක්තිමත් කරනවා කියන්නේ ඉතාමත් උතුම් දෙයක්.කරුණාකර නොදන්නා දෙයකට අදහස් ප්‍රකාශ කරන්න එපා. (නි)
කවුද පල්ලියේ සඳකඩ පහනක් හැදුවේ? සඳකඩ පහනේ තේරුම දන්නවද පියතුමනි? නෙලුම් මලෙන් කියවෙන්නේ නිර්වාණයි. ස්වර්ගය නොවේ. නොගැලපෙන දේවල් නොකර ඉන්න බොරු වැඩ නොකර. (අ) චෝදන්වක් නොවේ. අදහසක් පමණි.
ඔය අදහස් දාල තියෙන චන්දි කියන්නේ ගැහැනු කෙනෙක්ද ?පිරිමියෙක්ද ? (නි)
සම්පත්,රුවන්,ඉන්දිරා,දන්නේ නැති දේවල වලට මෝඩ ප්‍රතිචාර දක්වන්න එපා.අනෙක් ආගම් වල වත්පිළිවෙත් දන්නේ නැත්නම් කරුණාකරලා මොකුත් නොකියා ඉන්න පුරුදු වන්න. (නි)
මිනිස්සුන්ගේ විශ්වාසයන් පහත් කරන්න එපා.මේක මිනිස්සුන්ගේ විශ්වාසය.ඒකට ගරු කරන්න. (නි)
දාස,කරුණාකරලා අනිත් ආගම් එක්ක සමගියෙන් ඉන්න.කුහක වෙන්න එපා.බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් බව මතක තියාගන්න.ඕනෑදේටයි එපා දේටයි ආගම් ඇදලා ගන්න එපා. (නි)
සම්පත්,ඔයත් සුවය මෙහෙයට සහභාගි වෙන්න. ඔයාගේ ලෙඩේ දරුණුයි (නි)
මේ වගේ මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නකන් ආශ්චර්යක් ගැන හිතන්න එපා.ආශිර්වාදයයි ලෙඩ සුව කරනවා කියන එකයි තේරුම් ගන්න බැරි නම් නැවත පාසල් යන්න. (නි)
නොදන්නාකමටයි අහන්නේ, රෝගීන්ට ආශීර්වාද කිරීම කරන්නේ ලෙඩ හොඳ වෙන්න නෙමෙයිද? (නි)
25 වෙනිදා තේවත්තේ තියෙන්නේ රෝගීන් ආශීර්වාද කිරීම. සමහරු මෝඩ අදහස් ලියලා තියෙන්නේ (නි)
දන්නේ නැති දේවල් වලට මෝඩ ප්‍රතිචාර දක්වන්න එපා. මේක දේව මෙහෙයක් (නි)
ආසිරි ගන්වනවා කියන එකේ තේරුම දන්නේ නැති අයටයි බුද්ධිය ඕනෑ වෙන්නේ. මේක රෝග සුව කිරීමේ මෙහෙයක් නෙමෙයි.වසර ගණනාවක ඉදලා කෙරුන දෙයක්. අවශ්‍ය කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්.. (නි)
ඉන්දිර, මෝඩකම පෙන්නන්ඩ එපා. (අ)
සියල්ලන්ටම යහපතක් වේවා! (නි)
උපුල්,මංජු ,විරාජ්,සමන් මම ඔයාලව අනුමත කරමි . (අ)
ආශීර්වාද කිරීම සහ සුව කිරීම කියන්නේ එකිනෙකට වෙනස් තේරුම් තිබෙන වචන දෙකක් බව තේරුම් ගන්න බැරි තරම් ළදරුවොත් ලංකාදීප බලනවා කියලා මම දන්නේ අදයි. (නි)
කලියුග කාලේ, මන්ද බුද්ධිකයෝ පත්තර බලන්න විතරක් නෙමෙයි, ලියන්නත් පටන් අරන්. හැබැයි දේව කෝපයකට හෝ වෙනයම් හේතුවකට උපතින්ම මානසික ආබාධයකට පත්වී සිටින ඔවුන්ට නම් ඔය කියන දේව මෙහෙයෙන් හෝ වෙනත් ආගමික කටයුත්තකින් හෝ රෝහලකින් ලබාගන්නා බෙහෙතකින් සුවය ලබාගැනීමට හැකිවන්නේ නැහැ. කෙසේ වෙතත් ධර්මය නම්, මොවුන්ට අනුකම්පා කරාවි. විද්‍යාවෙන් නම් මොවුන්ගේ උප්පත්තිය ගැන හේතු සහිතව පැහැදිලි කර දේවි. (නි)
පෙරේරා නම් මාර මොළකාරයෙක්. ගෙදරදීත් මාතෘකාවටම කතාකරන කෙනෙක් වෙන්න ඕනෑ. ඔයා වගේ තව තුන්දෙනෙක් හිටියා නම් හොදටම ඇති (නි)
දෙවියනේ, මේ මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්වනු මැනවි. (නි)
සමහර මිනිස්සු ලෙඩ වෙන එකටත් අන්තිමට පළි දෙවියන් (නි)
අදහස් සමහර ඒවා කියෙවුවහම ඉල ඇදෙනවා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. අනුන්ගේ දේවල් වලට හොට දාන්න එපා හරියට දන්නේ නැත්නම්. (නි)
සියලුදෙනාටම දේව ආසිරිවාද වේවා
කරුණාකර නොදන්නා දේවල් වලට අදහස් දාන්න එපා (නි)
දහමට නිගරු කරන්න එපා. මේ තේවත්ත මංගල්‍යය වසර 40 50 තිස්සේ පවතින එකක්.මේක රෝමානු කතෝලික මෙහෙයක්. මේක ආසිරි ගැන්නීමේ මංගල්‍යයක්. ඕගොල්ලන්ට හොඳක් කියන බැරි නම් මුකුත් නොකියා ඉන්න. (නි)
මෙහෙම අශිර්වාද කරපුහම රෝගීන් සනීප වෙනවද? බෙහෙත් බොන්න ඕන නැද්ද? එහෙමනම් අපි මේ රෝහල් ටික ඉවත් කරලා පල්ලි ටිකක් හදමුකෝ. වෛද්‍ය විද්‍යාල ඉවත් කරලා සෙමනේරි හදමුකෝ.(අ)
දැන් දැන්, පුජකවරු දොස්තරලගේ රාජකාරියත් කරනවනේ!!!! හරි ශෝක්. (අ)
බෙහෙතුත් බිව්වට කමක් නැද්ද? දෙවියනි, මේ මිනුසුන්ට භක්තිය වෙනුවට බුද්ධිය දෙනු මැනව. (අ).
සම්පත්, ඉන්දිර රුවන් , මෝඩ වුණාට එය ප්‍රදර්ශනය කරන්න යන්න එපා. ලංකාදීප ප්‍රවෘත්තිය කියවා ප්‍රතිචාර දක්වන්න. (නි)
සම්පත්,රුවන්,ඉන්දිරා, ඔබතුමාලා දැකලා නැන්ද වෙවෙබ් අඩවි වල,පත්තර වල ඉන්න අපේ ගුරුකම් කරන හාමුදුරුගොල්ලො. ඒ ගොල්ලොත් ලෙඩ සනිප කරනවා. ඒගොල්ලොන්ගෙ බෙහෙත් හරි ඉක්මන්. සතියෙන් ප්‍රතිපල ලැබෙනවලු. (නි)
සමහරුන් පල්ලියකට ගෙනියන මල් ගැනත් නේද, පිස්සුද මන්දා (ස)
සම්පත් සහ රුවන් නොදන්නා දේවල් වලට හොට දාන්න එපා (නි)
මංජු, හැමෝම එකයි (නි)
දෙවියනි, මේ මිනුසුන්ට භක්තිය වෙනුවට බුද්ධිය දෙනු මැනව.මොනවා වුනත් ඇත්තම කියලා තියෙනවා. (නි)
දාස ගේ අදහස මමත් අනුමත කරනවා.ඉස්සර බෞද්ධ අපි තමා මල් අරන් පන්සල් ගිහින් මල් පුජා කරලා,හදුන් කුරු පත්තු කරලා බුදුන් වහන්සේ වැදපුද ගත්තේ. (නි)
බොහෝ දෙනෙක්ගේ රෝග සුව වේවා! ඒ වගේම උපදින මිනිස්සුනට ලෙඩ රෝග හැදෙන්නේ හැදෙන්නේ නැත්තම් ලෙඩ රෝග සුවකරන්න දෙවියන්ට මහන්සිවෙන්න ඕනෑ නැහැ නේද? ඇයි දෙවියන් වහසේට එහෙම කරන්න බැරි?පහදලා දෙන්න (නි)
උඩින් අදහස් දාලා තියෙන මන්ද බුද්ධික දෙතුන් දෙනාගේ දැන ගැනීම පිණිසයි!! මේ පූජාවෙන් බෙහෙත් බොන්න එපා කියන්නෙ නැහැ.ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.ඒක හින්දා තමා ආසිරි දේව මෙහෙය කියලා කියන්නෙ. (නි)