ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් ඩුබායි හිදී එරටින් පිටුවහල් කොට මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු වයස අවුරුදු 25 සහ 37 වියේ පසුවන යාපනේ කොඩිකාමන් සහ උරුම්බායි යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
මොවුන් දෙදෙනාම පසුගිය පෙබරවාරි 08 වෙනි දින මෙරටින් පිටත්ව ගොස් ඇත. ඩුබායි හි මොවුන්ගේ වීසා ව්‍යාජ බව එරට බලධාරීන් විසින් අනාවරණය කරගැනීමෙන් පසු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කොට එවා ඇත.
දෙදෙනාටම මාස 8 ක් බැගින් ඉතාලියේ රැදී සිටීමට හැකි අයුරින් වීසා සකස් කර තිබු බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එකිනෙකා නොහඳුනනා බවද වාර්ථා වෙයි.
ඉතාලියේ වෙසෙන පුද්ගලයෙකු විසින් වීසා සකස් කර එවා ඇති බව දැනගන්නට ඇති අතර කෙසේ වෙතත් මෙලෙස ව්‍යාජ වීසා සකස් කර තරුණයින් ඉතාලියට පටවන ජාවාරමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දෙදෙනාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැාමා්ටම එක වගේ සාධාරණය මෙන්ම දඩුවම් ද හිමි විය යුතුයි (දිල්)
පාස්පෝට් දෙකක් තිබ්බ නම් අත්අඩංගුවට ගන්නේ නේ තිබ්බේ. විමර්ශනය කරනවා විතරයි. විමල්ගේ හාමිනේට වගේ (දිල්)
මොවුන් හරියටම වැරදි කරුවන් කියලා තහවුරු නොකරගෙන අත්අඩංගුවට පත්වෙනවා. දුප්පතාට තියෙන නීතිය එයයි. බලවතාගේ වැරදි තහවුරු වෙනකම් එළියේ..(හේ)
පොඩි එකෙක් වරදක් කළොත් උසාවි. විමල්ගේ නෝනට විමර්ශන අනේ අපේ නීතියට ගිය කල (බ)
මොනවට එවනවාද මන්දා, හොර වීසා අරගෙන ඉන්න අයටත් රස්සාවල් නැහැ (බ)
දෙනාට ඉතාලියේ සිටිනා ලාංකිකයන් ප්‍රමාණයටත් වඩා වැඩි , ඉන්නා අයත් ලංකාවට අපහාස වන විදියේ කටයුතු කරන්නේ , ඔය හොරෙන් එන අයව අල්ලා ආපසු යවන එක හොඳයි .(හේ)
ඔන්න ඕක තමයි මමත් කීවේ අනික් අයට උපදෙස් ගන්නවා නීති පතිගෙන්.(හේ)
සජිනි මදුශානි ඉතාලිය, ඉතාලිය ඔයාගේ රටක් නෙමේනේ සජිනි යන්න පුලුවන්නම් ඉන්න තැනක් තියෙනවා නම් කෝම හරි ජොබ් එකක් හොයාගන්නත් පුලුවන්නම් උදවු කරන්න අය ඉන්නවානම් ඔයාට මොකෝ. අහිංසක මනුස්සයෙක් කීයක් හරි හම්බ කරගත්තාම මොකද වෙන්නේ. ඉන්න අයත් වැඩියි කියන්නේ ඉතාලිය පොඩි රටක් ද. අනික ඔය ඉතාලියට (යුරෝපයට ගොඩක් එන්නේ හොරෙන් තමයි ) මම ඉන්නෙත් ප්‍රංශයේ (නදී)
ඉතාලියේ ඉන්නා පැරණි අයගෙන් ඉතාලියට සහ ලංකාවට සේවයක් උනත් මේ තාක් පැමිනි අලුත් අය නිසා පැරණි අපටත් නින්දා අපහාස විඳින්ට වෙලා. (නදී)