නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැසිනෝ හරි රේස් ඔට්ටු හරි දැම්මානම්නේ "වැදගත්". අත්අඩංගුවට පත්වෙන්නෙත් නැහැ. විස්කි බිව්වත් එච්චරයි. බූරු ගැහුවොත් හරි රා බිව්වොත් හරි එයා ගමේ එකෙක්. (නි)
සම්භාවිතාවය ගැන ප්‍රායෝගික පාඩමකට සහභාගි වුණා කියලා කටඋත්තර දුන්නා නම් හරිනේ! (නි)
ඒ තරමටම ඔවුන්ගේ අතේ දැන් මුදල් ගැවසෙනවාද? (නි)
මොන වගේ පාඩමක්ද දන්නෙ නැහැ ඉගෙනගත්තේ? (නි)
කොල්ලෝ වුණාම හැමදේම දැනගන්න ඕනෑ. මම වයස 14 දී මඟුල් ගෙදරකදී අරක්කු ටිකක් බීලා බැලුවා.ගුටිකෑවත් අරක්කු තිත්තනේ කියලා මම දැනගත්තා. (නි)
කොළඹ කැසිනෝ ගහන අයට නම් මේ කරදර මොකුත් නැහැ (නි)
වැඩිහිටියන්ගේ නරක ආදර්ශ නිසා තමයි දැන් හැදෙන තරුණ පරපුර දවසින් දවස පරිහානියට පත් වෙන්නේ.අනික දැන් හැදෙන එකාලට අවවාදයක් දෙන්නත් බැහැනේ නහයට අහන්නේ නැති නිසා.මෙහෙම වුනේ ඇයි.සමාජයේ වරදක්ද නැතිනම් ගෙදර දොර අඩුපාඩුවක්ද. (අ)
මේ ළමයින් මොකද්ද කළ වැරැද්ද ? අනාගතයේදී ජේම්ස් පැකර්ගේ ව්‍යාපාරයට එකතුවෙලා ලංකාවේ සංවර්ධනයට අතදෙන්න තරුණ වයසේ සිටම පුරුදු වෙනවා. (නි)
කියලා වැඩක් නැහැ. දැන් සරසවි වරම ලැබිලා ඇති අයියලාට..... (නි)
කොළඹ හතේ බූරු පිටියට යන්න පොඩි පෙරහුරුවක් දමලද කොහෙද ? පොලිස් මාමලා කඩා පැන්නනේ ඒකටත්! (නි)
පරණ වේදිකා නාට්‍ය ගීතයක් මතක්වෙනවා. "බොල බුරු පුතේ, දුක සෝකා ඉතින් ඉවසං" (නි)
අප්පච්චියේ පිටබැද්දර ජයා! අන්න කට්ටිය ඔබතුමා ගජරාමෙට පසුගිය දවස් වල හෙව්වා. (නි)
මත්කුඩු, එතනොල්, සුදුව සහ අනෙකුත් දුරාචාර රටේ පිරී ඇති බැවින් රටේ අනාගතය බාරගන්න ඉන්න පාසැල් දරුවන් මෙවැනි දුසිරිත් වලට පෙළඹෙන ඵක වැළැක්විය නොහැක. දෙමාපියනි, වාහාම මෙය නැවැත්වීමට ඉදිරිපත් වෙන්න. නැත්නම් අපේ දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැති දවසක් උදාවෙයි (නි)
සැකපිටනේ ගත්තේ. ඒ කියන්නේ සැකයක් විතරයි. (නි)
හොද වැඩේ බූරු ගහන්න ගියාට.(හේ)
උසස්පෙලට දෙන ව්‍යාපෘතිය කරන්න වෙන්න ඇති (බ)
බූරුවා ගහන්න ඉගන ගත්තට වරදක් නැහැ. පිටරට ගිය ගොඩක් දෙනා එහෙ සුද්දන්ට ඔය සෙල්ලම උගන්නනවා.පුදුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ඒ හින්දා පිටරට යන අය ඕක ඉගෙන ගෙන යන එක හොඳයි.(හේ)
ඇමතිට කැසිනෝ ගහන්න හොඳනම් ශිෂ්‍යන්ට බුරු ගැහුවට මක්වෙනවද?? (හේ)
පව් පුතාලා ඉගෙන ගන්න යන්නැති. ලොකු අයට හොඳනම් අපිට හොඳ නැත්තේ මොකෝ කියල හිතුනද දන්නෑ. මේව වැඩිහිටියන්ගෙ නරක ආදර්ශ (බ)