වසර 15 ක කාලයක් සෞදි අරාබියේ වහල් සේවයේ යෙදෙමින් කිසිදු වැටුපක් නොලද ශ්‍රී ලාංකික කතකට සෞදි රියාල් 52000(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18) හිග වැටුප් ලෙස ලබාදී ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පවසයි
2012 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත තානාපති කාර්යාල එවකට කම්කරු සුබසාධන නිලධාරි මුතුමාල මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවූ මෙම කාන්තාව පිළිබද මෙහෙයුම මේ වන විට යතාර්ථයක් බවට පත්වුයේ රියාද් තානාපති කාර්යාලයේ රොෂාන් ගුණවර්ධන මහතා සහ නිලධාරීන්ගේ උත්සාහය නිසා යැයි නිලධරයෝ කියති.
වසර 15 ක් පුරාවට කිසිදු වැටුපක් සහ නිවාඩුවක් නොලබා මෙසේ හිග වැටුප් ලබා ලංකාවට යාම සදහා වාසනාව හිමිවුයේ නොච්චියාගම පදිංචිව සිට සෞදි අරාබියේ රියාද් සිට කිලෝමීටර් 1600 දුරක සෞදි නිවසක රැකියාව කළ ආර් ප්‍රේමාවතී මහත්මියයි.
ප්‍රේමාවතී පිළිබද කාර්යාංශයට ලද තොරතුරු මත සෞදි ආරක්ෂක අංශ සහ සෞදි විදේශ අමාත්‍යාංශය සමග කරන ලද සමීක්ෂණ මගින් හෙළිවුයේ මෙම කාන්තාව ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ නිවසෙහි සේවය කරන බවකි. එකල කම්කරු නිලධාරින් ලෙස සේවය කළ මුතුමාල මහතා සහ මොහොමඩ් මහතා ඇතුළු නිලධාරින් විශේෂ මෙහෙයුමක් කළද ආරක්ෂක නිලධාරියකුගේ නිවසට ගොස් කාන්තාව තානාපති කාර්යාල භාරයට ගැනීම ඇති දුෂ්කර කාර්යක් බව අනාවරණය විය .
කෙසේ වුවද සෞදි රජයේ කම්කරු නීතිය හා බලපෑම් හමුවේ මෙම කාන්තාවගේ ගමන් බලපත අලුත් කර ගැනීමට ඇයගේ හාම්පුතා සමග තානාපති කාර්යාලයට පැමිණීම නිසා ඇයට ගම රට බලා යාමේ අවස්ථාව උදා විය.
තානාපති කාර්යාලයට පැමිණි ඇය වහාම තානාපති භාරයට ගත් රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු නිලධරයෝ හාම්පුතාගෙන් ලබාගත් හිග වැටුප් සමග ඇය යු එල් 266 ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එවුහ.
විදේශ සුබසාධන ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇගේ හිඟ වැටුප් ලබා දීමට මුල් වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ගුණවර්ධන මහතා සහ නිලධාරීන් හට තවත් මෙවන් පින් වැඩ කිරීමට ශක්තිය ලබේවා!(දිල්)
ගුණවර්ධන මහතාට පිං. මම මීට කලිනුත් කිව්වා මෙහෙ තානාපති පහුගිය කාලේ කළ වැඩ ගැන කොහොමටත් මේ අයට සල්ලි මාසේ ගානේ ලැබුන නම් මේ ටික වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් එකවර ලැබුන නිසා එ්කවත් තියා ගන්න පුළුවන් (බ)
රොෂාන් මහතාණෙනි ඔබ කරන සත් ක්‍රියාවට ඔබට, ඔබ පවුලේ අයට සහ ඔබ ඇතිදැඩි කළ දෙමවුපියන්ටත් පින් අයිති වෙන්ට ඕන. එමෙන්ම ඔබ සමග මේ සම්බන්ධව කැපවීමෙන් ක්‍රියා කළ අනෙකුත් නිලධාරී මහත්ම මත්මින්ටත් ගොඩක් පින්. මොකද මැද පෙරදිග සේවය කරන කාන්තාවන් තරම් තාඩන පීඩන වලට ලක්වෙන වෙනත් අය නැති තරම්. (බ)
මගේ මතය නම් පින් දිය යුත්තේ තලතා අතුකෝරල මැතිනියටයි.මන්ද යත්, අපි පසුගිය කාල වකවානුවේ පැමිණිළි කාර්යක්ෂමව විභාග වනවා නොදුටු නිසා. ඇමති තුමියගේ උපදෙස් හා අධීක්ෂණ යටතේ මේ ලෙස සේවය කරනවා ඇති. කෙසේ වෙතත් නැවතත් ගරු ඇමති තුමියට මාගේ ස්තුතිය පුද කරමී. (ස)
දිනිත් ඔබගේ කතාව මා අගය කරමි. සෞදියේ තානාපති කාර්යාලය ගැන දන්නේ සෞදියේ වැඩ කරන කෙනෙක් පමණි. (ස)
තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ (නි)
ගොඩාක් සන්තෝෂයි. දැන් නම් සෞදි ඉන්න අයට යහපාලනයක් ලැබිලා. මහත්වරුන්ට ගොඩක් පින්! (නි)
අවුරුදු 15ක් ඉදලත් වන්දි මුදල මෙච්චරද? අවුරුදු 15ක් ලංකාවේ ගාමන්ට් ෆැක්ටරියක වැඩකළත් ලක්ෂ 18කට වඩා හම්බකරන්න පුළුවන්නේ(දිල්).
අනේ සුනිල් ඔයාල වගේ අය කිසිම දෙකින් සැහීමකට පත් වෙන්නේ නෑ. මේ මනුස්සයට අවුරුදු 15කින් පඩි හම්බ වෙලා නෑ. එහෙම තියෙද්දී ලක්ෂ 18ක් දීල ගමට එව්ව එකම මදිද..හැම දේකම වැරැද්ද දකින්න එපා. ඔයාල වගේ හිතන අය නිසා තමයි මේ රට අගාධයට යන්නේ. (ස)
රොෂාන් ගුණවර්ධන මහත්මයාට ගොඩක් පින්! බුදුන්ගේ සරණයි ඔබතුමාට! (නි)
ලොකු පිනක් සවුිදි මොනතරම් කරදරද ඒ මුහුණු වලට සිනාව දුන් මහත්වරුන්ට බෙහෙවින් පිං (ම)
අවුරුදු 15ක් අපේ අසරණ මනුස්සයෙක් පඩි නැතුව හිටපු එක ගැන පැමිණිළි කරනකල්ම දන්නෙත් නැතුව තානාපති නිලධාරීන් පොල් ගෑවද ?....පැමිණිළි කරලත් අවුරුදු 3ක් යනකං පියවරක් ගන්න බැරි වෙලා ....පාස්පෝට් අලුත් කරන්න කියල කාර්යාලයටම ආපු කෙනෙක්ව බේර ගත්ත කියල පුරසාරම් දොඩවනව, ඒක හපන්කමක් නෙමෙයි....හරි නම් ලැජ්ජ වෙන්න ඕන....මොකද එහෙමවත් නිලධාරීන්ගෙ ළඟටම හොයාගෙන ආවෙ නැත්නම් ඒ අසරණ මනුස්සය මැරෙනකල්ම ඒ ගෙදර හිර වෙලා ඉන්න තිබුන.....තව කී දෙනෙක් මේ වගේ හිර වෙල ඇතිද ? (බ) ලංකාවෙ මනුස්සයෙක් සවුදියට රස්සාවට ආවම ඒ මනුස්සය ගැන නිතර හොයා බලන ක්‍රමවේදයක් අපේ එම්බසියෙ නැහැ...ඇහුවොත් කියන්නෙ සවුදියෙ නීති අනූව එහෙම කරන්න බැහැ කියල..ඒත් විශේෂයෙන් පිලිපීන් එම්බසිය එහෙම තමන්ගෙ ශ්‍රමිකයන් ගැන නිතරම හොයල බලල හොඳ අවධානයෙන් ඉන්නව (ලාංකිකයන්ට වඩා මෙහෙ ඉන්න පිලිපීන් ශ්‍රමිකයන් ගනන විශාලයි)...ඇයි අපේ නිළධාරීන්ට එහෙම කරන්න බැරි ? තමන්ගෙන් කොහොමත් වෙන්න ඕන රාජකාරියක් කරල පත්තරේ නම දා ගන්නවට වඩා, පොදුවේ හැමෝටම ප්‍රයොජනවත් වන වැදගත් ක්‍රමවේදයක් හදල පත්තරේ නම දා ගත්ත නම් නේද මහත්තයෝ වටින්නෙ ?